හැමෝටම සුභ දවසක්, ලිපියක් ලියන්නේ සෑහෙන කාලෙකට පස්සෙයි.

හරි අද අපි කථා කරන්න යන්නේ Black Hole කියන Downloader එක ගැනයි.

මේ Black Hole Downloader එක නිකුත් කරලා අදට මාස 8ක් වගේ වෙනවා. නමුත්  Version 2 එකෙන් පස්සේ මේ Downloader එකේ UI එක වගේම තිබුන Bug fix උනා. ඒ නිසා මේ Downloader  එක ios users ලට ගොඩක් වැදගත් වටින දෙයක් වේවි. IOS වලට තියෙන අනිත් Downloaders වගේම තමා මේකත්. නමුත් ඊට වඩා කාර්‍යක්ෂමව මේකෙන් වැඩකරන්න පුළුවන්. වටිනම දේ වෙන්නේ ඩවුන්ලෝඩ් කරන සියල්ල කෙලින්ම Photos වල සේව් වන නිසයි.

Black Hole Downloader එක ගැන.

6.2 MB නිසා මේක ගොඩක් පහසු වෙයි ඔයාලට. කොටින්ම කිව්වොත් මේක ගොඩක් සැහැල්ලු සරළ Video Downloader එකක්. අපි බලමු කොහොමද මේකෙන් Video එකක් Download කරගන්නේ කියලා. ඉස්සල්ලම පහල ලින්ක් එකෙන් Black Hole Downloader එක Install කරගන්නකෝ.

‌Install Now

 

හරි දැන් ඔයා Black Hole install කරගන්න ඇතිනේ.

දැන් ඔයාට Download කරගන්න ඕන වීඩීයෝවේ ලින්ක් එක Copy කරගන්න. මම මෙතනදී Instagram එකේ වීඩියෝ එකක link එකක් කොපි කරගන්නවා. එහෙම නැත්නම් YouTube වීඩියෝ එකක ලින්ක් එකක් වගේ ඕනෑම විඩියෝ එකක් මේකට ඔට්ටුයි.

 

හරි දැන් Install කරගත්ත Black Hole Downloader එක Open කරගන්න.

 

ලින්ක් එක Copy කරන් මෙන්න මේ Black Hole එක උඩ ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. ඔයාගේ වීඩියෝව නිකන්ම ඩවුන්ලෝඩ් වෙලා Photos එකේම Save වෙනවා.

 

හරිම ලේසියි පහසුයි. මම මේක කරන විදිහ තව පැහැදිලි වෙන්න Screenrecord එකක් පහලින් දාන්නම්. තත්පර 38යි තියෙන්නේ කැමති අය බලන්න.

අදහස් දක්වන්න

comments

  • පට්ට ලිපියක්
  • සතුටු දායකයි
  • අපරාදේ
  • වැඩක් නෑ
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,