පරිගණකයට Drivers දාගමු


1
1 point

පරිගණකයක් හරි හැටි ක්‍රියාත්මක වෙන්න නම් අනිවාර්යෙන්ම අවශ්‍ය දෙයක් තමයි software සහ hardware අතර හරි සම්බන්ධයක්. ඒ කියන්නේ අපේ operating system එක (windows වගේ) එක්ක වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ ඔයාගේ graphic cards ඇතුළු වෙනත් උපාංග වලට. මේ නිසා තමයි අපේ පරිගණකයට printer එකක් usb වලින් connect කලත් වෙලාවකට වැඩ කරන්නේ නැත්තේ.

මෙතැනදී තමයි drivers අවශ්‍ය වෙන්නේ. drivers වලින් කරන්නේ අපේ පරිගණකය එක්ක මේ කිව්ව devices හරියටම සම්බන්ධ කරන එක. ඉතින් ඒ නිසා හරිම drivers හරියට දාගන්න එක ගොඩක් වැදගත්.

Drivers දාද්දි පති දෙකක් තියනවා. එකක් තමයි මේ දාන driver එක ඔයාගේ දැනට තියන operating system එකට support කරන්න ඕනේ . ඒ කියන්නේ windows 10 වලට windows 7 වල drivers බොහෝ විට වැඩ නොකරන්න පුළුවන්. ඒ එක්කම අනික් පැත්තෙන් ඒ driver එක ඔයාගේ device model එකට ගැලපෙන්න ඕනේ . උදාහරණයක් විදියට graphic card එකක් නම් , මේ brands , model numbers වගේ ගොඩක් සාධක බලපානවා. ඉතින් හදිසියේ හරි drivers cd එහෙම නැති වෙලා නම් හෝ හම්බවුනේ නැත්නම් ටිකක් මහන්සි වෙලා හරිම එක හොයාගන්න ඕනේ. සමහර drivers බලු බැල්මට හරි වගේ, එත් වැඩ කරගෙන යද්දී තමයි තේරෙන්නේ.

සමහර USB devices plug and play. මේවට drivers ඕනෙම නෑ. හැබැයි බහුතරයක් එහෙම නෑ. තව දෙයක් තමයි drivers install කරනවා වගේ මේවා up to date තියාගන්න ඕනේ. විශේෂයෙන්ම graphic drivers. මේවා update වෙලා නැත්නම් හරි drivers තිබ්බත් වැඩක් නැහැ.

දැන් තියන ලොකුම ගැටලුව, කොහොමද drivers download කරන්නේ ? සාමාන්යෙන් ඔයාට ඔයාගේ device model එක , උදාහරණයක් විදියට “Canon LBP6030 Driver Download for windows 10” මේ වගේ google search කරලා අරගන්න පුළුවන්. හැබැයි හැම දෙකටම මේක ලේසි නැහැ.

මම මෙතැනදී recommend කරන්නේ 3DP Chip එක පාවිච්චි කරන්න කියල . මේක download කරන්න පහලින් පුළුවන්. මේක install කරගන්න. පොඩි tool එකක්. මේකෙන් පෙන්නනවා ඔයාගේ පරිගණකයේ මේ වෙද්දී නැති drivers මොනවද කියල. ඉතින් ගොඩක් ලේසියි. one click download කරගන්න පුළුවන්.

ඒ එක්කම කියන්න ඕනේ මේ වෙද්දී ගොඩක් devices වලට drivers windows 10 වගේ ඒවගෙන් auto ගන්නවා. හැබැයි මෙහෙම ගත්තත් වෙලාවකට මෙවගේත් ප්‍රශ්න එනවා. කොහොම වුනත් 3DP Chip හෝ තව එකක් තියනවා driver easy. මේ දෙකෙන් එකකින් ගොඩක් පහසුවෙන් drivers දාගන්න පුළුවන්.

වැඩි විස්තර දැනගන්න SL Geek Drivers ගැන දාල තියන වීඩියෝ එක බලන්න.

Windows Drivers install how to drivers for windows desktop laptop driver software free sl geek how to install drivers sinhala sri lanka


Like it? Share with your friends!

1
1 point
SL Geek

0 Comments

Your email address will not be published. Required fields are marked *