සුභ දවසක්,

අපි අපෙ වටින දත්ත රැකගන්නේ බොහොම අමාරුවෙන්.  පරණ ෆොටෝස්,සිහිවටනයන්,ලිපිගොනු,වීඩියෝ මේ වගේ වටින දේවල් ඔබද ආරක්ශාකාරීව පරිගණකයේ හෝ මතක උපාංග වල ගබඩා කරගෙන ඇති. අමුත් එය ඇත්තටම ආරක්ෂාකාරිද? පරිගණකයේ දෘඩ තැටියට හානි උනොත්? මතක උපාංග වලට හානි උනොත්? ඒ වටිනා දත්තයන් ඔබට නැති වී යනවා නේද?

ඒත් අද Cloud Storage  තියෙනවා.

Cloud Storage කියන්නේ මොකක්ද?

Cloud Storage කියන්නේ වලාකුලක රදවා ඇති මතකය යන්නයි. ඇත්තටම මේවා අහසේ තියෙන වලාකුළු වලද තියෙන්නේ? නෑ මේවා තියෙන්නෙත් Servers වල. අපිට මේ Cloud Servers වලින් යම් කිසි ධාරිතාවයකින් යුත් Storage එකක් හම්බවෙනවා. ඒ තුල අපිට අපේ වටින කියන සියළු දත්තයන් රැදවිය හැකිය. මතක තියාගන්න මේක තියෙන්නේ  ඔබේ පරිගණකයේ නොවන බව. ඔබේ Cloud Storage ගිණුමට ඇතුළු වීම සදහා ඔබට මුරපද‍යක් ලැබෙනවා. එමගින් ඔබේ දත්තයන් පිලිබදව ආරක්ශාව ගැන බියවිය යුතු නැත. එපමණක් නොව මෙම Cloud Services තුළට අපට ඕනෑම Internet සහිත උපාංග‍යකින් පිවිසීමට හැකිවීම ඉමහත් වාසියකි.

මම තවත් පැහැදිලි වෙන්න පුංචි උදාහරණයක් දෙන්නම්. මම මගේ කුඩා කල ෆොටෝස්, මගෙ වටින files මම ආරක්ශාකාරීව මගෙ Laptop Hard Disk එකේ ගබඩා කරලා තියෙනවා. ඒත් එක්කම ඒ සියල්ල මගෙ Cloud Storage එකටද Upload කරනවා. අවුරුදු 3,4ක් ගිහින් හදිසියේ මගෙ Laptop එකේ Hard disk එක පිච්චෙනවා. දැන් මට කරගන්න දෙයක් නෑ, මම ගොඩක් කල් ඉදන් පරිස්සම් කරපු සියළු දත්ත විනාශයි. ඒත් එක්කම මට මතක් වෙනවා ඒ දවස් වලම මම මගෙ දත්තයන් Cloud එකකට දැම්මා කියලා. ඔන්න මම මගෙ ෆෝන් එකෙන් මගෙ Cloud Account එකට Log වෙලා බලනවා ඒ ටික තියෙනවද කියලා. මට දැකගන්න පුළුවන් එදා ඒ Upload කරපු සියල්ල අදටත් ආරක්ශාකාරීව තියෙනවා කියලා. ඊට පස්සේ Cloud Storage වල වටිනාකම මට තේරුනා. මම මගේ දුරකථන‍යටද එම සේවාව සහිත ම්ෘදුකාංගයක් ස්ථාපිත කර මගේ ෆෝන් එකේ සියළු ෆොටෝස් විඩියෝස් එම cloud එකට auto upload වීමට සැකසුවා.

 

බලන්න එදිනෙදා ජීවිතයට මෙම Cloud Storage කොච්චර වැදගත් වෙනවද කියලා. මම මෙතනදී කථා කලේ Cloud Storage ගැන. ඊට අමතරව cloud computing අපිට භාවිතා කරන්න ඉඩ සලසා දී තිබෙනවා, මෙම සියල්ල ඇත්තේ Deep Web තුළයි. එනම් ඔබේ කිසිම දත්තයක් සෙව්ම් යන්ත්‍ර වලට ආවරණය වන්නේ නෑ. හරීන් සහෝදරයා ලියපු මෙම ලිපියේ තියෙනවා මේ Deep Web ගැන. 

 

2017 වන විට ලෝකයේ හොදම Cloud Storage  තමයි මේ.

1.Dropbox

අපිට Dropbox තුළ ලියාපදිංචි වූ විට නොමිලයේ  2GB ලැබෙනවා. අපිට ඒක වැඩිකරගන්න පුළුවන් 16GB දක්වා ඔයාගේ referring friends ලා මාර්ගයෙන්,එපමණක් නොව  ඔබේ ios/Android දුරකථනයටද Dropbox ස්ථාපිත කරගත හැක.

