Mobile Platform එකට එන්න හදන Rainbow Six Siege Game එක…
Mobile එකෙන් Game Play කරන අයට සුභ ආරංචියක් අද ගෙනාවෙ.Rainbow Six Siege Game එක ගැන ලොව නොදන්න කෙනෙක් නැ.ඒ තරමටම Rainbow Six Siege Game ප්‍රසිද්දයි.Ubisoft සමාගම විසින් 2015 දෙසැම්බර් පළමු වන දින Windows සහ Xbox සඳහා Tom Clancy’s Rainbow Six Siege Game එක එළිදැක්වූවා.
දවසින් දවස Mobile Platform වල තිබෙන Game වලට අත් වන ජනප්‍රිය තාවය දුටු Ubisoft සමාගම ඔවුන්ගේ මෙ Rainbow Six Siege Game එක Multiplayer mode එක සමග ජංගම දුරකථන ගෙන ඒමට කටයුතු කරන බව ඔවුන් නිල Twitter ගිණුමේ trailer වීඩියෝවක් මගින් දැනුම් දී තිබුණා.
මෙහි කණ්ඩායම් දෙකකට බෙදා ඇති බවත්/5 VS 5 Player ඒවා කණ්ඩායමකට ක්‍රීඩකයින් 5 බැගින් ආරක්ෂකයන් සහ ප්‍රහාරකයන් ලෙස පිල් දෙකක් ඇති බව ඔවුන්ගේ වෙබ් පිටුවේ සදහන් කර තිබේ.ඒසේම Rainbow Six Siege හි Bank සහ Broner වැනි Maps ජංගම දුරකථන Platform එක වෙත ලබා දීමෙන් ක්‍රීඩකයන්ට උපායශීලීව වෙඩි තැබීමේ හැකියාව ලබාදෙන බව ඔවුන් අවධාරණය කර තිබුණා.ඉදිරියේදී තවත් Maps ලබාදෙන බවද ඔවුන් තවදුරටත් දන්වා සිටියා.මෙය Pc හා Console සගයන් සමගද ක්‍රිඩා කල හැකි බවත් Mute, Valkyrie, Smoke, Caveira හා Bandit ලෙස ආරක්ෂක චරිතත්, Ash, Sledge, Twitch, Thermite හා Hibana ප්‍රහාරක චරිතත් කිහිපයක් ද ඔවුන් හදුන්වා දී තිබුණා.

Ubisoft සමාගම වසර තුනක් පුරා නව UI එකක් සමග නිර්මාණය කරන බව සදහන් කර තිබුණා.කෙසේ වුවත් මෙය එලි දක්වන දිනයක් හෝ කාලරාමුවක් තවම නිල වශයෙන් දැනුම් දී නැත.
ඔයාලට Rainbow Six Mobile Game එක ගැන තව දුරටත් දැන ගැනීමට අවශ්‍ය නම් ඔවුන්ගේ නිස වෙබ් අඩවියට පිවිසෙන්න.
Leave a Reply