ගෙදර ඉඳන් සල්ලි හොයන විදි

මේ ලිපියෙන් අපි කතා කරමු කොහොමද නිවසේ ඉඳන් මුදල් හොයන්නේ කියලා. මේ වෙද්දී ලෝකේ පුරා තිබෙන වසංගත තත්වය එක්ක අපි හැමෝටම නිවසට වෙලා ඉන්න සිද්ද වෙලා තියනවා. මෙත් එක්ක වෙනදට වඩා ගැටළු, ආදායම් මාර්ග සම්බන්ද ප්‍රශ්න ගොඩ දෙනෙක්ට ඇති. ඒ නිසා මේ ලිපිය හැමෝටම වැදගත් වේවි කියල හිතනවා.

(1) Affiliate Marketing

Affiliate Marketing කියන්නේ සරලවම product එකක් තවත් කෙනෙක්ට හඳුන්වා දී එයින් commission එකක් ලබාගන්නවා වගේ වැඩක්. Affiliate marketing තියන වෙබ් අඩවි මේ වෙද්දී සැහෙන්න තියනවා. උදාහරණයක් විදියට www.seya.lk එක අරගමු. මෙතැනදී ඔයාට පුළුවන් Seya එකේ affiliate කෙනෙක් වෙලා ඔයාටම අනන්‍ය විච්චි link එකක් අරගන්න. මේ link එකෙන් කවුරු හරි මොනා හරි මිලදී ගත්තොත් ඔයාල මුදල් ලැබෙනවා.

උදාහරණයක් විදියට ඔයා රු.100,000 වටිනා phone එකක link එකක් share කරනවා. මේක දකින 100 දෙනෙක් ඔයාගේ link එක click කරනවා. මෙතනින් 3 දෙනෙක් ඒ phone එක ගන්නවා . හිතමු affiliate comission එක 8% කියල. එතකොට එක sale එකකින් රු.8000 බැගින් රු.24,000 ඔයාට ලැබෙනවා. එතකොට හිතන්න අපේ උදාහරණයට අනුව 97 දෙනෙක්ම link එක click කරාට මේක මිලදී ගන්නේ නැහැ කියල. නමුත් හිතමු එතනින් 10 දෙනෙක් වෙනත් product එකක් ගත්ත. උදාහරණයක් විදියට ඒ 10 දෙනා ගන්න භාණ්ඩ වල එකතුව රු.200,000 . එතනිනුත් 8% ඒ කියන්නේ රු.16,000 ඔයාට ලැබෙනවා. ඒ කියන්නේ ඔයා share කරන product එකම ගන්න අවශ්‍යයි කියල නැහැ.

දැන් 13 දෙනෙක් මොනාම හරි අරගත්තා. තව 87 දෙනෙක් ඉන්නවා. මෙයාල මුකුත් ගත්තේ නැහැ. හැබැයි ඉස්සරහට එන සති දෙක ඇතුලත මේඅය facebook ad එකක් හරි දැකල නැත්නම් google search කරලා හරි seya වෙබ් අඩවියෙන් මොනා හරි ගන්නවා. හිතමු 20 දෙනෙක් විතර ගත්ත කියල . එත් ඔයාට මේ commission එක එහෙමම ලැබෙනවා.

Seya Affiliate ගැන දැනගන්න පහල වීඩියෝ එක බලන්න. නැත්නම් මේ link එකෙන් ගිහින් register වෙන්න. https://www.seya.lk/become-an-affiliate/

(2) Blog / YouTube Channel

content marketing කියන දේ ගැනයි මේ කියන්නේ . ටිකක් වෙනස් විදියට හිතන්න පුළුවන් කෙනෙක් නම් මේ වැඩේ ලේසියෙන්ම කරන්න පුළුවන්. youtube channels , blogs ගත්තම ගොඩක් අය කරන්නේ එකම දේ. මේකට එක හේතුවක් තමයි අදහස් අඩු වීම, ඒ වගේම වෙනත් කවුරුත් නොකරපු දෙයක් කරන්න බය සහ සාර්ථක නොවේ කියා සිතීම. නමුත් ඔබ කැමති සහ ඔබ දන්නා දේවල් තවත් කෙනෙක් එක්ක බෙදාගන්න , ඔබේ අත්දැකීම් බෙදාගන්න හොඳම තැන් තමයි blog එකක් නැත්නම් youtube channel එකක්.

