Gmail කියන්නේ අපි  බොහෝ දෙනෙක් පාවිච්චි කරන email සේවාවක්. ගූගල් සමාගම විසින් නොමිලේ සහ ආයතන සඳහා මෙම සේවාව මිලක් යටතේද ලබා දෙනු ලැබේ. බොහෝ දෙනෙක් මේ සේවාවේ ගුණාත්මක බයව ආරක්ෂාව සහ පහසුව නිසා gmail භාවිත කරනු ලබයි.  මේ කියල දෙන්න හදන්නේ gmail තුල සැඟවුන සේවාවන් සක්‍රිය කරගන්න විදිය,

1. Enable Preview Pane

විවෘත නොකර ඊමේල් බැලීමේ හැකියාව Outlook හා yahoo ලබා දුන්න ද ජීමේල් තුල විවෘත කල යුතුවම තිබෙනවා. ගූගල් හි මේ පහසුකම සක්‍රීය කල පසු තිරය කොටස් 3කට බෙදෙනු ලබයි. ලේබල් ඊමේල් විස්තරය හා preview එක. මේ තුලින් එකින් එක ඊමේල් විවෘත නොකර සිලෙක්ට් කිරීමෙන් පමණක්ම අදාල ඊමේලය බලාගැනීමේ හැකියාව ලැබෙයි. මේ පහසු කම සක්‍රීය කරගන්න මුලින් ඔබේ ගිණුමේ settings වෙත ගොස් Labs  එකට පිවිසිය යුතුයි.

gmail-settings
දැන් එහි Preview Pane  ලෙස සෙවුමක්  දමන්න. පහත පරිදි. එවිට ලැබෙන පහසුකම Enable කලපසු ඔබේ ජීමේල් ගිණුම නැවත විවෘත වනු ලබයි.

Lab හි පැනලය සක්‍රීය කරගන්න ආකාරය

 

දැන් ඔන්න අලුත් පැනලයක් ඔබට තිරයේ පෙනෙනු ඇත. ඔබ කැමති ආකාරයට එම පැනලය තිරයේ පහත පරිදි සකසා ගත හැකිය

gmail-preview-style

gmail-preview- සක්‍රීය වූ පසු

 

2. Use Different Colored Stars

මේක ගැන නම් නොදැන ඉන්න විදියක් නෑ. දැනටමත් ඔයා දන්නවා නේ අපිට ලැබෙන ඊමේල් වලට ඉදිරියෙන් ඇති කහපාට තරු සලකුණ. මේ මගින් ඊමේලය සලකුණු කරගන්න පුළුවන්. ඒවගේම කහපාට විතරක් නෙවෙයි පාට පාට තරු වලින් මේ ඊමේල් සකුණු කරන්න හැකියාව තියෙනවා. තරු විතරක් නෙවෙයි තරු වෙනුවට වෙනත් සංකේත ද භාවිතා කරන්න හැකියාව තියෙනවා.

කරන්න තියෙන්නේ Settings වල General Settings හි  අවශ්‍ය තරු ලකුණු In Use පැත්තට drag කරලා Save කරන්න.

gmail-stars

අවශ්‍ය පැහැති  තරු ලකුණ දිස්වෙන තෙක් star සලකුණ උඩ click කරන්න.

මේ විදියට සලකුණු කරපු emails ඔයාට starred ලේබලය යටතේ උවද වෙනම බලාගන්න පුළුවන්.

 

3. යවපු email නැවත  කැඳවීම හා යවුමක් cancel කිරීම

ලියා යවන ලද ඊමේලයක් නැවත කැඳවිය හැකි නම් එය වඩාත් පහසුවක් වේවි. මොකද වැරදි පුද්ගලයෙකුට හෝ වැරදි තොරතුරු සහිතව ඊමේලය යොමු වී ඇති නම් එය ආපසු කැඳවීමේ පහසුකම වැදගත් වෙනවා. ඊමේලය යවා සුලු කාලයක් ඇතුලත එය ආපසු කැදවීම හෝ යැවීමේ ක්‍රියාවලිය නවතා දැමීමේ පහසුකම ජීමෙල් සතුව තිබේ.

පෙර පරිදිම settings වල General Settings හි  Undo Send” option එක  enable කරන්න. ඒවගේම  set the time period for cancellation. තත්පර  5, 10, 20 හෝ  30 ලෙස වෙනස් කිරීමේ හැකියාව ඇත .

gmail-undo-send-period

දැන් මේවා save  කරලා  email එකක් යවල බලමු,  Undo කිරීමෙන්  යවන ලද email එක නැවත කැඳවිය හැකිය

gmail-undo-send

වැදගත්  මෙම පහසුකම iOS Gmail app එකේ තිබුවද android app තුල නැහැ. ඒ වෙනුවට යැවීමට පළමු confirm කරගැනීමේ පණිවුඩයක් දිස්වන්නට සකස් කල හැකිය,

gmail-app-undo-send

 

4.  අපේ ඊමේල් එකට ලොග් වෙන්න නියෝජිතයෙක් [Mail Delegate] පත් කරමු.

