Follow me

Facebook Geek

Facebook Geek යනු ෆේස්බුක් තුළ පළවන වටිනා Geek ලිපි ගීක් ඔබ වෙතට ගෙන එන නව විශේෂාංගයකි. ඔබටත් මෙවන් ලිපි හමුවුවහොත් අප ෆේස්බුක් පිටුව වෙත දන්වන්න.
Facebook Geek
Follow me

— | DDos කියන්නේ මේවට | —

27-01-2015 දවසේ විනාඩි 35ක් විතර සියලුම සමාජ ජාල වෙබ් අඩවි හදිසියේ බිඳ වැටීමකට ලක් වෙනවා.
එදවස්වල මේක ගොඩක් අය අතර ලොකු කතාවක් උනා.මාක් අයියා නම් කිවුවේ මේ ඒ අයගේ කාර්මික දෝෂයක් කියල.
එත් ඉතින් සමාජ ජාල වෙබ් අඩවි සේරම එක පාර කාර්මික දෝෂ එන්නේ නෑනේ.සිරාම කතාව කිවුවොත් මේක පට්ටම Attack එකක්,

මුළු ලෝකෙම හොල්ලන් ඉන්න ලිසාර්ඩ් ස්කෙයාඩ් (Lizard Squad)ටීම් එකක් මේ ගේම ගැහුවේ.මම අහල තියන
විධියට මේ අය DDos Attack පිකාසොලා. සමහරු දැකලත් ඇති අර ගෙම්බෙක්ගේ මුනක් තියන lo

go එකක් තියෙන්නේ අන්න මේ ය ඒ..

 

 

දැන් කට්ටියට පොඩි උණක් තියනව DDos Attack කියන්නේ මොනවද ඒවා කරන්නේ කොහොමද කියල,
අද පොඩි හදින්වීමක් එක්කම මම කියන්නම් කොහොමද මේ DDOs එකක් ගහන්නේ කියලත්.
හරි ඉස්සෙල්ලාම හදින්වීමකින් පටන් ගන්නම්,

මෙහෙමයි DDos කියන්න එකේ සරල තේරුම Distributed Denial of Service Attack කියන එක.
මේකෙදි ප්‍රදාන වශයෙන් වෙන්නේ වෙබ් සයිට් එකක් හරි මොන යම් සවර් එකක් unavailable කිරීමක්..

හිතන්න අප ගෙදරට මිනිස්සු එනව යනවා හැබැයි එක පාරට මිනිස්සු 100ක් විතර ඇතුලට කඩන් බිදන් ආවොත් මොකද වෙන්නේ.
ටිකක් අමාරු වෙනවා නේද වැඩේ.මෙහෙම හිතමු ඔය ගෙදර තමා අපේ webserver එක, එන මිනිස්සු තමා විසිටර්ලා,

හිතන්න ඉස්සර OL/Al Result දාපු දවස් වලට අපි රිසාල්ට් බලන්න යන්න යද්දී මොනතරම් try කරත්
ගොඩක් දෙනෙකුට website unavailable කියලා වැටෙනවා මිසක් සයිට් එකට යන්ඩ බෑනෙ නේද??
ඒකට හේතුව වෙන්නේ ගොඩක් දෙනෙක් එකම වෙලාවේ ඒ වෙබ් සයිට් එකට යන්න හදපුවම
site එකට දෙන්න පුලුවන් උපරිම traffic limit එක පනිනවා.
ඒ කිව්වේ Website දරා සිටින webserver එක සැරේ ලක්ෂ ගානක් දෙනා භාවිතා කරද්දි අපේ පරිගනක වගේම මේකත් slow වෙනවා.
තව තව අය භාවිතා කරන්න පටන් ගද්දි මේක වැඩ නැතුවම යනවා.

DoS / DDoS Attack එකකදි වෙන්නේත් අපි බොරුවට මේ වගේ ලොකු Traffic එකක් නිිර්මානය කරනවා.
ඇත්තටම මේ වගේ Traffic එකක් නැති උනත් අපි ඇති කරන බොරු Traffic එක නිසා webserver එක හිර වෙනවා.
Bandwidth limit එකක් තියනවනම් ඒක ඉවර වෙනවා.ඒ වගේ දේවල් නිසා වෙබ්සයිට් එක unavailible වෙනවා හැම කෙනෙක්ටම.(ආසයි නේ ).

 

** DDos Attack ප්‍රධාන වර්ග 3ක් තියනවා. එකින් එක කෙටියෙන් විස්තර කලොත්,

1)Protocol Attacks-මේකෙදි වෙන්නේ webserver එකේ සම්පත් විශාල වශයෙන් පරිභෝජනය කරනවා..
data packets විශාල ප්‍රමාණයක් යොමු කරනවා webserver එකට.
මේ විදිහට වෙබ් සර්වර් එක හිර වෙනකන්ම කරනවා.
මේ attack එකක speed එක මනින්නේ Packets per second වලින්.
උදා- SYN floods, fragmented packet attacks, Ping of Death වගේ ඒවා.

2)Volume Based Attacks-මේකෙදි වෙන්නේ විශාල Traffic එකක් යවනවා targeted website එකට.
ඊට පස්සේ සයිට් එකේ bandwidth limit එක පන්නනවා..
මේ attack එකක speed එක මනින්නේ bits per second (Bps)
වලින්..උදා-UDP floods,ICMP floods වගේ ඒවා ..

