ඇත්තටම ගුවන් යානයක ආයු කාලය තීරණය වෙන්නෙ කොහොමද ? ගොඩ දෙනෙක් හිතනව ගුවන් යානයක ආයු කාලය මනින්නෙ අවුරුදු වලින් කියල. ඇත්තටම එහෙම නෙවෙයි,
ගුවන් යානයක ආයුකාලය තීරණය වන ආකාර කිහිපයක් තියෙනව. එක ක්‍රමයක් තමයි පීඩණයට ලක්වෙන වාර ගණන(pressurization) අනුව. මොකක්ද මේ ? සරලව කිව්වොත් අපි දන්නව අඩි 10,000 වගේ උඩක ගුවන් යානයක් පියාසර කරනව කියන්නෙ ගුවන් යානයේ Frame එක යම් තාක් දුරකට පීඩනයකට එහෙමත් නැත්නම් ඇදීමකට ලක්වෙනව කියල.මේ වගේ එක අවස්ථාවකට කියනව එක pressurization Cicle එකක් කියල.මෙන්න මේ pressurization Cicle වන ගාන මත තමයි ගුවන් යානයක ආයුකාලය තීරණය වෙන්නෙ.
ඊලගට ගුවන් යානය කොච්චර දුරට Maintain කරනවද කියන කාරණාව මතත් මෙය තීරණය වෙනව.ඉතින් මේ සාධක දෙකක් පමණයි. පහල තිබෙන වීඩීයෝව මගින් මේ පිලිඹද වැඩිදුර තොරතුරු ඔබට සොයාගන්න පුලුවන් ඒවගේම පහල තිබෙන Link එක මගින් චැනල් එක Subscribe කලොත් Aviation ගැන ගොඩක් තොරතුරු ඔබට දැක ගන්න පුලුවන් වේවී.
Leave a Reply