ලෝකය දිනෙන් දිනම අලුත් වෙනවා වෙනස් වෙනවා ඒ සමඟින්ම google maps පවා වෙනස් වෙන්න ඕන යැයි google සමාගම හිතනවා. ඒ අනුව ඔවුන් පහුගිය දා Google Maps වල අලුත් විශේෂාංග  මොනවාදැයි කියලා ප්‍රකාශයට පත්කරා.

සමහර මාර්ග වැහෙනවා අලුතින් පාරවල් ඇරෙනවා. අලුත් ව්‍යාපාර පටන් ගන්නවා වගේම ඔබ අසල ප්‍රදේශ වල විවිධ උත්සව පැවැත්වෙනවා. මේ සියල්ල ඔබේ google සිතියම තුල දිස්වන ලෙස සැකසීමටයි ඔවුන්ගේ අදහස. ඔබ කිසියම් තැනක උත්සවයක් Google Calendar එක හරහා ඔබ දින වෙන්කිරීමක් කරාම ඔබට ඊමේල් මගින් දැනුම් ද‍ෙනවා සේම, ඔබ යාමට කැමැත්තෙන් සිටින ආපනශාලාවක් “Want to Go” ලැයිස්තුවට එක්කරාම ඒ බව ද Google Maps තුල දිස් වේවි.

පලමුව ඔවුන් අදහස් කරන්නේ driving, navigation, transit සහා explore කිය අංග update කරන්නයි. ඒ මගින් වඩාත් පැහැදිලි සහා අවශ්‍යම විස්තර පරිශීලකයාට ලබා දෙන්නයි.  ඒ අනුව මුලින්ම Google Maps හි වර්ණ පහත පරිදි වෙනස් වේවි. ඊට අමතරව අලුත් අයිකන  එකතු කර තිබේවි ඉක්මනින් හඳුනාගෙන පැහැදිලි විස්තර ලබා දෙන විශේෂයෙන් ආපනශාලා, ආගමික ස්ථානථ, පාසැල්, රෝහල් සඳහා ඒ එකිනෙක වෙනුවෙන් වෙන් වූ වර්ණ සහා අයිකන හඳුනා දෙන්නයි අදහස් වෙන්නේ

1

www.blog.google

 

 

ඉදිරි සති කිහිපය තුල දී Google Maps ඉහත ආකාරයෙන් වෙනස් වන අතර සියලු API සඳහා මෙන්ම පහත සේවා සඳහා ද එය වලංගු වන බවයි google සමාගමේ blog අඩවිය සඳහන් කරන්නේ.

 

 

 

අදහස් දක්වන්න

comments

  • පට්ට ලිපියක්
  • සතුටු දායකයි
  • අපරාදේ
  • වැඩක් නෑ
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,