SEOClerks

සුභ දවසක්. ගොඩක් කට්ටිය වෙබ් සයිට් කරනවා නේද, ඉතින් කැමති නැද්ද SSL Certificate එකක් ඔයාගේ Domain එකට දාගන්න? අද මම කියන්න හදන්නේ Letsencrypt වෙතින් නොමිලයේ ලබා දෙන SSL certificate එක ඔයාගේ වෙබ් අඩවියට කොහොමද setup කරගන්නේ කියලා. මම පියවරින් පියවර දාන්නම්. මොකක් හරි ගැටළුවක් උනොත් උනොත් මට මැසේජ් එකක් හරි කමේන්ට් එකක් හරි දාන්න

ඉස්සල්ලාම මේ සයිට් එකට යන්න. https://www.sslforfree.com/

https://www.sslforfree.com/

වෙබ් අඩවියේ domain name එක අතුලත් කර Create Free SSL Certificate ක්ලික් කරන්න

ඊට පස්සේ තියෙන්නේ Domain verify කරගන්න. මම මෙතනින් Manual Verification තෝරගන්නවා. ඒ වගේම ඔයාට පුළුවන් Automatic FTP Verification හා Manual Verification (DNS) භාවිතා කරන්නත්. 

Manually Verify Domain ක්ලික් කරන්න

Domain Verify කරන්න එයාලා අපිට File දෙකක් දෙනවා. Files උඩ ක්ලික් කරලා දෙකම Download කරගන්න

දැන් තියෙන්නේ ඒ ඩවුන්ලෝඩ් කරපු Files දෙක cPanel >> File Manager එකට Upload කරගන්න එක. files upload කරන Path එක එයාලා අපිට දීලා තියෙනවා. 

මුලින්ම ඔයාගේ File Manager එකට යන්න. ගිහින් Hidden කරපු Files Show කරගන්න Setting icon එක ක්ලික් කරලා Show Hidden Files (dotfiles) කියන එකට ටික් එකක් දාලා Save කරන්න. 

දැන් ඔයාගේ Domain Root එකට ගිහින් බලන්න .well-known කියලා ෆෝල්ඩර් එකක් තියෙනවද කියලා. එහෙම එකක් නැත්නම් .well-known නමින් New folder එකක් හදන්න. දැන් .well-known Folder එක ඇතුලට ගිහින් acme-challenge නමින් තව Folder එකක් හදන්න. දැන් acme-challenge folder එක ඇතුලට ගිහින් අර Download කරගත්ත Files දෙකම Upload කරන්න.

acme-challenge කියන Folder එක ඇතුලට අර files දෙක upload කරගත්තට පස්සේ නැවත යන්න SSL Generate (sslforfree.com) පේජ් එකට. එතන තියෙන පහල ලින්ක් දෙක එකින් එක ක්ලික් කරලා බලන්න හරියට ෆයිල්ස් දෙක නිවැරදි පාත් එකට Upload වෙලාද කියලා. ලින්ක්ස් දෙකම වැඩ නම් Download SSL Certificate බටන් එක ක්ලික් කරන්න.

(හරියට වැඩ කරනවනම් verification link එක ක්ලික් කලාම මෙහෙම පේජ් එකකට යයි.)

Download SSL Certificate Button එක ක්ලික් කලාම මෙහෙම පේජ් එකකට එනවා. මෙතනදී ඔයාගේ වෙබ් SSL Certificate එකට අදාල Certificate(CRT), Private Key හා CA Bundle යනාදී කේතයන් ඔබට ලබාදෙනවා. ඉතුරු වැඩ ටික තියෙන්නේ cPanel එකේ. ඒ වගේම උඩින් ඔයාට sslforfree.com හි Account එකක් හදාගන්න පුළුවන්. එහෙම හදාගත්තොත් ඔයාට එයාලා Notify කරයි SSl Certificate එක Expire වෙන්න ලං වෙනකොට එහෙම. Account එකක් හැදුවේ නැතත් කමක් නෑ.

දැන් ඔයාගේ cPanel එකේ Security වල තියෙන SSL/TLS කියන option එකට යන්න.

දැන් Install and Manage SSL for your site (HHTPS) කියන එකට යන්න.

මෙතනදී තමයි අපිට අර sslforfree.com වෙතින් Generate කරගත් Certificate(CRT), Private Key හා CA Bundle යන කේතයන් ඇතුලත් කරලා වෙබ් අඩවියට SSL Install කරන්න තියෙන්නේ. පේජ් එක බැලුවම තේරේවි. ඔයාගේ Domain එක Select කරලා පහලින් Certificate(CRT), Private Key හා CA Bundle කේතයන් පිලිවෙලින් පේස්ට් කරන්න

Paste කරලා ඉවර වෙලා Install Certificate Button එක ක්ලික් කරන්න

Success!

හරි දැන් සාර්ථකව SSL Install කරගෙන අවසන්. දැන් ඔයාගේ සයිට් එකට https:// වලින් ගිහින් බලන්න වැඩද කියලා. Security Warning ආවොත් වෙනත් Web browsers වලිනුත් ට්‍රයි කරලා බලන්න. ටික වෙලාවකින් හරියයි. SSL වැඩනම් දැන් පොඩි Plugin එකක් දාගන්න තියෙනවා ඔයාගේ සයිට් එක WordPress එකක් නම්.

Add new Plugins වලට ගිහින් Really Simple SSL Plugin එක install කරගෙන Activate කරගන්න.

දැන් ඔයා WordPress එකෙන් Log Out වෙයි. නැත්නම් Page එක Refresh කරන්න. ආයේ ලොග් වෙන්න. දැන් SSL වැඩ නේද?

Plugin එකක් දැම්ම නිසා ඔයාගේ වෙබ් අඩවියට http:// වලින් යන්න බැහැ. ඒක Automatically Redirect වෙනවා https:// වලට. ඒ නිසා හදිසියේ https:// වැඩ කලේ නැත්නම් ඔයාට Admin Panel එකවත් ලෝඩ් කරගන්න බැරිවෙනවා. එහෙම උනොත් ඔයාගේ File Manager එකේ wp-contents/plugins/  කියන පාත් එකේ Plugins ෆෝල්ඩර් එකේ තියෙන Really Simple SSL කියන ෆෝල්ඩර් එක rename කරන්න නැත්නම් Delete කරලම දාන්න. එතකොට නැවත http:// වලින් load කරන්න හැකි වෙනවා.

හරි ලිපිය ඉවරයි. ඉතින් ඔයාටත් මේ ලිපිය වැදගත් උනානම් කමේන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. එහෙනම් සුභ දවසක්!

අදහස් දක්වන්න

අදහස්

Share your vote!


  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,

ඔබත් දැන්ම ගීක් කෙනෙක් වෙන්න!

You have successfully subscribed to the Geek

There was an error while trying to send your request. Please try again.

SL Geek LK will use the information you provide on this form to be in touch with you and to provide updates and marketing.

ස්මාර්ට් ගීක් කෙනෙක් වෙන්න! ගීක් මොබයිල් ඇප් එක දාගන්න.

Download Geek App now - 4Mb Only