Dialog ආයතනය විසින් කරන ලද නිවේදනය

Dialog ආයතනය විසින් කරන ලද නිවේදනය

මේ වන විට ලංකාවේ සැම අතින් මේ පණිවුඩය අසන්නට ලැබෙනවා. රජයේ උපදෙස් පරිදි මේ වන විට සමාජ ජාල  වෙත ඇතුල් වීම නවත්වා තිබෙනවා. ඒ අනුව ලංකාවේ ISP (internet service providers) ලා කිසිම කෙනෙක් හරහා සමාජ ජාල වෙත පිවිසීමට නොහැකි වෙලා තියෙනවා.. ඒ අනුව facebook විතරක් නෙවෙයි මැසේජ් සේවා භාවිතය සීමාවෙලා තියෙනවා.

සේවාවන් සහා එවායේ ලබාගැනිමට ඇති හැකියාව

සේවාවන් සහා එවායේ ලබාගැනිමට ඇති හැකියාව

  • facebook.com  , m.facebook.com
  • instagram
  • Whatsapp
  • Viber
  • IMO

නමුත් තවමත් youtube, twitter හා Googleplus සේවා වෙත පිවිසීමට හැකියාව ඉවත් කරලා නැහැ.  WhatsApp හි අපිට භාවිතා කලහැක්කේ text format එකේ මැසේජස් හා ස්ටෝරිස් සඳහා පමණයි.

බොහෝමයක් දෙනා මේ වන විට මේ පිවිසීම අවහිර කරපු සේවා භාවිතා කිරීමට VPN සේවා යොදාගන්නවා.

VPN එකක් කියන්නේ Virtual Private Network එකක්. අපි අපේ මුලික අන්තර්ජාල සේවා සම්පාදයකයා තුලින් වෙනත් රටක හෝ virtual ආකාරයේ පවතින ජාලයට සම්බන්ධ වෙලා එයින් IP එකක් ලබාගෙන එය පාදක කරගෙන අන්තර්ජාලයට පිවිසීමයි සරලවම මෙහි ක්‍රියාවලිය. ඉතින් මේකට VPN client ඇප් එකක් හෝ Proxy සේවා භාවිතා කරන්න වෙනවා මෙන්න මෙතනදී  නොමිලයේ මෙන්ම මුදලට සේවා සපයනු ලබන අතර එහිදි බොහෝමයක් දෙනා නොමිලයේ ලැබෙන සේවා භාවිතා කරනවා.  මෙම නොමිලයේ සේවා තුල අනවශ්‍ය පරදි pop-up දැන්වීම මෙන්ම   ඒම සේවා තුල Hacker කරු මෙන්ම තොරතුරු සොරකම් කරන අය වෛරස ආදිය බහුල වශයෙන් තිබෙනවා.  සමහර මුදල් ගෙවා ලබා ගන්න සේවා තුලද මේ ආකාරයේ තත්ව පවතින්න පුළුවන්.

එසේම ඒවා භාවිතයේදී ඇති අවධානම ද පරිශීලක ඔබ දැනගෙන භාවිතා කිරීම යෝග්‍යයි. හැකි තාක් VPN හරහා බැංකු සේවා වෙත නොපිවසීමටත් ගනුදෙනු නොකරසිටීමත් වඩාත් ආරක්ෂාකාරී වෙනවා.

 

අදහස් දක්වන්න

අදහස්

‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,

ඔබත් දැන්ම ගීක් කෙනෙක් වෙන්න!

You have successfully subscribed to the Geek

There was an error while trying to send your request. Please try again.

SL Geek LK will use the information you provide on this form to be in touch with you and to provide updates and marketing.

ස්මාර්ට් ගීක් කෙනෙක් වෙන්න! ගීක් මොබයිල් ඇප් එක දාගන්න.

Download Geek App now