මේ පහසුකම ගැන  ගොඩක් අය දන්නේ නැහැ. අපේ ගිණුමේ username password තව කෙනෙකුට ලබා දෙනවා වෙනුවට එයාටත් අපේ ඊමේල් ගිණුම බලන්න අවස්ථාව ලබාදෙන එක තමයි මේ කරන්න හදන්නේ. දැන් මේ අවස්ථාව ලබා ගන්න පුද්ගලයාට වැඩි වැඩ බෑ කරන්න සීමා සහිත දේවල් ටිකක් තමා කරන්න ලැබෙන්නේ.

ඊමේල් බලන්න (කියවන්න), පිලිතුරු යවන්න, අළුත් ඊමේල් යවන්න සහා ඊමේල් මකන්න වගේ සීමිත පහසුකම් තමා ලැබෙන්නේ. password වෙනස් කරන්න හෝ settings  වෙනස් කරන්නවත් වෙනත් අය එක්ක  chat  කරන්නවත් පහසුකම් නම් ලැබෙන්නේ නෑ.

මේකට ඉතින් පුරුදු විදියට settings වලට යන්න ඕන.  එතැනින් Account and Import” ටැබ් එකේ පහලට ආවාම  “Grant access to your account” කොටසේ “Add another account“ ක්ලික් කරන්න.

 

දැන් ලැබෙන window එකේ අවස්ථාව ලබා දෙන පුද්ගලයාගේ email  එක ඇතුලත් කරන්න

gmail-grant-access

දැන් ඔයා පත් කරන ලද පුද්ගලයාට  email එකක් ලැබේවි ‌ ඔබේ ගිණුමට ලොග් විය යුතු ආකාරය හා ඒ සම්බන්ධ තොරතුරු. ඔබට කැමති වෙලාවක මේ නියෝජිතයාව ඉවත් කරන්නත් පුළුවන්.

gmail-grant-access-delegates

වැදගත් – ඔබ සාමාන්‍ය gmail  හිමියෙක් නම් මේ ආකාරයේ නියෝජිතයන් 10ක උපරිමයක් දක්වා ඇතුලත් කරගත හැකි අතර  GSuit (Google Apps) ගිණුම් හිමියෙක් නම් නියෝජිතයන් 25ක උපරිමයක් දක්වා ඇතුලත් කරගත හැකිය.

5. Chat පහසුකම on/off කරමු.

Gmail  හි ලබා දෙන චැට් පහසුකම අපිට අවශ්‍ය පරිදි පාලනය කරන්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ  Settings ගිහින් Chat ටැබ් එකේ chat on / chat off  කරන එකයි. කරලා  Save Change  කරා නම් වැඩේ හරි.

6. Chat  ලිස්ට් එක දකුණුට ගමු

ඉස්සර Gmail එකේ චැට් ලිස්ට් එක තිබුණේ දකුණු අත පැත්තේ. පසුව සිදුවුණ නවීකරණය හමුවේ ඒක වම් අතපැත්තේ මෙනුවල යටටම ආවා. දැන් ඉතින් අපේ චැට් ලිස්ට් එක පෙන්න‌ෙ අඩුවෙන්. නමුත් අපිට පුළුවන් facebook  වගේ අපේ දකුණුපැත්තෙන් මේ ලිස්ට් එක දක්වාගන්න.

ඒකට කරන්න තියෙන්නේ  Settings වල Lab  එකට ගිහින් search කරන්න Right side  කියලා. දැන් ඒ ලැබෙන option  එක Enable කරලා Save කරා නම් වැඩේ ගොඩ.

gmail-chats-right-side

7.  අපි නැති වෙලාවට Auto Reply යවමු.

අපිට කිසියම් කාලසීමාවකට online ඒමට හෝ නිවාඩුවකට ඇතට යනවා කියලා හිතමු. ඒ වෙලාවට ලැබෙන email පණිවුඩ වලට පිලිතුරු යවන්න තිබුණා නම් වටිනවා නේද? හදිසි වැඩ වලදී එහෙම අපිව සම්බන්ධ කරගත හැකි වෙනත් ක්‍රමයක් ඒ හරහා දැනුම් දෙන්න තියෙනවා නම් වටිනවා.

Settings වලට ගිහින්  General ටැබ් එකේ Vacation responder on කරලා අවශ්‍ය කාල පරාසය දාල මේල් එක සකසන එකයි තියෙනනේ. ලැබෙන හැම ‌ඊමේල් එකකටම හෝ කන්ටැක්ට් ලිස්ට් එකේ අයට විතරක් මේ විදියට vacation resoponder එකක් යවන්න සකසන්න පුළුවන්.

දැන් සේව් කරා නම් සියලු වැඩ හරි.

