සුභ දවසක් හැමෝටම,

අද කථා කරන්න යන්නේ වෙබ් අඩවිය වේගවත් කරගන්නා තවත් එක් ක්‍රමයක් ගැනයි, මීට කලින් අපි ක්‍රම කිහිපයක්ම කථා කලා.

  1. Leverage Browser Caching issue එක Fix කරමු #Website Speed Tip 01
  2. Image Optimize කර WordPress වේගවත් කරගමු #Website Speed Tip 02
  3. Hotlink Protection Configure කිරීම හා එහි වාසි #Website Speed Tip 03

හරි.ඔයාලා බලනවා ඇති මොකක්ද මේ Gzip Compression කියන්නේ කියලා.

Gzip Compression Method එක කියන්නේ ඔයාලගෙ වෙබ් සර්වර් එකේ තියන ඕනෑම file එකක් කුඩා කර යැවීමට හැකි වේගවත් ක්‍රමයක්.

ඔයා දැනටමත් දන්නවා ඇති Zip file format එක ගැන. පොඩ්ඩක් මතකයට ගන්න. අපි file එකක් Zip කලොත් සැබෑ File Size එකට වඩා ගොඩක් අඩු වෙනවා. අපි හිතමු අපෙ පරිගණකයේ තියෙනවා සිංදු ෆෝල්ඩර් එකක්. ඒ folder එකේ file size එක වෙන්නේ 220mb . අපි ඒ folder එකම Zip කලොත් 150mb වගේ දැකගන්න පුළුවන්. File size එක අඩු උනා නේද? අර zip file එක ඇතුලේ ෆෝල්ඩර් එකේ ගීත සියල්ලම තියෙනවා. ඒත් size එක අඩු උනා zip කලාම. ඒ Zip file එක ආයේ Extract කලොත් ආයේ අර ෆෝල්ඩර් එකේ file size එක 220mb ලෙස පෙනේවි. අන්න ඔය Method එක භාවිතා කරන්න පුළුවන්එ Web Server එකටත්.

ඔබ දන්න කරුණක් තමා අපි මේ හදන වෙබ් පිටු හා එහි අන්තර්ගත සියල්ල තියෙන්නේ Web host එකක් තුළයි. එහෙම නැත්නම් Web Server එක තුළයි.එම Web server එකේ සිට තමයි අපෙ Web Browser එකට Data එන්නේ. හිතන්න slgeek.lk එකේ වෙබ් ලිපිනය ඔයා Web browser එකේ www.slgeek.lk කියලා සදහන් කරලා Web browser එකට slgeek එක load කරනවා. එතකොට slgeek website එකේ සියලු Site Content Data Transfer වෙන්නේ වෙබ් සර්වර් එක තුළ සිටයි.

  අපි කියමු slgeek homepage එකේ size එක 2mb කියලා. අන්න ඒ 2mb එකම ලෝඩ් කරනවා ඔයාගේ Web browser එකට මෙම Web server එක තුල සිට. මේ Transfer වෙන Data වෙබ් සර්වර් එක තුළින් එන්න කලින් zip කලොත් කොහොමද? Size එක අඩු වෙයි නේද? අන්න ඒ System එකට අපි Gzip Compression කියලා කියනවා.

Gzip Compression එකෙන් වෙන්නේ වෙබ් සර්වර් එක තුළ තියෙන data zip කරලා size එක අඩු කරනවා. ඒ zip කරපු data ඔයාගේ web browser එකට අරන් එනවා කුඩා zip files ආකාරයෙන්. ඒ අරන් ආව zip files ඔයාගේ Web browser එකෙන් හදුනගෙන ඔයාට Display කරනවා.

බලන්න පහත උදාහරණය, මේ Gzip Compression Method එකෙන් කොපමණ file size එකක් අඩු කරන්න පුළුවන්ද කියලා.

දැක්කා නේද කොපමණ File Size එකක් අඩු වෙනවද මේ Gzip Compression එක තුළින් කියලා. Gzip Compression කලාම වෙබ් පිටුවේ ඇති සියලුම css,js,html files,php files,doc files,media files වගේ දේවල් Zip වෙලයි එන්නේ. File Size එක අඩුවෙන් එන නිසා ඉක්මනින් Website එක අපෙ Web browser එකේ ලෝඩ් කරනවා.

