Gmail භාවිතා කරද්දි එහි වැඩකටයුතු පහසු කරගන්න  අපි විසින් විවිධ Third Party Apps  පාවිච්චි කරනවා . මේ විදියට අපි යොදාගන්න ඇප්ස් ගූගල් සමාගමේ ඒවා මෙන්ම වෙනත් සමාගම් වල ඇප් ද විය හැකියි. මේවාට අපගේ ගූගල් ගිණුමේ විවිධ තොරතුරු වෙත පිවිසීමට අවස්ථාව අපි විසින්ම ලබා දෙනවා.

ගූගල් ආරක්ෂාව පිලිබඳ මැතක දී නිකුත් කරනු ලද වාර්තාවකින් කියැවුනේ google තැපැලේ ඇති අපගේ ලිපි වලට වෙනත් පාර්ශවයන්ට පහසුවෙන් ඇතුල් වී කියැවිය හැකි බවයි. email ලිපිනය ලද හා යැවුන වේලාවල් ඇතුලු බොහෝ තොරතුරු මේ තුන්වන පාර්ශවයන්ට ලබා ගත හැකි බව මෙම වාර්තාව මගින් එලි දැක්වුනා.

අද ලිපිය වෙන් කරන්නේ මේ අපි ලබා දීපු එම permission වෙනස් කරන්න ඉවත් කරන ආකාරයයි.

මේක ඉතාම පහසු ක්‍රියාවක් පහත පියවර ඔස්සේ ඔබට අවශ්‍ය ඇප්ස් ඉවත් කරන්න පුළුවන්.

පියවර 1

මුළින්ම ඔබ ඔබගේ ගූගල් ගිණුමට  පිවිසෙන්න. දැන් එහි තිබෙන ‘Sign-in and Security’ කොටසේ  ඇති  “Apps with account access”  තෝරාගන්න.

My Account

My Account

 

පියවර 2

එහිදි ඔබට දැකීමට හැකි වේවි, මේ වන විට ඔබේ ගූගල් තොරතුරු ලබාගන්නට අවසර දී ඇති ඇප්ලිකේෂණ ලැයිස්තුවක්. එහි ඇති MANAGE APPS  ක්ලික් කිරීමේන ඇප්ස් වෙත පිවිසීමට හැකි වෙනවා.

Manage Third Party Apps

Manage Third Party Apps

 

පියවර 3

දැන් අපි Gmail වෙත පිවිසීමට හැකියාව ඇති ඇප්ස් සොයාගත යුතුයි. ඊට පහසුම ක්‍රමය නම් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නම් Ctrl+F ද මැක් (ඇපල්) මෙහෙයුම් පද්ධතිය නම් Cmd+f  යොදා “has access to Gmail” යන්න සෙවිය යුතුය. දැන් ඔබට අදාල සෙවුමෙන් ප්‍රතිඵල පහත පරිදි දිස්වනු ඇත.

“has access to Gmail”

“has access to Gmail”

 

පියවර 4

ඉන් ඔබට භාවිතය අවශ්‍ය නොවන ඇප් එක තෝරා Remove Access කිරීමෙන් එය ඉවත් කිරීම කල හැකිය.

Remove Access of Apps

Remove Access of Apps

 

මේ සියල්ල අපි ඇන්ඩ්‍රොයිඩ් Mobile එකක කරන විදියත් බලාගමු.

ඔබේ Google ගිණුමේ settings බලාගන්න පහත ආකාරයට මෙනුව පාවිච්චි කරන්න

“Settings -> Google -> Google Account” 

 Google Account - Android

Google Account – Android

 

මේ ආකාරයට මාස කිහිපයකට වරක් ඔබේ ඇප්ස් පිලිබඳව නිරන්තර අවධානයෙන් සිටීමෙන් ඔබේ තොරතුරු තෙවන පාර්ශවයක් වෙතට ලැබීමට ඇති ඉඩකඩ සීමා වෙනවා. කෙසේ වෙතත් Google සමාගම සිය ආරක්ෂක ක්‍රම නැවත අධ්‍යනය කරමින් සිටින අතර එහි නව මුහුණුවරක් ඉදිරියේදී එලිදකින්න කටයුතු සුදානම් වෙනවා.

අදහස් දක්වන්න

අදහස්

  • පට්ට ලිපියක්
  • සතුටු දායකයි
  • අපරාදේ
  • වැඩක් නෑ
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,

ඔබත් දැන්ම ගීක් කෙනෙක් වෙන්න!

You have successfully subscribed to the Geek

There was an error while trying to send your request. Please try again.

SL Geek LK will use the information you provide on this form to be in touch with you and to provide updates and marketing.

ස්මාර්ට් ගීක් කෙනෙක් වෙන්න! ගීක් මොබයිල් ඇප් එක දාගන්න.

Download Geek App now - 4Mb Only