8. ලොග් වෙලා තිබෙන වෙනත් ස්ථාන බලා ගන්න

අපි දැනට අපේ ගිණුමට ලොග් වෙලා තියෙනේනේ කොයි කොයි සිට ද මොන IP වලින්ද කියලා බලාගන්න මේ හරහා පුළුවන්. කරන්න තියෙන්නේ පරිගණකයෙන් Gmail වෙත ලොග් වූ විට ඔබට දකුණු අත පැත්තේ යටින්ම Last account activity යන්නට ඉදිරියෙන් අවසාන වරට log වූ වේලාව දක්වා තිබෙනවා. ඊට වහාම පහළින් ඇති Details යන්න ක්ලික් කිරීමෙන් ඔබට මේ මොහොතේ gmail වෙත log වී ඇති සියළුම ස්ථාන සහ උපාංග බලාගන්නට පුළුවන්. ඒ වගේම මීට පෙර භාවිත කරන ලද අවස්ථාවන් ද ඊට ඇතුළත් වෙනවා.

මෙම වාර්තාව භාවිත කරමින් ඒ අතුරින් සැක සහිත යමක් තිබේ නම් මුරපදය වෙනස් කිරීමට හෝ වෙනත් ආරක්ෂක ක්‍රියාමාර්ග ලබාගැනීමට අපිට හැකියාව ලැබෙනවා. එසේම එහිදී විවෘත වන සංවාද කොටුවේ ඉහළම ඇති Sign out of all other web sessions බොත්තම ක්ලික් කිරීමෙන් මේ මොහොතේ පරිගණක හරහා ලොග් වී ඇති පූරණයන් sign out කරලීමට හැකියාව තිබෙනවා. මෙම ආරක්ෂණ ක්‍රමවේදය හරහා ස්වයංක්‍රීයව සැක සහිත අවස්ථාවකවන් තිබුණත් ඔබට වහාම දැනුම් දීමේ ක්‍රියාපටිපාටියක් ද තිබෙනවා. [Quoted from Roar]

9. අන්තර්ජාලය නොමැතිව Email පහසුකම්

මේ කියන එක නම් වැදගත් වේවි. Gmail offline  පහසුකම තුලින් අන්තර්ජාලය නැති වෙලාවටත් gmail වෙත පිවිසීමටත් ඊමෙල් වෙත පිලිතුරු යවන්නත් හැකියාව මෙමගින් ලැබෙනවා. අපි යවන පිලිතුරු අපගේ පරිගණකය අන්තර්ජාලයට සම්බන්ධ වූ සැනින් අදාල පාර්ශව වෙත ලැබෙන පරිදි මෙම සේවාව සැකසී තියෙනවා. විශේෂත්වය වන්නේ ඊමේල් සදහා පිවිසීමේ හැකියාවයි.

ඒ සදහා කරන්න තියෙන්නේ settings වලට ගිහිල්ලා offline  ටැබ් එකේ install Gmail offline කියන link  එක click  කරන එකයි.

 

10. Email Task  ලෙස  Save  කිරීම

අපිට ලැබුණ  Emails වලට පසුව පිලිතුරු සපයන්න අපි බලාපොරොත්තු වෙනවා කියමුකෝ. එවේලේම නැතත් කිසියම් කාලරාමුවක් තුල අපිි යෝග්‍ය පිලිතුරක් දෙන්න අපේක්ෂාවෙන් මේ email  එක තියාගන්නවා. හැබැයි අපිට වැඩත් එක්ක මේකට පිලිතුරු යවන්න අමතක වෙන්න පුළුවන්. Gmail  තුල තියෙනවා විශේෂාංගයක් මේ emails  To do list  එකකට යවන්න හා අපිට මතක් කරන්න.

මුලින්ම අවශ්‍ය email එක හෝ කිහිපය select කරගන්න.

දැන් More button එක click කරන්න.

දැන් Add to Task  කියන Option එක තෝරගත්තාම තිරයේ පහලට මේ වගේ අදාල ඊමේල් ටික ලැබේවි.

දැන් අමතක වෙන්නේ නැති වෙන්න Actions  එහෙම පාවිච්චි කරන්න පුළුවන්.  මේ මෙනු එක නැති වුනොත් ඔයාට ආපහු ගන්න පුළුවන් ඒ මේ විදියට

 

Bonus එකක් විදියට මේක කියන්නම්

 ජීමේල් එකේ පෙනුම අපිට ඕන කරන විදියට Theme එකකට අනුව සකසාගන්න කියලා දෙන්නම්. කරන්න තියෙන්නේ Settings වලට ගිහින්  Theme  ටැබ් එක open  කරලා එතැනින් කැමති  එකක් හෝ අපිට කැමති photo  එකක් upload  කරලා අවශ්‍ය පරිදි හදාගන්න හැකියාව තියෙනවා.

හරි මේ විදියට හදාගත්තා නම් අපිට මේ ගැන ඔයාට හිතෙන දේ කියන්න කෝ.

අදහස් දක්වන්න

අදහස්

  • පට්ට ලිපියක්
  • සතුටු දායකයි
  • අපරාදේ
  • වැඩක් නෑ
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,