Facebook Geek
Follow me

Facebook Geek

Facebook Geek යනු ෆේස්බුක් තුළ පළවන වටිනා Geek ලිපි ගීක් ඔබ වෙතට ගෙන එන නව විශේෂාංගයකි. ඔබටත් මෙවන් ලිපි හමුවුවහොත් අප ෆේස්බුක් පිටුව වෙත දන්වන්න.
Facebook Geek
Follow me

Activate කරගන්න.

#111# Dial කරලා activate කරගන්න. Dialog / Hutch / Etisalat තුනටම පුලුවන්.
Pin අංකයක් තෝරාගැනීමේදි මතක තබා ගත හැකි අංකයක් තෝරාගන්න. මේ Pin අංකය
රහසිගතව තබාගන්න.

#111*1# – මුදල් යැවීම.

#111*1# dial කරන්න. එතකොට එන box එකට සල්ලි යවන්න ඕන Number එක දෙන්න. ඒ
no එකට ezcash හදලා තිබිය යුතුමයි.
ඊලගට යවන්න ඕන මුදල ඇතුළත් කරන්න. රු.5000/= යි එක පාරකට යවන්න පුලුවන්
උපරිම මුදල. ඊට වඩා ගානක් යවන්න ඕන නම් දෙතුන් පාරකට යවන්න.
ඊට පස්සෙ pin එක ගහන්න. දැන් send කරන්න.
Fee එකකුත් කැපෙනවා. රු 3000ක් වෙනුවෙන් රු60ක් විතර fee එක කැපෙනවා.

තමන්ගේ ෆෝන් එකෙන් නැතුව shop එකකින් කරනවා නම් යන්න shop එකට.
සල්ලි යවන්න ඕන ෆෝන් නම්බර් එක එයාලට කියන්න. යවන්න ඕන මුදල කියන්න.
ඊට පස්සෙ ඉතින් ඒ අදාල ගාන එයාට ගෙවන්න( Fee එකත් එක්කම). කලින් වගේම
limit එක රු. 5000/= යි.

#111*2# – රීලෝඩ්

දැනට ඔයාගේ Ezcash balance එකෙන් reload එකක් දාගන්න අපිට මේක භාවිතා
කරන්න පුලුවන්. වරකට රීලෝඩ් කරන්න පුලුවන් අවම මුදල රු.20යි. Dailog ,
Etisalat / Hutch / Airtel කියන network ඕනම එකකට අපිට reload දාගන්න
පුලුවන්. ඒ වගේම මෙතනදි අපිට පුලුවන් Dailog TV connection එක උනත්
රීලෝඩ් කරන්න.

අදාළ number එක ඇතුළත් කරලා යවන්න ඕන මුදල ඇතුළත් කරන්න ඊට පස්සේ රහස්
අංකය ඇතුළත් කරලා තහවුරු කරන්න. ගණුදෙනුව සම්පූර්ණයි නම් ඔයාට ඒ වෙලේම
reload එක ලැබෙයි.

#111*3# – බිල්පත් ගෙවීම්

මෙතනදි අපිට
1. Dialog Mobile
2. Dialog TV
3. Dialog WIMAX
4. Dialog HBB / CDMA
5. Etisalat Mobile
6. Hutch Mobile
7. Lanka Bell
8. Airtel Mobile
කියන බිල්පත් ගෙවන්න පුලුවන්.

#111*4# – සේවා බිල්පත්

මෙතනදි අපිට විවිධ සේවා වල බිල්පත් ගෙවන්න පුලුවන්.
1. ලංකා විදුලි බල මණ්ඩලය
2. ජාතික ජල සම්පාධන මණ්ඩලය
3. ලංකා විදුලි සමාගම
4. Touch reload
5. Touch test
6. Touch parking

මේ Touch reload, Touch test, Touch parking කියන තුන ගැන ඔයාලා අහලා
ඇති. මේක dailog ලා හදුන්වා දුන්නු සේවාවක්.

#111*5# – වෙළඳ නියෝජිත ගෙවීම්

මේක මුදල් යැවීම වගේම තමයි.
යම් කිසි භාණ්ඩයක් හෝ සේවාවක් වෙනුවෙන් ගෙවීමක් කරන්න මෙතනදි පුලුවන්.
එයාලා මුදල් ගෙවන්න ඕන number එක දේවි. ඒක ඇතුළත් කරලා මුදල ඇතුළත් කරලා
ගෙවීම සිදු කරන්න.

