ඔයා ටිකක් heavy වැඩ වලට ලැප්ටොප් එකක් හොයනවද ? ගේමස් වලට, Online Classes වලට එහෙමත් නැත්නම් වීඩීයෝ එඩිටින් වලට වගේ ඉතින් මේ ඔක්කොටම හරියටම හරියන Lap එක තමයි Asus VivoBook Pro 15 Oled කියන්නෙ..ඉතින් අපි මෙන්න මේ Lap එක ගැන අද කතා කරමු.

මේ Lap එක අපිට Gaming Laptop එකක් කියලත් හඳුවන්න පුලුවන් ඒත් එතනින් එහාට ගිහිල්ලා All in one Lap එකක් කියලත් හඳුන්වන්නත් පුලුවන්. මොකද මේක අපිට සාමාන්‍ය භාවිතයටත් ගොඩක් හොඳ Lap එකක්. මේ Lap එක අතට ගත්ත ගමන්ම Feel වෙන දෙය තමයි කලින් Asus Lap වලට වඩා මේකෙ Asus Logo එක Side එකට වෙලා සහ ටිකක් උඩට ඇවිල්ලා තියෙනවා.පහල Photos වලින් ඒක ඔයාට බලාගන්න පුලුවන්. ඊලගට අපිට තේරෙන දේ තමයි වෙනත් Gaming Lap වලට සාපේක්ශව මේකෙ බර ගොඩක් අඩුයි.ආසන්න වශයෙන් 1.70kg වගේ බරක් තමයි අපිට මේක අතට ගත්තාම තේරුම්යන්නෙ.

ඊලඟ දෙය තමයි මේ Lap එක පසුපස Air Circular එකට පහසු වන විදියට විශාල halls ප්‍රමාණයක් බලාගන්න පුලුවන් සහ මේක ඇතුලේ Dual Fan System එකක් බලාගන්න පුලුවන් වෙනවා.ඇත්තටම මේක ගොඩක් හොඳ දෙයක් මොකද මේ Lap එක Heavy වැඩ වලට Use කරන නිසා.
මේකෙ Display එක ගැනත් කතා නොකරම බැහැ.මොකද මේකට අඟල් 15.6ක Display එකක් ලැබිලා තියනවා.ඒවගේම මේකෙ Bezels ගොඩක් අඩු කරල තියනවා.මේ ලැප් එකේ ඉදිරිපස කොටසින් 84% ක්ම ලැබිලා තියෙන්නෙ මේ Display එකට මේ 84% ලැබිලා තියෙන්නෙ පල්ලෙහා කොටසෙ පුන්චි Chin එකක් තියනව සහ උඩ පොඩි Bezel එකක් බලාගන්න පුලුවන් වෙන නිසා.ඒත් එක්කම දෙපස ගොඩක් දුරට Bezels අඩු කරල තියනව කියලත් අපිට වැඩි දුරටත් බලාගන්න පුලුවන්. මේ ලැප් එකේ තියෙන්නෙ Oled Screen එකක් නිසා True Colors අත්විඳීමේ හැකියාවත් තියනව.
ඊලග දෙය තමයි මේ ලැප් එකේ ඉහල තිබෙන Webcam එක. ඉතින් මේ කාලෙදි ගොඩ දෙනෙක් Internet එක සමඟ ඉන්න නිසා Privacy එක පිලිඹදව අපිට ටිකක් වැඩිපුර හිතන්න වෙලා තියනව. අන්න ඒ දෙයට විසඳුමක් විදියට මේ ලැප් එකේ Webcam එක වසන්න පුලුවන් විදියෙ පුන්චි කොටසකුත් මේ එක්ක ලැබිලා තියනව.

අවසාන වශයෙන් මේකෙ Audio ගැන කතා කරද්දි මේකේ Sounds Hermon Carden මගින් තමයි බලගැන්වෙන්නෙ ඒ නිසා හොඳ Detail සහිත Audio අපිට Experience කරන්න පුලුවන්.
ඔයාට මේ එකේ වැඩිදුර තොරතුරු පහල Video මගින් බලාගන්න පුලුවන්. ස්තූතියි. ඔබ සැමට සුභ දවසක්!
Leave a Reply