Price: 2GB free. 1TB for $10 a month


2.Google Drive

Google Drive යනු ගූගල් ආයතනය විසින් සපයනු ලබන Cloud Storage සේවාවකි. නවීන ඇන්ඩ්‍රොයිඩ් දුරකථන තුළ මෙම සේවාව Default app එකක් ලෙස  Google Drive නමින්  දැකගන්න පුළුවන්. එපමණක් නොව  ඔබේ ios/Android දුරකථනයටද Google Drive ස්ථාපිත කරගත හැක. නොමිලයේ 15GB භාවිතා කල හැකිය.

Price: 100GB for $1.99 a month. 1TB for $9.99 a month


3. Mega

මේක අපිට භාවිතා කරන්න පුළුවන් වැඩි ධාරිතාවයක් සහිත File Upload කරන්න.  නොමිලයේ 50GB භාවිතා කල හැකි අතර ඔබේ ios/Android දුරකථනයටද Mega app ස්ථාපිත කරගත හැක.

 

 

Price: 200GB for $5.87 a month


4. OneDrive

SkyDrive ලෙසද හදුන්වන්න පුළුවන්. Windows 10 මෙහෙයුම් පද්තිධය සමග Default Application එකක් ලෙස ඔබට මෙය පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්. OneDrive සපයනු ලබන්නේ Microsoft ආයතනයෙනි. නොමිලයේ 5GB භාවිතා කල හැකි අතර ඔබේ ios/Android දුරකථනයටද OneDrive ස්ථාපිත කරගත හැක.

Price: 50GB for $1.99 a month


5. iCloud

icloud drive සපයනු ලබන්නේ Apple ආයතනය මගිනි. එම නිසා ios / mac users ලට මෙම සේවාව නැතිවම බැරි දෙයක්, එමෙන්ම Windows User කෙනෙක්ට පුළුවන් Apple official client එකක් මගින් මෙම icloud drive windows තුල භාවිතා කරන්න. නොමිලයේ 5GB ලැබෙන අතර ඉතා ලාභදායි ලෙස  ධාරිතාව වැඩිකරගත හැක.

Price: 50GB for $0.99 a month. 200GB for $3.99


6. Box

මෙයද හොද Cloud Storage එකක් වන අතර නොමිලයේ 10GB භාවිතා කිරීමට ඉඩ සලසා ඇත. එපමණක් නොව ඔබේ ios/Android දුරකථනයටද OneDrive ස්ථාපිත කරගත හැක.

Price: 100GB for around $5 a month


8. SpiderOak

මේකත් හොද Cloud Storage එකක්.එයාලගේ SpiderOakOne client එක Windows, Mac and Linux වගේ ඕන එකකට ස්ථාපිත කරගන්න පුළුවන්. නොමිලයේ දවස් 60කට 2GB ලැබෙනවා.ඔබේ ios/Android දුරකථනයටද OneDrive ස්ථාපිත කරගත හැක.

Price: 250GB for $9 a month. 1TB for $12 a month


9. IDrive

මේකත් හොද Cloud Storage එකක්. ඒත් වෙනස්ම සේවාවක් මෙයාලා සපයනවා. හදිසියේ ඔයා අතින් IDrive Storage data එකේ සියල්ල delete උනෝත් ඒ ෆයිල්ස් ටික මෙයාලා ඔයාට ගෙදරටම ship කරනවා. නොමිලයේ 5GB ලැබෙනවා.ඔබේ ios/Android දුරකථනයටද OneDrive ස්ථාපිත කරගත හැක.

Price: 2TB for $52 a year


10.Google Photo

අපිට මෙම සේවාවෙන් 16MP තරම් ගුණාත්මක චායාරූප හා 1080p සහිත වීඩියෝ ගොණු ‍රදවා තබන්න පුළුවන්. මෙම Storage එක Unlimited වන අතර ඇති තරම් ඔබගේ photos,videos upload හැක, මෙම සේවාව අත් විදීමට අවශ්‍යයනම් Google Photo නමින් ඇති ම්ෘදුකාංගය ස්ථාපිත කරගන්න.නවීන ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වලනම් මෙය Default app එකක් ලෙස පැමිණේ. ios අයටත් මෙම app එක app store එකෙන් ගන්න පුළුවන්.

 

අපි මේ කතා කලේ හොදම Cloud Storage ටික විතරයි. ගූගල්ලා ගත්තොත් එයාලගේ Cloud Services ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම ගොඩක් ප්‍රයෝජනවත් වේවි ඔයාලට. අපි ඒ ගැන වෙනම ලිපියකින් කථා කරමු. ඔයාලගෙ අදහස් සදහන් කරලා ‍යන්න අමතක කරන්න එපා. සුභ දවසක්!

 

අදහස් දක්වන්න

comments

  • පට්ට ලිපියක්
  • සතුටු දායකයි
  • අපරාදේ
  • වැඩක් නෑ
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,