#111*6# – ආයතනික ගෙවීම්

මෙතනින් අපිට විවිධ ආයතන සදහා ගෙවන්න පුලුවන්.
මේක dial කරලා බලලා ඔයාට අවශ්‍ය ආයතනය තෝරගෙන මුදල් යැවීම සිදු කරන්න.

#111*7# – මිලදී ගැනීම්

මේක ගැන නම් මම හරියට දන්නේ නෑ. පොඩ්ඩක් හොයලා බලන්න.
කොහොමත් මේක එච්චර වැදගත් එකක් නෙවෙයි.

#111*8# – විදේශ මුදල් ලබා ගැනීම්

මෙතනින් අපිට පුලුවන් අපේ Moneygram හා payoneer වල තියන මුදල් EZcash
හරහා ලබාගන්න. අවශ්‍ය සේවාව තෝරලා ඔවුන් ඉල්ලන details ලබා දීලා
Moneygram හා payoneer වල තියන මුදල් Ezcash වලට මාරු කරගන්න.

#111*9# – නිතර භාවිතා වන අංක

මෙතනදි අපිට බලාගන්න පුලුවන් අපි නිතරම ගණුදෙනු කරන numbers list එක. මේක
ගණුදෙනු වල History එක නම් නෙවෙයි

#111*10# – ශේෂය පරීක්ෂා කිරීම

දැනට අපේ Ezcash ගිණුමේ තියන Balance එක අපිට මෙතනදි බලාගන්න පුලුවන්.

#111*11# – සාරාංෂ පරීක්ෂා කිරීම

අපි සිදු කරපු Ezcash ගණුදෙනු වල History එක තමයි මෙතන පෙන්නන්නෙ.

#111*12# – රහස් අංකය වෙනස් කිරීම

ඔයාලට Pin number එක වෙනස් කරගන්න ඕන නම් ඒක මෙතනින් කරගන්න පුලුවන්.
නමුත් දැනට භාවිතා කරන Pin no එක දන්නවා නම් විතරයි මාරු කරගන්න පුලුවන්.
Pin no එක මතක නැත්තම් Dialog Teleshop එකට යන්න.

#111*13# – සේවා ගාස්තු

Ezcash වල සිදු කරන්න පුලුවන් ඕන ගණුදෙනුවක Fee එක බලාගන්න අපිට මෙතනින් පුලුවන්.

#111*14# – භාෂාව වෙනස් කිරීම

Ezcash activate කරගන්නකොට අපිට කැමති භාෂාවක් දාගන්න පුලුවන් උනා. අන්න
එතනදි දාගත්තු භාෂාව වෙනස් කරගන්න මෙතනදි පුලුවන්.

තමන්ගේ ගිණුමේ තියන සල්ලි අතට ගන්න හැටි (withdraw)

යන්න communication / shop එකකට. ගිහින් කියන්න ezcash withdraw එකක්
ගන්න ඕන කියලා. එපාර ඔයාගෙ number එක ඉල්ලාවි. ගන්න ඕන ගානත් කියන්න.
ඔයාට ගන්න ඕන ගානට වඩා ටිකක් වැඩියෙන් ඔයාගෙ balance එක අනිවා තියාගන්න.
අඩුම තරමේ රු.100ක් වත් ගන්න යන ගානට වඩා වැඩියෙන් තියෙන්න ඕන.
එපාර shop එකේ කෙනා ඔයාගෙන් ezcash request කරාවි. ඔයා ෆෝන් එකේ display
එක on කරන් ඉන්න ලොක් එක ඇරගෙන.
Popup එකක්‍ එයි. එතන ඔයාගෙ pin එක ගහන්න. දැන් ඔයාගෙන් fee එකක් එක්කම
සල්ලි කැපෙයි. එයාගෙන් සල්ලි ඉල්ල ගන්න.

#Shadow
Sri Mafia
http://srimafia.com

 

සැ.යු. මෙම ලිපියේ අයිතිකරු Shadow වන අතර, ඔහුගේ ලිපිය අප මෙසේ උපුටා Facebook Geek වෙත අමුණා ඇත.

අදහස් දක්වන්න

comments

  • පට්ට ලිපියක්
  • සතුටු දායකයි
  • අපරාදේ
  • වැඩක් නෑ
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,