HUTCH 5G ශ්‍රී ලංකාවට


1
1 point

5G, එහෙම නැත්නම් පස්වෙනි පරම්පරව මේ වෙද්දී ශ්‍රී ලංකාවට පැමිණෙමින් ඇති අතර ලෝකය පුරා විවිධ සේවා සපයන්නන් මෙය පරික්ෂා කරමින් පවතී. මේ අතර Hutch ආයතනය ගැන කතා කලයුතුමයි.

Hutch මිට දින කිහිපයකට පෙර කොළඹ One Galle Face හි Hutch arcade එක තුලදී ප්‍රථම වතාවට Hutch 5G network එක ජනතාවට වීවෘත කරන ලදී.

5G ගොඩක් වේගවත් වගේම අඩු පමාවක් (latency) සහිත බැවින් පෙර 3G, 4G සාපේක්ෂව විශාල ප්‍රයෝජන ප්‍රමාණයක් ලබාගත හැකි තාක්ෂණයකි. උදාහරණයක් ලෙස මෙලෙස පමාව අඩු වීම එනම් latency එක අඩු වීම නිසා පිට රටක වෛද්‍යය වරයකු හට ශ්‍රී ලංකාවේ රෝහලක රෝබෝ තාක්ෂනය හරහා සැත්කමක් සිදුකිරීමට පවා හැකිවේ.

Hutch ආයතනය මෙහිදී තමන්ගේ 5G හැකියාව ශ්‍රී ලංකාවට පෙන්වූ අතර එහි සඳහන් වූ වේගය 1800 Mbps වන අතර මෙය 5G එක්ක සලකා බැලීමේදී ඉතාමත් හොඳ අගයකි. එසේම මේ වන විටත් one galle face hutch arcade එකෙහි 5G base station එකක් බලාගත හැකි අතර මෙය මෙතෙක් 5G ගැන කතා කරද්දී භාවිත කල තාක්ෂණයට හාත්පසින්ම වෙනස් තාක්ෂණයක් යොදා ගන්නකි.

No description available.

5G හි frequency එනම් සංඛ්‍යාත පරාසය ඉතා ඉහල බැවින් සමස්තයක් ලෙස තරංග ආයාමය ඉතා කුඩා අගයකි. සරලවම අපේ TV සහ radio signal ගොඩක් දුරකට බාධක මැද්දෙන් උනත් පැමිණියත් x ray කිරණ කාමරයකින් වත් පිට පමිනෙන්නේ නැති බව අපි සැම දන්නා කරුණකි. එනමුත් TV කිරණ වලින් අපට හානියක් නොවුනද x ray එතරම් යහපත් වන්නේ නැහැ. මොකද එහි ශක්තිය සාපේක්ෂව වැඩි නිසා. 5G වලදීත් මෙවැනි සංසිද්දියක් වන නිසා 5G පරාසය ගොඩක් අඩුයි. එනම් ප්‍රදේශයක් ආවරණයට ලොකු base stations ප්‍රමාණයක් අවශ්‍යයි. මේ ගැටලුව විසඳීමට hutch ආයතනය 5G භාවිත කරනුයේ data transmission සඳහා පමණක් වන අතර signal සඳහා තව දුරටත් 4G භාවිත කරයි. මෙය non standalone ලෙස හඳුන්වයි. මෙහි ඇති වාසිය 4G දැනටමත් stable නිසා 5G සාපේක්ෂව ඉක්මනින් ශ්‍රී ලංකාව පුරා ලබාදීමට හැකි වේ.

Hutch ආයතනය මේ වන විටත් රටවල් ගණනාවක තමන්ගේ 5G network එක commercial වශයෙන් නිකුත් කර ඇත. ශ්‍රී ලංකාවේ hutch ඇතුළු ආයතන මේ වන විට 5G trials සිදු කරන අතර නුදුරේදීම අපිට 5G experience කිරීමට හැකි වෙනු නොඅනුමානයි.

වැඩි දුර විස්තර දැනගන්න SL Geek Hutch 5G Video එක බලන්න.

HUTCH 5G DIALOG 5G Mobitel 5g unlimited high speed internet sri lanka sinhala internet speed test sri lanka best internet sri lanka fastest router sim sri lanka


Like it? Share with your friends!

1
1 point
SL Geek

0 Comments

Your email address will not be published. Required fields are marked *