Youtube channel එකක් ඕනෑම කෙනෙක්ට නොමිලේ හදාගන්න පුළුවන්. ඒ වගේම තමන්ගාව තියන සීමිත සම්පත් පාවිච්චි කරලා වීඩියෝ හදන්නේ කොහොමද කියලා මම කලින් වීඩියෝ එකකදී කතා කළා.

මේ විදියටම වීඩියෝ වෙනුවට written content එහෙම නැත්නම් ලිවිම හරහා ඒ කියන්නේ blog අදවියකිනුත් මුදල් උපයන්න පුළුවන්. මේකට පාවිච්චි කරන්න පුළුවන් platforms විදියට Blogger (google සේවාවක්) වගේම wordpress ප්‍රසිද්දයි. wordpress සඳහා යම් වියදමක් යන නිසා blogger වලින් වැඩේ පටන් ගන්න පුළුවන්. මේ විදියට නොමිලේ වෙබ් අඩවියක් හදන්නේ කොහොමද කියල වෙනම වීඩියෝ එකක් ටික කාලෙකට කලින් මම හැදුවා.

මේ විදියට blog එකක් හරි youtube channel එකක් හරි පටන් අරගෙන මේකට ads දාන්න පුළුවන්. හැබැයි blog එකකට adsense පාවිච්චි කරනවානම් මේක සිංහලෙන් තියෙන්න බැහැ . අවශ්‍යනම් වෙන මොනවා හරි ads පාවිච්චි කරන්න පුළුවන්.

adsense වල වාසිය තමයි 100$ වුන ගමන් තමන්ගේ ලංකාවේ තියන බැංකු ගිණුමටම මුදල් ගන්න පුළුවන්. adsense හදද්දී වැරදිලාවත් බොරු විස්තර දාන්න එපා. ඇත්ත address පාවිච්චි කරන්න. මොකද සමහරු කියනවා රට අනුව හම්බවෙන ගැන වැඩි කියල. මේක සම්පුර්ණයෙන්ම මිත්‍යාවක්. ඔයා target කරන audience එක අනුවයි revenue එක තීරණය වෙන්නේ. උදා- ඔයා ඉංග්‍රීසියෙන් වීඩියෝ හැදුවොත් බලන්නේ USA, UK වගේ රටවල් වල අය . මෙතැනදී හම්බවෙන ගැන ගොඩක් වැඩි. හැබැයි සිංහලෙන් හැදුවොත් ලංකාවේ අය බලන්නේ. හම්බවෙන ගැන ගොඩක් අඩුයි.

Adsense ගැන හැමදේම මේ වීඩියෝ එකෙන් ….

(3) Dropshipping

හරි. මෙච්චර වෙලා කිව්ව ක්‍රම එක්ක ගනිද්දී ඕනෑම කෙනෙක්ට සාර්ථක වෙන්න පුළුවන් හොඳම ක්‍රමේ මේක. හැබැයි මේ වෙද්දී තියන තරඟයත් එක්ක ටිකක් පටන් ගැන්ම අමාරුයි. Drop shipping ගැන වෙනම post එකක් ගේන්නම්.

(4) Drop Servicing

සේවාවක් සැපයීමේදී අතරමැදියෙක් වීම තමයි drop servicing කියන්නේ. dropshipping වගේම තමයි. එකම වෙනස service එකක් තමයි සැපයෙන්නේ. මේ වෙද්දී තියන trending ම ක්‍රමයක්. මේ ගැනත් වැඩි විස්තර වෙනම post එකකින් ගේන්නම්.

(5) Fiverr

Fiver හරහා මුදල් උපයන්න ඇත්තටම පුළුවන්. මෙතැනදී වෙන්නේ ඔයා ගාව මොකක් හරි සේවාවක් තියනවනම් ඒක තවත් කෙනෙක්ට 5$ හෝ වැඩි මුදලකට විකිණීම සිදුකිරීම. උදාහරණයක් විදියට logo හදල, වීඩියෝ edit කරලා, website, apps හදලා, voice over කරලා වගේ එක එක services සපයන්න පුළුවන්. වැඩි විස්තර මේ වීඩියෝ එකෙන් බලන්න.