පරිගණකය Slow ද ?


විශේෂයෙන්ම windows පරිගනකයක් භාවිතයේදී තියන ලොකුම ගැටළුවක් තමයි ටික කලක් යද්දී පරිගණකය slow වීම. පරිගණකය සකස් කල හෝ මිලදී ගත් අලුත තිබුන වේගය එක්ක ගනිද්දී ගොඩක්ම අඩු වේගයක් ලැබීම බොහෝ windows පරිශීලකයින් අසතුටට පත් කරනවා කියන දේ නොරහසක්. ඉතින් මේ ලිපියෙන් අද අපි කතා කරමු කොහොමද windows නැවතත් වේගවත් කරන්නේ වගේම slow නොවී භාවිත කරන්නේ කියන එක.

(1) Start-up Apps

Startup apps යනු පරිගණක on වනවාත් සමග automatically open වෙන applications. මේ වගේ apps හැකිතාක් අවම කරන්න. මොකද පරිගණකයේ ලොකු ram ධාරිතාවයකට මේ apps වගකියනවා.

(2) Installed Softwares

පරිගණකයේ වැඩ කරගන්න අපි නොයෙකුත් මෘදුකාංග භාවිතා කරනවා. හැබැයි මේවයින් සමහරක් අපි install කරලා තිබ්බට කවදාවත් අඩුම open වත් කරන්නේ නැහැ . ඉතින් මේ app අයින් කරලා දාල ලොකු ram එකේ ඉඩක් ඉතුරු කරගන්න පුළුවන්. control panel > Program and features > Uninstall

(3) Disk Defragment

This PC එකේ ඕනෑම drive එකක් right click කරලා properties ගිහින් එකේ tools වල තියන Optimize and defragment drive කියන එකට යන්න . මේකෙන් storage devices optimize කරන්න පුළුවන් . මොකද මේවගේ file access වේගය සෑහෙන්න බලපානවා පරිගණකයේ වේගයට.

(4) Virus & Malware

Virus සහ මැල්වෙයා වර්ග පරිගනයකට ඉතා පහසුවෙන් අන්තර්ජාලය හරහා පැමිණෙන්න පුළුවන්. මේවා මගින් පරිගණකය slow වෙන්න පුළුවන්. ඒ නිසා update විච්ච බරින් අඩු virus guard එකක් පාවිච්චි කරන එක ගොඩක් වැදගත්. ඒ වගේම කලාතුරකින් malware scanner එකකින් පරිගණකය scan කරලා දාන්න.

(5) Drivers සම්බන්ද ගැටළු

වැඩිය නොහිතන කාරනාවක් වුනත් drivers නිසා පරිගණකය slow වෙන්න පුළුවන්. විශේෂයෙන්ම graphic drivers වගේ හරියට update නොවී තිබුනොත්. ඒ නිසා හැම වෙලේම හරි drivers හරි විදියට දාගෙන තියාගන්න එක වැදගත්. Drivers ගැන දැනගන්න මෙතනින් යන්න.

(6) SSD

SSD එහෙම නැත්නම් Solid State Drive කියන්නේ තවත් පරිගනකයක තිබිය යුතුම දෙයක්. SSD ගනිද්දී සාමාන්යෙන් අපි පාවිච්චි කරන HDD වලට වඩා සරලවම ඔයාගේ පරිගණකයේ සාමාන්‍ය hard එකට වඩා ගොඩක් වේගවත්. හැබැයි SSD මිලින් වැඩි. ඉතින් ඔයාගේ ලොකු main hard එක තියෙද්දීම අඩුම 120GB හෝ 240GB වගේ SSD එකක් පරිගණකයට ගහල ඒක C (System Driver) එක විදියට තියල windows දැම්මනම් ප්‍රශ්නය හරි.

SSD ගැන වැඩි විස්තර දැනගන්න මෙතනින් යන්න.

SSD මිලදී ගන්න අවශ්‍යනම් පහලින් යන්න.

වැඩි විස්තර සඳහා SL Geek Video එක බලන්න.

SSD HARD DISK vs SSD, SSD Buy sri lanka, ssd prices sri lanka , ssd sinhala explain , what is ssd , ssd sinhalen , ssd how to use , hdd vs ssd sinhala


Like it? Share with your friends!

SL Geek

0 Comments

Your email address will not be published. Required fields are marked *