MSI Crosshair 15 Rainbow Six Extraction Edition

Gaming ගැන කතා කරද්දී මුලින්ම ඔලුවට එන brand එකක් තමයි MSI කියන්නේ. MSI ආයතනයෙන් හඳුන්වාදුන් MSI Crosshair 15, Rainbow Six Extraction Edition එක ගැන එහෙම නැත්නම් B12UEZ Laptop එක ගැන අපි අද කතා කරමු.

Laptop Box එකේ සිට සියල්ලම නිර්මාණය කර තිබෙන්නේ Rainbow Six Extraction Edition එකෙහි theme එකට අනුව වීම විශේෂත්වයක්. ඒ නිසා 2022 මේ වෙද්දී දැකපු colorful ම සහ stunning ම laptop එක විදියට Crosshair 15 RB 6 Extraction Edition එක හඳුන්වන්න පුළුවන්.

Box එකෙහි Laptop එකට අමතරව Paper works, Charger Cable සහ Adapters බලාගන්න පුළුවන් වගේම කලින් කතා කරපු theme එකටම සකස් වුන Gaming Mouse එකක් වගේම Mouse Pad එකක් බලාගන්න පුළුවන්.

Laptop එකේ interior වගේම exterior look එකත් එක්ක Keyboard එකේ design එක , විශේෂයෙන්ම WASD Gaming keys වෙනම Highlight වී තිබීම, Keyboard එකේ lights එක්ක සැහෙන්න premium gaming finish එකක් ලැබිලා තියනවා කිව්වොත් නිවැරදි.

Display එක ගැන කතා කරද්දී වැදගත්ම දෙයක් තමයි 165Hz refresh rate එකක් තියන display එකක් ලැබෙනවා වගේම මේ display එක QHD display එකක් (2560×1440). මේ resolution එක සහ refresh rate එකත් එක්ක අපි ආසම කරන games, ඉතාමත් උසස් display quality එකක් experience කරන ගමන්ම සෙල්ලම් කරන්න අවස්තාව තියනවා. විශේෂයෙන්ම display එක matte finish එකක් තියන නිසා reflections අවම වෙනවා. මේක අපි හඳුන්වනවා anti-glare display එකක් කියලා. අඟල් 15.6 ක display එකක් මේ විදියට අපිට ලැබෙන අතර IPS display එකක් නිසා ගොඩක් හොඳ color accuracy එකක් බලාගන්න පුළුවන්.

Performance පැත්තට තමයි ගොඩ දෙනෙක් focus කරන්නේ gaming laptop එකකට යද්දී. ඉතින් මේ device එක Core i7, 12th Gen processor එකකින් තමයි powered වෙන්නේ. ඒ වගේම GeForce RTX3060 6GB DDR6 GPU එකකින් වගේම 32GB DDR4 Ram එකකින්ද සමන්විත නිසා ඉතාමත් powerful machine එකක් විදියට හැඳින්වූවාට වරදක් නැහැ. තව දුරටත් Ram එක 64GB දක්වා upgrade කරගැනීමටද පුළුවන්. Box එකෙන් ගනිද්දිම අලුත්ම windows 11 එක්ක ලැබෙන එකත් විශේෂත්වයක්. මිට අමතරව 1TB SSD එකක් ලැබෙනවා. M.2 SSD (NVMe PCIe Gen4) Slots දෙකක් මේ විදියට ලැබෙනවා.

MSI Spectrum Backlight Keyboard එක ගැනත් අනිවාර්යෙන් කතා කල යුතුයි. Backlight එක සකස් වෙලා තියෙන්නේ  Tom Clancy’s Rainbow Six Extraction එකේ පාට වලට අනුකුලවය. ඒ වගේම පෙර කි පරිදි WASD keys highlight වී තිබීම තවත් පහසුවක් මෙන්ම gaming look and feel එක එකතු කරන්න හේතුවක් වෙනවා. විශේෂයෙන්ම Number Pad එක පවා අපට බලාගන්න ප්පුළුවන් වෙන අතරම F1 සිට F12 දක්වා keys අපට විශේෂ functions සඳහා භාවිත කිරීමට හැකියාව ඇත. (උදා – Volume up & down, Mic Mute වගේ…) .

Cooler Boost 5 Design එකත් එක්ක Fans දෙකක් සහ Pipes 6 ක් බලාගන්න පුළුවන්. මේ pipes re-design කිරීමක් සිදු කරලා තියන නිසා වෙනදට වඩා සිහින් බිත්ති සහිත pipes මෙවර භාවිතා කර තිබෙනවා. අපිට පසුපස තිබෙන vents හරහා පහසුවෙන් මෙම pipes බලාගත හැක. Cooling යනු, performance වගේම laptop පරිගණකයකට අත්‍යවශ්‍ය දෙයක් නිසා Air Vents පවා අපට සැලකිය යුතු ප්‍රමාණයක් බලාගන්න පුළුවන් වීමෙන් පෙනීයන්නේ MSI ආයතනය, Cooling සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දක්වා ඇති ආකාරයයි.

