සුභ දවසක්,

අද ඔයාලා එකතු වෙලා ඉන්නේ HTML පාඩම් මාලාවෙ 7 වෙනි පාඩමත් එක්කයි. මීට කලින් අප සාකච්චා කරපු HTML පාඩම් මාලාව පහතින් දක්වලා තියෙනවා. බලපු නැති කවුරුහරි ඉන්නවනම් බලන්න පුළුවන්.

  1. HTML හැදින්වීම හා ඉතිහාසය #පාඩම් මාලාව 01
  2. Basic HTML Tags හදුනගනිමු #පාඩම් මාලාව 02
  3. Simple Web Page එකක් හදමු. #HTML පාඩම් මාලාව 03
  4. වෙබ් පිටු නිර්මාණය #HTML Text Formatting Explained #Lesson04
  5. HTML Style වලින් වැඩකරන්න ඉගෙනගමු #පාඩම් මාලාව 05
  6. HTML Page එකකට Image එකක් Add කිරීම. #පාඩම් මාලාව 06

 

ඔයාලා දන්නවා HTML වෙබ් පිටුවක් තවත් වෙබ් පිටුවක් සමග සම්බන්ධ කරන්න මේ Hyperlinks යොදාගන්නවා.  අපි බලමු මේ hyperlink එකක් හදන්නේ කොහොමද කියලා.

HTML Links – Syntax :

OUT PUT:
home page

මෙන්න මේක තමා hyperlink එකක structure එක. hyperlink එකක් ලියන්නේ anchor ටැග් එකක් ඇතුලේ  <a></a>.  href කියන්නේ  url එක නේ. ඒ කියන්නේ ඇන්කර් එක link විය යුතු තැන. ඒක ලියන්නේ open කරපු anchor එක ඇතුලේ   <a href=”url” >.  ඊළඟට දිස්විය යුතු දේ, ඒක වචනයක් වෙන්න පුළුවන් පින්තූරයක් වෙන්න පුළුවන්  ඕන එකක්. ඒක තමයි අපි ලින්ක් කරන්නේ. ඒක ලියන්නේ anchor ටැග් දෙක අතරේ .  ඊට පස්සේ අපිට ටැග් එක close කරාම </a> වැඩේ ඉවරයි.මෙන්න මේ structure එකට අපිට එක එක Attribute යොදාගෙන එක එක වැඩ කරන්න පුළුවන්.

 

The target Attribute

OUTPUT :

home page

අපිට පුළුවන් අපි මේ hyperlink කරන link එක open වෙන්න ඕන target එක තීරණය කරන්න. අපිට අලුත් tab window එකකින් open වෙන්න හදන්න මේ විදිහට පුළුවන්. <a tag තුළ  target=”_blank” ලෙස සදහන් කරලා New Tab එකකට ගන්න පුලුවන්. උදාහරණයකට මෙතන කරලා බලන්නකො. අන්න ඒ වගේ.

 

Image as Link

අපිට පුළුවන් image එකක් මගින් hyperlink එකක් හදන්න.  උදාහරණයක් විදිහට slgeek එකේ logo එක click කලාම home page එකට යනවා නේද, අන්න ඒ වගේ.

OUTPUT:

<a href=”https://www.slgeek.lk/php”> URL එක link කරන හැටි අපි කථා කලානේ. මතකද කථා කලා html page එකකට image add කරන්නේ කොහොමද කියලා. අන්න ඒකෙදි අපිි ඉගෙන ගත්තා <img> tag එක ගැන. ඒ වගේම alt (alt=”Logo”)  කියන්නේ මොකක්ද කියලත් කථා කලා. ඒ නිසා <img src=”https://www.slgeek.lk/wp-content/uploads/2017/08/VB.png” alt=”Logo” style=”width:210px;height:42px;border:0″> මේ කොටස ගැටළුවකුත් නෑනේ. image එක ඒ විදිහට add කරගෙන </a> tag එක මගින් hyperlink එක close කරලා දාන්න.

 

Summary

<a> =  අපි link එක ගොඩනැගුවේ මෙම ටැගය තුළයි.

href = link එක අර්ථ දක්වන්න භාවිතා කලා.

target = hyperlink එක open වෙන්න ඕන window එක තීරණය කලා.

<img>  = image hyperlink එකක් හදන්න භාවිතා කලා.

 

 

 

අදහස් දක්වන්න

අදහස්

  • පට්ට ලිපියක්
  • සතුටු දායකයි
  • අපරාදේ
  • වැඩක් නෑ
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,