Asus Zenbook Flip – 11 Gen එක්ක


4
4 points

Asus ආයතනය 2021 මුල් භාගයේ release කරපු laptop එකක් තමයි Asus Zenbook Flip කියන්නේ . නමින්ම තේරෙන විදියට මේක flip කරන්න එහෙම නැත්නම් දෙකට මැදින් නවන්න පුළුවන් විදියේ laptop එකක්.

Flip එක අවශ්‍ය ආකාර කිහිපයකට පාවිච්චි කරන්න පුළුවන්. එක වෙලාවක tab එකක් විදියට . Stand එකක් විදියට keyboard එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය laptop එකක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන්.

Portability පැත්තට අවොත් 13.9mm තරම් සිහින්. ඒ වගේම 1.3Kg තරම් සැහැල්ලුයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම portable. පැය 16 ක් දක්වා battery එක තියාගන්න පුළුවන්. මොකද 67wh battery එකක් ලැබෙනවා. ඒ එක්කම 60% විනාඩි 49ක් තුල charge කිරීමේ හැකියාව තියනවා.

Styles support එකත් එක්ක styles එකක් ලැබෙන නිසා වැඩ කරන්න සෑහෙන්න ප්‍රයෝජනයක් වෙනවා. කොහොම වුනත් 1080p resolution එකත් එක්ක 100% sRGB touch colorful nano edge design එකක් තියන display එකක් තමයි මේ විදියට අපිට ලැබෙන්නේ.

spec ගැන කතා කරනවානම් core i7 11th gen processor එකක් එක්ක 1TB දක්වා SSD සහ 16GB Ram එකකින් සමන්විතයි. Professional වැඩ වලට වගේම hard use කරන්නත් පුළුවන්. ඒ එක්කම standard usb port එකක් එක්ක HDMI, Thunderbolt ports දෙකකුත් ලැබෙනවා. power button එක side එකේ ලැබෙන්නේ. flip එකේ වැඩ කරද්දී එක ගොඩක් interesting. feel එක හරියට tab එකක් use කරනවා වගේ.

edge to edge keyboard එකක් එන අතර මෙතන number pad එකක් නැහැ. මොකද number pad එක touch pad එක එහෙම නැත්නම් mouse එක එක්ක combine වෙලා තියන නිසා. අපිට අවශ්‍ය ඕනෑම වෙලාවක number pad එක සහ mouse එක අතර switch වෙන්න පුළුවන්.

Sounds powered වෙන්නේ harman/kardon එක්ක. ගොඩක් හොඳ audio experience එකක් අරගන්නත් පුළුවන්. වැඩි විස්තර දැනගන්න SL Geek Review එක බලන්න.

Asus Zenbook 14 2021 Flip 11th Gen Price Specifications Sri Lanka Sinhala Full Unboxing Review


Like it? Share with your friends!

4
4 points
SL Geek

0 Comments

Your email address will not be published. Required fields are marked *