USB 3.2 Type C Port එකක්, 3.2 Type A Port එකක්, USB 2.0 Type A Port එකක් , HDMI 4K 60Hz port එකක් වගේම DC, RJ45 සහ Audio Ports වැනි අත්‍යාවශ්‍ය සියලුම ports වලින් මේ laptop එක අංගසම්පුර්ණ වී ඇත.

මේ හැමදේටම අමතරව Hi-Res Audio එක්ක ගොඩක් premium sound quality එකක් experience කරන්න පුළුවන්. Gaming වලදී මේ දේ පැහැදිලිවම වැදගත් වෙනවා. ඒ වගේම WIFI 6 technology එකත් බලාගන්න පුළුවන්. WIFI 5 වලට වඩා තුන් ගුණයක් වේගවත් WIFI 6 තාක්ෂනය නිසා Lag නොවී ගේම් සෙල්ලම් කරන්නත් පුළුවන් වෙන එක විශේෂත්වයක්. 2W speakers හරහා audio output එක සිදුවෙන නිසා ඉතාමත් decent audio experience එකක් ලැබෙනවා වගේම gaming සහ music අහන්න කැමති අයටත් ඒක සැහෙන්න වටිනා දෙයක් වේවි.

720p webcamera එකක් බලාගත හැකි අතර Game stream කිරීමට විතරක් නෙමේ video call, conferencing වලට ඇති මට්ටමේ හොඳ quality එකක් බලාගන්න පුළුවන්.

Battery එක ගැන කතා කරද්දී 3-Cell battery එකක් ලැබෙන අතර එය 53.5 Battery (Whr) වේ. සාමන්යෙන් Gaming laptop එකක් නිසා ලෝකු battery life එකකට යන්න අමාරු බව අපි දන්නවා. මොකද performance නිසා. ඒ නිසා gaming වලදී plug කරලා use කරන්න recommend කරනවා. ඒ හැර සාමාන්‍ය usage එකේදී average battery life එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

MSI Crosshair 15 Benchmarks පහත පරිදි වේ.

3D Mark Ice Storm373488 Points
3D Mark Fire Strike20895 Points
3D Mark 11 Performance Score25493 Points
Rainbow Six Extraction102 FPS
God of War55 FPS
Halo Infinite72 FPS
Battlefield 204278 FPS
Forza Horizon 572 FPS
Call of Duty Vanguard78 FPS
Far Cry 661 FPS
FIFA 22215 FPS
Monster Hunter Stories 2145 FPS
Resident Evil Village96 FPS
Cyberpunk 207735 FPS
Dying Light 258 FPS

අවසාන වශයෙන්, මේ Laptop එක පැහැදිලිවම ගොඩක් powerfull gaming laptop එකක් විදියට හඳුන්වන්න පුළුවන් වගේම ශ්‍රී ලංකාවේදී මේ වන විට මිලදී ගන්න අවස්තාව තිබෙනවා. සම්පුර්ණ specifications පහතින්.

CPUUp to 12th Gen Intel Core i7/i9 Processor
OSWindows 11 Home (MSI recommends Windows 11 Pro for business)
DISPLAY15.6″ QHD (2560×1440), 165Hz, IPS-Level
GRAPHICSNVIDIA GeForce RTX 3060 Laptop GPU 6GB GDDR6,
Up to 1752MHz Boost Clock, 140W Maximum Graphics Power with Dynamic Boost.
MEMORY16 DDR4-3200
2 Slots
Max 64GB
STORAGE CAPABILITY2x M.2 SSD slot (NVMe PCIe Gen4)
KEYBOARDSpectrum Backlight Keyboard
WEBCAM720p @30FPS
COMMUNICATIONKiller Gb LAN (Up to 2.5G)
Intel Killer™ AX Wi-Fi 6E + Bluetooth 5.2
AUDIO2x 2W Speaker
AUDIO JACK1x Mic-in
Headphone-out Combo Jack
I/O PORTS1x Type-C USB3.2 Gen1
2x Type-A USB3.2 Gen1
1x Type-A USB2.0
1x RJ45
1x (4K @ 60Hz) HDMI
BATTERY3-Cell
53.5 W/hr
AC ADAPTER240W adapter
DIMENSION (WXDXH)14.09″x 10.51″x 0.92″
WEIGHT (With BATTERY)2.3 kg