හරි ඉස්සෙල්ලා පාඩමෙන් ගෙනාවේ ලුප් නේ. හැමදාම මෙහෙම කෝඩ් විතරක් ගැන බලද්දී එපාවෙයි ඒ නිසා අද පොඩි වැඩක් කරමු.

බලමු බ්ලුටුත් මොඩියුල් එකකින් ලයිට් එකක් එහෙම පත්තු කරගන්න.

ඕනේ වෙනවා මේ වැඩේට HC 05 or HC06 මොඩියුල් එකක්. 05 වෙනස තමා එකෙන් බ්ලුටුත් සිග්නල් ලබාගන්න පුළුවන් වගේම යවන්නත් පුළුවන් මන් ගාව තියෙන්නේ 06 එකක් ඔයාලා ගන්නවානම් 05 රිසිවින් සහ ට්‍රාන්ස්මිෂන් තියෙන එකක් ගන්න ලංකාවේ මුදලින් ගන්නවානම් 850ක් වගේ තමා උපරිම වෙන්නේ

අර්ඩුයිනෝ බොර්ඩ් එකේ 5 වෙනි පින් එකට එල් ඉ ඩි බල්බ් එකේ ධන අග්‍රය  සම්බන්ද කරන්න. බලබ් එකේ රින අග්‍රය බෝර්ඩ් එකේ gnd කියන පින් එකට සම්බන්ද කරන්න.(මේවා සම්බන්ද කරද්දී 1 k වගේ රෙසිස්ටන් එකක් සම්බන්ද කරනවානම් හොදයි බෝර්ඩ් එකේ සහ බල්බ් එකේ ආරක්ෂාවට [මම නම් කරන්නෙම නැති වැඩ ☹ ] ).

 

හරි සෙට් කරමු බ්ලුටුත් මොඩියුල් එක. සැහෙන සරල වැඩක්

බ්ලුටුත් මොඩියුල් එකේ පින් එක                         බෝර්ඩ් එකේ පින් එක

Vcc                                                                                         3V or 5V

Gnd                                                                                            GND

Txd                                                                                              RX

Rxd                                                                                              TX

 

මතක ඇතුව ආර් එක්ස් ටි එක්ස් මාරු කරලා සම්බන්ද කරන්න වැඩි ආරක්ෂාවට වීසීසී පින් එක 3 v එකට සම්බන්ද කරන්න.

දැන් පෙනෙයි මොඩියුල් එකේ රතු පාට බල්බ් එක නිවී පත්තු වෙනවා.

ඉටපසේ අපිට ඕනේ වෙනවා මේ බ්ලුටුත් මොඩියුල් එකට සිග්නල් යවන්න පොඩි app එකක්

android යුසර් කෙනෙක් නම් පටාස් ගාල යන්ඩ ගුගල් ප්ලේ එකට ගිහින් ඩොන් ගාල ඩවුන් ලෝඩ් කරන්න බ්ලුටුත් ටර්මිනල් කියන app එක app එක නිකන් චොමන්ඩ් ප්‍රොම්ප්ට් එක වගේ අයිකන් එකක් තියෙන්නේ

හරි දැන් කෝඩ් එක පහල තියෙන කෝඩ් එක අප්ලෝඩ් කරන්න කලින් සිරියල් කියල තියෙන නිසා මේ කෝඩ් තේරෙයි කියලා හිතනවා.

දැන් ඉතින් කරන්ට් එක දෙමු බෝර්ඩ් එකට ඒක ඔයාලා කැමති විදියට කරන්න මන් නම් දෙන්නේ කපියුටරේ යුඑස්බී පොර්ට් එකෙන්.

දැන් පොන් එකේ ලෝක එක අරින්ඩ ☺

ඊටපස්සේ අර ඩවුන්ලෝඩ් කරගත්ත app එක ඕපන් කරලා එකේ උඩම තියෙන තිත් තුන ඔබලා කනෙක්ට් අ ඩිවයිස් ඉන් සේකුයර් කියලා තියෙන එක ඔබන්න සරලව තිත් තුන ඔබලා එන ලිස්ට් එකේ දෙවැනි එක

දැන් ස්කෑන් ෆොර් නිව් ඩිවයිස් කියන එක ඔබන්න එතකොට සර්ච් වෙලා මොඩියුල් එක පෙන්නයි. පෙන්නුවම එක උඩ ඔබනන ටික වෙලවකින්පෙයා කරනන පාස්වර්ඩ් ඉල්ලයි එකට 1234 හරි 0000 හරි දෙන්න

හරියට කනෙක්ට් උනානම් මොඩියුල් එකේ බලබ් එක පත්තු වෙලාම තියෙනවා

පහල තියෙනවා සෙන්ඩ් කියලා බටන් එකක් එක්ක වචන ටයිප් කරන්න පුළුවන් තැනක් එක උඩ ඔබලා a අකුර ඔබලා සෙන්ඩ් කියන එක ඔබන්න.

දැන් හරි ඔන්න හරියට වැඩේ කරානම් ලයිට් එක පත්තු වෙනවා☺

වෙන අකුරක් යවලා බලන්න එතකොට ලයිට් එක ඔෆ් වෙනවා

අද පොස්ට් එක මෙතනින් ඉවරයි

 

පොඩි චැලේන්ජ් එකක් :-/

කෝඩ් එකේ ඇනලොග් රයිට් කියන එකේ 255 නැතුව 5 වගේ දීලා අප්ලෝඩ් කරන්න ඊටපස්සේ බ්ලුටුත් කනෙක්ට් වෙලා බලන්න a අකුර යවලා. දැක්කනේ පොඩි වෙනවසක් වෙනවා

ඉතින් චැලේන්ජ් එක තමා 0 ඉදන් 9 වෙනකන් ඉලක්කම් යවද්දී බල්බ් එකේ දීප්තිය වැඩි වෙන්න ඕනේ, 0 කියන්නේ ඔෆ් 1 කියන්නේ ටිකක් පත්තු වෙලා අන්න එහෙම විදියට කෝඩ් කරලා බලන්න. ඔයාගේ කෝඩ් එක පහලින් ලියගෙනම යන්න .

 

අදහස් දක්වන්න

අදහස්

  • පට්ට ලිපියක්
  • සතුටු දායකයි
  • අපරාදේ
  • වැඩක් නෑ
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,