ඔයාට බලන්න පුළුවන් මේ Check GZIP compression Site එකෙන් ඔයාගේ වෙබ් එක Gzip Compression කලොත් කොච්චර වේගයක් හා File size එකක් ඉතුරු කරගන්න පුළුවන් වේවිද කියලා.

 

ඔයාට දැන් අවබෝධ වෙනවා ඇති මොකක්ද මේ Gzip Compression කියන්නේ කියලා.

කොහොමද මේ Gzip Compression Method එක Configure කරගන්නේ?

අපි Gzip Compression එක Configure කරන්න යන්නේ .htaccess එක භාවිතයෙන්. ඒ නිසා .htaccess එකට යන්න. .htaccess එක නොදන්න කට්ටිය මෙන්න මේ ලිපිය බලන්න, මේකේ සරළව දක්වලා තියෙන නිසා මම අය පැහැදිලි කරන්න යන්නේ නෑ. Leverage Browser Caching issue එක Fix කරමු #Website Speed Tip 01

.htaccess එක Open කරගෙන මේ code එක පහලින්ම past කරලා save කරන්න.

[xml]

AddOutputFilterByType DEFLATE text/html
AddOutputFilterByType DEFLATE text/css
AddOutputFilterByType DEFLATE text/javascript
AddOutputFilterByType DEFLATE text/xml
AddOutputFilterByType DEFLATE text/plain
AddOutputFilterByType DEFLATE image/x-icon
AddOutputFilterByType DEFLATE image/svg+xml
AddOutputFilterByType DEFLATE application/rss+xml
AddOutputFilterByType DEFLATE application/javascript
AddOutputFilterByType DEFLATE application/x-javascript
AddOutputFilterByType DEFLATE application/xml
AddOutputFilterByType DEFLATE application/xhtml+xml
AddOutputFilterByType DEFLATE application/x-font
AddOutputFilterByType DEFLATE application/x-font-truetype
AddOutputFilterByType DEFLATE application/x-font-ttf
AddOutputFilterByType DEFLATE application/x-font-otf
AddOutputFilterByType DEFLATE application/x-font-opentype
AddOutputFilterByType DEFLATE application/vnd.ms-fontobject
AddOutputFilterByType DEFLATE font/ttf
AddOutputFilterByType DEFLATE font/otf
AddOutputFilterByType DEFLATE font/opentype

# For Olders Browsers That Can’t Handle Compression
BrowserMatch ^Mozilla/4 gzip-only-text/html
BrowserMatch ^Mozilla/4\.0[678] no-gzip
BrowserMatch \bMSIE !no-gzip !gzip-only-text/html

[/xml]

හරි දැන් ඉවරයි.දැන් ඔයාගේ සයිට් එකේ තියෙන සියළුම ‍files යන්නේ zip වෙලයි. ඒ නිසා කලින්ට වඩා වෙබ් අඩවිය ඉක්මනින් load වෙනවා. ඔයාට ඒ වෙනස බලන්න ඕනෙනම් .htaccess එක Configure කරන්න කලින් Pingdom එකෙන් Page Loading Speed එක බලාගන්න. ඊට පස්සේ .htaccess එක Configure කරලා Pingdom එකෙන් Speed එක බලන්න. වෙනස බලන්න.

අදහස් සදහන් කරලා යන්න අමතක කරන්න එපා. තවත් මෙවන් වෙබ් අඩවිය වේගවත් කරගන්නා ක්‍රමයකින් හමුවෙමු. සුභ දවසක්!

අදහස් දක්වන්න

අදහස්

‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,

ඔබත් දැන්ම ගීක් කෙනෙක් වෙන්න!

You have successfully subscribed to the Geek

There was an error while trying to send your request. Please try again.

SL Geek LK will use the information you provide on this form to be in touch with you and to provide updates and marketing.

ස්මාර්ට් ගීක් කෙනෙක් වෙන්න! ගීක් මොබයිල් ඇප් එක දාගන්න.

Download Geek App now