සුභ දවසක් යාලුවෝ හැමෝටම. මේ ලිපිය තමා SLGeek එකේ පලමු ලිපිය. ඉතින් අද අපි බලමු සිංහල ටයිප් කරන්න ලේසිම පහසුම ක්‍රමය මොකක්ද කියලා. ඒ තමා කොයි කවුරුත් දන්න හෙලකුරු ඇප් එක, හෙලකුරු කිවුවම හැමෝටම මතක්වෙන්නේ ස්මාර්ට් ෆෝන් වලට සකසපු හෙලකුරු. ඒත් හෙලකුරු පරිගණකයටත් කිවුවොත් ඔබ පුදුම වේවිද? ඔව් හෙලකුරු දැන් පරිගණකයටත් පුළුවන්.

හෙලකුරු කිව්වොත් නොදන්න කෙනෙක් නැති තරම්. BHASHA ආයතනය හදුන්වා දුන්න Mobile App එක අපි කොයි කවුරුත් දන්නවා.දැනට මිලියන 2කට අදික ප්‍රමාණයක් භාවිතා කරන හෙලකුරු 2017/08/17 දින BMICH හිදී පැවැත්වුනු Google IO Extended 2017 දී හෙලකුරු පලමු පරිගණකාගමනය සිදු වූවා.එහිදී එලි දැක්වුනේ Chrome Extension එකක් විදිහටයි. මේක තවමත් පවතින්නේ beta සංස්කරණයක් විදිහටයි, ඒ නිසා පොඩි පොඩි Bugs තියෙන්න පුළුවන්. ඒත් මට කිසිම bug එකක් දකින්න ලැබුනේ නෑ. ඉතින් අපි බලමු හෙලකුරු Extension එක කොහොමද Chrome Web Browser එකට Add කරගන්නේ කොහොමද කියලා.

මුලින්ම Chrome Web Store එකට ගිහින් Helakuru කියලා Search කරන්න, එහෙමත් නැතිනම් මේ පහල ලින්ක් එකෙන් යන්න,

https://chrome.google.com/webstore/detail/helakuru-sinhala-input-be/mffmdedphckombglgkknaljinihhdjmp

පහල පියවර අනුගමනය කරන්න.

හරි දැන් Extension එක ඔයාගෙ Web Browser එකට Add වෙලයි තියෙන්නේ. ඔයාට දකින්න පුළුවන් දකුණු ඉහල කෙලවරේ හෙලකුරු ලෝගෝ එක තියෙනවා. අන්න එතන ක්ලික් කලාම ඔයාට භාවිතා කරන්න ඕන Key Board එක තෝරගන්න පුළුවන්.

ඔන්න දැන් ඔයාට පහසුවෙන් Web Browser එක තුල සිංහල හසුරුවන්න පුළුවන්. අපි නැවත් අලුත් ගීක් ලිපියකින් හමුවෙමු, Comment කරන්න Share කරන්න අමතක කරන්න එපා.!

අදහස් දක්වන්න

අදහස්

  • පට්ට ලිපියක්
  • සතුටු දායකයි
  • අපරාදේ
  • වැඩක් නෑ
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,