3)Application Layer Attacks-මේකෙදි වෙන්නේ වෙබ් සයිට් එකේ තියන search bar හරහා විශාල විමසීම් ප්‍රමාණයක් කරනවා.
සාමාන්‍යයෙන් අපට වඩාත්ම ඵලදායි ක්‍රමය තමා මේක
මොකද කියනවනම් මේකෙන් අපේ data ඉතුරු කරගෙන attack එක දෙන්ඩ පුලුවන්.

 

** DDos Attack එකක් ගහන විදිය….

මේ ඇටෑක් එකක සාර්ථක භාවය රදා පවතින්නේ කොච්චර දෙනෙක් එක සැරේ වෙබ්සයිට් එක පාවිච්චි කරනවාද කිියන කාරනය මත.
අපි එක්කෙනෙක් දෙන්නෙක් ලොකු ට්රැෆික් එකක් දුන්නා කියලා වෙබ්සයිට් එකක් වට්ටන්ඩ බෑ සිගිති ආතල් එකක් විතරයි ඒක.
ඒ වගේම දැන් වෙබ් සර්වර් වලින් අදුරගන්නවා එකම IP Address එකෙන් ලොකු Traffic එකක් එනවනම් එහෙම IP block කරනවා.
එහෙමයි කියල බෑනේ කොහොමහරි කරන්න විදියක් තියෙන්නත් එපයි දැන් attacker කෙනෙක් කරන්නේ ලොකේ වටේම තියන පරිගනක දහස් ගනනක්,
මිලියන ගනනක් තමන්ගේ ඔඩොක්කුවට ගන්නවා.
මේ විදිහට ඔඩොක්කුවට ගන්න පරිගනක zombie computer කියලා හදුන්වනවා
(සමහර විට දැන් මේක බලන අයගේ computer තුත් වෙන කෙනෙක්ගේ zombie computer එකක් වෙන්නත් පුලුවන්. අම්මෝ ඒක නේ).
attacker කෙනෙක් මෙි විදිහට zombie computers සිය දහස් මිලියන ගනනක් එකතු කරගන්නවා.
එහෙම එකතු කරගතතු zombie computers එකතුව botnet එකක් නැත්තන් robot network එකක් කියලා කියනවා.
ඉතින් ඔය Attack කරන කෙනා අන්තප්පුරේ වගේ තියන botnet එකේ තියන පරිගනක දහස් ගනනක්,මිලියන ගනනක් මගින් DoS Attacks දෙනවා.
ඒ කියන්නේ වෙබ් සයිට් එකට බබා හම්බු වෙනවා.

දැන් කියව කියව ඉන්න එකක් කියාවි කෝ බම රෙද්ද මූ කරන විදිය කියන්නානේ කියලා..
ඉන්නකෝ ඉවසන් ඉතින් කොල්ලොනේ..ගමේනේ..

හරි ඔන්න අපි මොකක් හරි සුටී සයිට් එකක් හොයාගන්නවා (උද: www.96developer.com)*මේක සුටී නැ හරිය.

දැන් හොද පුතාලා වගේ win+r ගහලා cmd කියාල ටයිප් කරලා enter දෙන්න.
දැන් මෙහෙම type කරන්න
ping www.example.com -t
දැන් වැටේවි සයිට් එකේ IP එක [xxx.xxx.xxx.xxx] ඔන්න ඔහොම.
හරි දැන් ip එක දන්නවා කියන්න වැඩේ ලේසියි. දැන් තියෙන්නේ ඕක exit කරගන්න ctrl+c ගහලා.
පස්සේ ඕනෙනම් තව cmd එකක් ඕපන් කරනන් එකේ ගහන්න මෙහෙම
ping [ip address] -t -l 65500
ඔහොම ගැහුවම ඒ සවර් එකෙන් 65500ක data පැකට් අදින්න පටන්ගන්නවා.

(මෙහෙම ඉතීම් එක cmd එකක් ඕපන් කරන එක pc එකකින් Attack කරලානම සාමාන්‍ය සයිට් එකක්වත් වට්ට්ටන්න බෑ.
එහෙමනම් බොට්නෙට් එකක් ඕනෑම වෙන්ව හරි ඔය මැදෑ පස්සේ පස්සේ අනිත් ඒවාට ඇත ගහමුකෝ)

*ඔය දන්නැති එක එක Addon,Crack,Patch,Software Install කරද්දී ඔය එක කියන bot එකක් ඉබේම අපේ මැෂින් එකට ඉන්ස්ටෝල් වෙන්න පුලුවන්.
ඒ නිසා දන්නැති මගුලවල් දාගන්නතිව කොනකට වෙලා ඉන්න එක අගට ගුණයි,
දන්නවනේ ඉතින් ලංකාවනේ,කොල්ලොනේ,මුතු ඇටේනේ..

එහෙනම් මගේ කතාව මින් අවසානයි අසා සිටී ඔබ සැමට ස්තූතියි

#96Developer
#ShapManasick
#Harith_Dilshan
#DDos

අදහස් දක්වන්න

අදහස්

  • පට්ට ලිපියක්
  • සතුටු දායකයි
  • අපරාදේ
  • වැඩක් නෑ
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,

ඔබත් දැන්ම ගීක් කෙනෙක් වෙන්න!

You have successfully subscribed to the Geek

There was an error while trying to send your request. Please try again.

SL Geek LK will use the information you provide on this form to be in touch with you and to provide updates and marketing.

ස්මාර්ට් ගීක් කෙනෙක් වෙන්න! ගීක් මොබයිල් ඇප් එක දාගන්න.

Download Geek App now - 4Mb Only