දෙවැනි දෙවැනි පොස්ට් එක දෙන්න ටිකක් ප්‍රමාද උනාට සමා වෙන්න ඕනේ. පොඩි වැඩ වයකට හිරවෙලා හිටියේ . අද බලමු අර්ඩුයිනෝ කෝඩ් කරන විදිය

හරි ගිය පොස්ට් එකේ අන්තිමට අපි බ්ලින්ක් කෝඩ් එක අප්ලෝඩ් කලානේ. එකම උදාහරණෙ විදියට අරගෙන අද වැඩේ කරමු.

ඉස්සෙල්ලම බ්ලින්ක් කෝඩ් එක ඕපන් කරගන්න (file->examples->basic->blink)

හරි ඔන්න දැන් එනවා පතරංග ජාතකේ වගේ හෙන විසාල පේලි ගොඩක් සෙට් එකක් අළු පාටින් තව එව්වා නිල් පාටින් තව වචන එක එක පාටින්. :-/
මේ බෝර්ඩ් එකට අපි කරන්න ඕනේ දේවල් කියලා දෙන්නේ ප්රෝග්රමින් ලැන්වේජ් එකක් පාවිච්චි කරලා කියලා ඔයාලා දන්නවනේ. තරමක් දුරට ප්රෝග්රමින් දන්නවනම් (ඒ කිව්වේ බෙසික්ම බේසික් ටික [මන වගේ ]) මේ කෝඩ් එක දැක්කම හිතා ගන්න පුළුවන් වෙන දේ. තවත් දෙයක් අර්ඩුයිනෝ ප්‍රෝග්‍රෑම් කරන්න ගොඩක් ලොකු ප්රෝග්රමින් දැනුමක් ඕනේ නෑ ( හැබැයි ලොකු දැනුමක් තියෙනවම් හොදට හිතන්න පුළුවන් නම් ලොකු දේවල් කරන්න පුළුවන්  )

කෝඩ් එක පැත්තට හැරෙමු. දැන් බලමු කෝඩ් කරද්දී අපිට හම්බෙන දේවල්.

comment

ඔයාලා මේ බ්ලින්ක් කෝඩ් එක බැලුවොත් දකින්න පුළුවන් අළු පාටින් තියෙන වචන ටිකක්.(පහල රූපේ බලන්න)

හරි මේවට තමා කමෙන්ට් කියන්නේ. මෙව්වා පාවිච්චි වෙන්නේ කෝඩ් එකක් විස්තර කරන්න.. ඒ කිව්වේ අපි දෙන කෝඩ් එකෙන් වෙන්නේ මොකක්ද කියන එක ලියල තියන්න තමා මේවා පාවිච්චි වෙන්නේ. ඒවගේම මේවා කෝඩ් විදියට ගණන් ගන්නේ නෑ. ඒ කිව්වේ මේවා කම්පයිල් වෙන්නේ නෑ. මේ කමෙන්ට් දෙන විදි දෙකක් තියෙනවා එක ක්‍රමයක් තමා /* පටන් අරන් */ අවසන් කරන එක. මෙකෙති /* පස්සේ ගහන හැම දෙයක්ම කමෙන්ට් එකක් විදියට තමා ගණන් ගැනෙන්නේ. එක අවසන් කරන්නේ */ ලකුණු වලින්.
තනි පේලියක් විතරක් ඕනේ වෙලාවට // ලකුණු දෙක පාවිච්චි කරනවා. එතැනදී තනි පේලියක් විතරයි කමෙන්ට් එකක් විදියට වැඩ කරන්නේ.

void setup (){}

මේ කෝඩ් එකේදී තමා අපි භාවිතා කරන පින් ඉන්පුට් අවුට්පුට් විදිය වාගේ දේවල් හදුන් වා දෙන්නේ ඒවගේම තව දේවල් මේකෙදි වෙනවා ඉස්සරහට බලමු.

Void loop () {}

මෙන්න තියෙනවා වැදගත් කොටසක් මේ කෝඩ් එකේ සාගල වරහන් දෙක ඇතුලේ ගහන කෝඩ් එක බෝර්ඩ් එකට කරන්ට් එක දීලා තියෙන තාක්කල් නැවත නැවත ක්‍රියාත්මක වෙනවා ( ඒ කිව්වේ ලූප් වෙනවා )

pinMode

මේ කෝඩ් එකෙන් තමා බෝර්ඩ් එකේ තියෙන පින් වල ක්‍රියාව හදුන්වලා දෙන්නේ ඒ කිව්වේ පින් එක අපි පාවිච්චි කරන්නේ ඉන්පුට් විදියටද අවුට්පුට් එකක් විදියටද කියලා හදුන්වලා දෙන්නේ මෙකොඩ් එකෙන්. Ex : pinMode(13,OUTPUT); ඉස්සෙල්ලම පින් එකේ අංකය පස්සේ ඉන්පුට් ද අවුට් පුට් ද කියන එක.

delay()

මේකෙන් තමා පොඩි විරාමයක් ගන්නේ. මේ delay () වල වරහන් ඇතුලේ තියෙන අගය මගින් තමා කෝඩ් එක ක්‍රියාත්මක නොකර ඉන්න ඕනේ කාලය ලබා දීල තියෙන්නේ මේක දෙන්නේ මිලි තත්පර වලින් තත්පරයක කාලයක් අපි ක්‍රියාත්මක නොවී ඉන්න ඕනෙනම් වරහන් ඇතුලේ 1000 කියලා දෙන්න ඕනේ.

ඉතුරු ටික අපි ඉතිරි පාඩම් වලින් බලමු.

අදහස් දක්වන්න

අදහස්

Share your vote!


  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,

ඔබත් දැන්ම ගීක් කෙනෙක් වෙන්න!

You have successfully subscribed to the Geek

There was an error while trying to send your request. Please try again.

SL Geek LK will use the information you provide on this form to be in touch with you and to provide updates and marketing.

ස්මාර්ට් ගීක් කෙනෙක් වෙන්න! ගීක් මොබයිල් ඇප් එක දාගන්න.

Download Geek App now - 4Mb Only