අපි කලින් ලිපියක කතා කරා මතකනේ gmail වල සැගවිලා තියෙන ප්‍රයෝජනවත් options  ගැන.  ඒක කියෙව්වේ නැතිනම් මෙතනින්න ගිහින් බලාගන්න‌ කෝ. 

දැන් අද කියන්නේ ජීමේල් එකට සම්බන්ධ කරලා වැඩ කරගන්න පුළුවන් plugins එහෙමත් නැතිනම් 3rd party tools  ගැන. මේ tools වලින් සාමාන්‍ය ජීමේල් ගිණුමක නොමැති පහසුකම් එක්ක වැඩි වැඩ ගොඩක් කරන්න පුළුවන්.

1.Unroll.me

අපිට ඔය එක එක මේල් ලිස්ට් වලින් එක එක මේල් එනවා නේ දැන්වීම් සහා විවිධ ඊමේල් මාර්කටින් දේවල්.  මේ tool එකෙන් අපිට පුළුවන් වෙනවා ඔය අපි subscribe වෙලා තියෙන email marketing /News Letters මේල් ලැයිස්තු වලින් පහසුවෙන් ඉවත් වෙන්න. මේක නොමිලයේ ලබා දෙන සේවාවක්.

ඔයාට කරන්න  තියෙන්නේ ජීමෙල් තුලින් මෙම සේවාවට ‌ පිවිසිලා අනවශ්‍ය මේල් ලැයිස්තු unsubscribe කරන එක විතරයි.

unroll-me

 

 

2. Boomerang

සාමාන්‍ය ජීමේල් සේවාවක් හරහා අපිට ඊමේල් ෂෙඩුයිල් කරන්න බැනේ. ඒ කියන්‌නේ නියමිත දිනයකට වෙලාවකට ඒ අදාල ඊමේල් එක යන විදියට සැකසුම් කරන්න බැහැනේ. ඒත් මේ boomerang සේවය හරහා අපිට ඒ වැඩේ පහසුවෙන්ම කරන්න පුළුවන. ඒ වගේම අදාල ඊමේල් එක ලබන්නා අදාල ඊ‌මේල් එක විවෘත කරාම අපිට නොටිෆිකේෂන් එකක් හරහා ඒ බව දැනුවත් කරන්නත් මෙම සේවය තුලින් කටයුතු යොදලා තියෙන්නේ.

හැබැයි මේක පාවිච්චි කරන්න සල්ලි ගෙවන්න වෙනවා නොමිලයේ ඊමේල් 10ක් පමණක් භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ මාසිකව $4.99 ක් ගෙවන්න වෙනවා.

boomerang

3. Rapportive

අපිට ඊමේල් එවන පුද්ගලයා ගැන හැම විස්තරයක්ම දැනගන්න ලැබෙනවා නම් කොහොමද? නම ගම වගේම රැකියාව එයාගේ සමාජ ජාලා සබැදි මේ හැම එකක්ම දැනගන්න පුළුවන් නම් වටිනවා නේද? ඒකට මේ ප්ලගින් එක තමා වැදගත්ම . මේකෙදි වෙන්නේ අපිට ඊමේල් කරනු ලබන පුද්ගලයාගේ LinkedIn ගිණුමේ ඇති දත්ත ඉදිරිපත් කිරීමයි. ඒ වගේම  mutual friends ලා පෙන්නුම් කරනවා. මේ වෙන විට LinkedIn පහසුකම තාවකාලික ඉවත් කරලා තිබ්බාත් අනිකුත් සමාජ ජාල සේවා හරහා මේ ඇප් එක ක්‍රියාත්මක වෙනවා.

 

4. Snapmail

කියවපු ගමන් මැකිලා යන විදියට email යවන්න කැමති ද? ඔයාට පුළුවන් හරියට snapchat වලදි වගේ බලලා ඉවර වුනාම self destructing email යවන්න. ඉතින් ඊමේල් එක බලලා තත්පර 60ක් වගේ ඇතුලත මේක මැකෙනවා. ඒක ආයේ ඔයාගේ මේල් එකේ වත් snapmail සර්වර් වලවත් නැ. විශේෂය වෙන්නේ මේ මැකෙන්නෙ ඊමේල් එකේ තියෙන අකුරු විතරයි. ඇටැච්මන්ට් වලට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

snapmail

5.  Secure Mail for Gmail

අපි යවන මේල් එකක් encrypt කරලා යවන්න පුළුවන් කියලා දන්නවා ද? ඒකියනනේ අපේ email එකේ ආරක්ෂාව වඩාත් තහවුරු කරනවා වගේම අදාල පණිවුඩය ලැබිය යුතු තැනැත්තාම කියවනවා කියලා සහතික වීමක් ලබාගන්න පුළුවන්. මේකට තමා මේ chrome extention එක තියෙන්නේ.  මේ විදියට encrypt කරලා යවන email අඩුම ගානේ google ට වත් කියවගන්න බෑ. ඉතින් ඇඩ්සෙන්ස් එහෙම මේකේ වැඩ කරන්නේ නැහැ.

මේක ඉන්ස්ටෝල් කරාට පස්සෙ ඔයාට compose බටන් එකට පසෙකින් ඉබියතුරක ලකුණක් පෙන්නාවි.  ඒ ලකුණ click කරලා email එක හදලා යවන්නයි තියෙන්නනේ….

දැන් ඊමේල් එක ලැබෙන කෙනාට මේක කියවන්න නම් පාස්වර්ඩ් එක දාන්නම වෙනවා. ඒ පාස්වර්ඩ් එක මොකක් ද කියලා කියන්න ඕන ඔයා. ඒ පාස්වර්ඩ් එක වෙනත් මාර්ගයකින් මේ email එක ලබන පුද්ගලයාට සන්නිවේදනය කරන එක ඔයාගේ වගකීමක්.

secure-gmail

අදහස් දක්වන්න

අදහස්

  • පට්ට ලිපියක්
  • සතුටු දායකයි
  • අපරාදේ
  • වැඩක් නෑ
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,