සුභ දවසක් හැමෝටම,

ඔන්න අද වටිනා ඇප් එකක් අරන් ආවා.  ගොඩක් දෙනා කැමතියි Paid Apps භාවිතා කරන්න. මොකද Free apps වලට වඩා Paid Apps වල ඇති සුවිශේෂී Features නිසා. ඒත් ගොඩක් අය මේ Paid apps ගන්නේ නෑ. ඉතින් අන්න ඒ අයට මේක ගොඩක් වැදගත් වේවි.

මුලින්ම කියන්න ඕනේ,මේක 3rd party Apps market එකක්නම් නෙවේ. App Store එකෙන්ම තමයි මේ Paid apps Free ගන්න යන්නේ.

ඒත් කොහොමද?

App store එකේ Paid ඇප්ස් දවසෙන් දවස Free දෙනවා කියලා ඔබ දන්නවාද? හැම Paid app එකක්ම නෙවේ. Apps වල Downloads,Ratings වැඩිකරගන්න උපක්‍ර්මයක් වශයෙන් මෙයාලා දවසක් නොමිලේ දෙනවා කැමති කෙනෙක්ට මේ ඇප් එක එහෙම නැත්නම් ගේම් එක නොමිලයේ බාගත කරගන්න. උපරිම පැය 24යි දෙන්නේ. ඒ කාලට ඇතුලත ඔයා ඒ ඇප් එක බාගත්තොත් ඔයාගේ Apple ID එකෙන්.ඔයාට ඒ Paid app එක ඕන කාලයක නොමිලයේ ලබාගන්න පුළුවන්.මොකද ඔයාගේ Apple ID එකෙන් කලින් Purchase කරපු නිසා. ඉතින් දවසින් දවස Paid apps FREE දෙනවා.

කොහොමද දැනගන්නේ?

මෙන්න මේ දවසින් දවස නොමිලයේ ලබාදෙන ඇප්ස් මොනවද කියලා එකම තැනකින් බලාගන්න හැකියාව ලැබෙන ඇප් එකක් තමයි අද දෙන්න යන්නේ. මේ ඇප් එක ඔයාගේ iphone එකට install කරගෙන ,හැමදාම එදිනට ඇති Free Apps මොනවද කියලා දැනගන්න පුළුවන්. වටින app එකක් තිබුනොත් යාළුවන්ටත් කියන්න පුළුවන්. මේක තමයි ඇප් එක.

Daily App Advice

Install NOW

 

හැමදාම ඔයාට පැය 24කට වරක් මේකෙන් Notification එනවා අද දවසට නියමිත Free apps ටික release වෙලා කියලා. ඒ වෙලාවට ඔයා මේ app එක ඕපන් කරලා බලන්න ඔයාට අවශ්‍යය ඇප්ස් තියෙනවද කියලා. ඊට පස්සෙ ඔයාට නොමිලයේ ඒ ඇප් එක එහෙම නැත්නම් ඒ ගේම් එක පැය 24ක් යන්න කලින් බාගැනීමේ අවස්ථාව තියෙනවා.

එහෙනම් ඔයත් උත්සාහා කරලා බලන්නකො. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු, සුභ දවසක්!

අදහස් දක්වන්න

අදහස්

  • පට්ට ලිපියක්
  • සතුටු දායකයි
  • අපරාදේ
  • වැඩක් නෑ
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,