ආයුබෝවන්!

අද ඉදන් මං ඔයාලට ආර්ඩුයිනෝ ප්රෝග්රමින් ගැන ටියුටෝරියල් අරන් එන්නයි සුදානම් වෙන්නේ.අර්ඩුයිනෝ කියන්නේ ලෝකේ ජනප්‍රියම මයික්රෝකොන්ට්‍රොල ප්රෝග්රමින් ප්ලට්ෆොම් එකක්.

  • මොකක්ද මේ මයික්රෝකොන්ට්‍රොලර් කියන්නේ කියලා.

මයික්රෝකොන්ට්‍රොලර් කියලා හදුන්වන්නේ පුංචි පරිගනකයකට කියලා කිව්වොත් නිවැරදි. මේ මයික්‍රෝ කොන්ට්‍රොලර් එකක ram එකක් ප්‍රොසෙසර් එකක් rom එකක් හෝ ෆ්ලෑෂ් මතකයක් වගේම ස්පන්ද නිකුත් කරන ඔරලෝසුවකුත් ඉන්පුට් අවුට්පුට් කොන්ට්‍රෝල් යුනිට්  තියෙනවා.

මොකක්ද මයික්‍රෝ කොන්ට්‍රොලර් වලින් කරන්නේ

ඇත්තටම මයික්‍රෝ කොන්ට්‍රොලර් වලින් කරන දේවල් කියලා ඉවරයක් කරන්න බෑ මටනම්. ඒ තරමටම මයික්‍රෝ කොන්ට්‍රොලර් වලින් කරන වැඩ ගොඩයි. උදාහරණ විදයට ගෙවල් වල තියෙන ශීතකරණ මයික්‍රෝවේව් උදුන් ටීවී වල mp3 ප්ලේයර් වල කොටින්ම කියනවම ස්වයංක්‍රිය ඕනෙම උපකරණයක මේ මයික්‍රෝ කොන්ට්‍රොලර් බවිත වෙනවා.

 

හරි එහෙනම් අපි මුලින්ම අර්ඩුයිනෝ ගැන ටිකක් දැනගමු.

අර්ඩුයිනෝ බෝර්ඩ් වර්ග ගොඩක් තියෙනවා. අර්ඩුයිනෝ මෙගා අර්ඩුයිනෝ යුනෝ අර්ඩුයිනෝ නැනෝ මේ බෝර්ඩ් තුන තමා ටිකක් වැඩිපුර භාවිත වෙන්නේ. අර්ඩුයිනෝ මෙච්චර ජනප්‍රිය වෙන්න හේතුව තමා මේක තනිකරම ඕපන්සෝස් වීම. ඒ කිව්වේ ඕන කෙනෙක්ට මේ බෝර්ඩ් හදන්නත් කැමති කෙනෙකුට එක වෙනස් කරන්නත් පුලවන්. ඒවගේම මේ මයික්‍රෝ කොන්ට්‍රොල් එකට ප්රෝග්රමින් කරන්න දෙන සොෆ්ට්වෙයා එකත් ඕපන් සෝස්. 🙂 අපිට අර්ඩුයිනෝ ගැන ඉගෙන ගන්න යුනෝ බෝර්ඩ් එකක් හොදටම ඇති. මේවා සහ අර්ඩුයිනෝ වලට අවශ්‍ය කරන මොඩියුල් කේබල් ශිල්ඩ් බල්බ් සෙන්සර් ඔක්කොම කොටුවේ පලවෙනි හරස් විදියේ යුනිටෙක් එකෙන් ගන්න පුලුවන්. දුර ඉන්න යාළුවන්ට ලන්කට්‍රොනික්ස් එකෙන් ගෙන්න ගන්න පුළුවන්. එහෙමත් නැත්තන් ඔරිජිනල් බෝර්ඩ් එකක් arduino.cc කියන අර්ඩුයිනෝ ඔෆිසියල් සයිට් එකෙන්ම ගෙන්න ගන්න පුලුවන්. 🙂

 

හරි බෝර්ඩ් එකත් ගත්ත කියමු දැන් කොහොමද මේකෙන් වැඩ කරන්නේ ?

අර්ඩුයිනෝ ප්‍රෝග්‍රෑම් කරන සොෆ්ට්වෙයා එක මෙන්න මෙතනින් ගන්න සාමාන්‍ය සෙටප් එකක් විදියටම ඉන්ස්ටෝල් කරගන්න.

‌Download Arduino

යුනෝ බෝර්ඩ් එකක් තමා මේ පහල පින්තුරේ තියෙන්නේ එකේ කොටස් නම් කරලා තියෙනවා.

  • digital pins වලින් පුළුවන් ඩිජිටල් ආකාරයෙන් ඉන්පුට් අවුට්පුට් ලබා ගන්න
  • analog pins වලින් පුළුවන් analog ආකාරයෙන් ඉන්පුට් අවුට්පුට් ලබා ගන්න
  • රීසෙට් බටන් එක එබුවම අපි අර්ඩුයිනෝ බෝර්ඩ් එකට කවලා තියෙන කෝඩ් එකම නැවත මුල ඉදන් ක්‍රියාත්මක කරන්න පුළුවන්
  • පවර් pins වලින් පුළුවන් අපිට බෝර්ඩ් එකෙන්ම විදුලි බලය අරගෙන උපකරණ වලට දෙන්න ( මොඩියුල් ශිල්ඩ් වලට වෙනමම පවර් දෙන්න ඕනේ නැහැ මෙතැනින්ම දෙන්න පුළුවන් )
  • dc පවර් මෙතනින් තම අපි බෝර්ඩ් එකට කරන්ට් එක දෙන්නේ (සරලවම 🙂 )
  • usb මෙන්න මෙතනින් තමා බෝර්ඩ් එක පරිගණකයට සම්බන්ද කරන්නේ, ඒවගේම මෙතනින් තමා අපි බෝර්ඩ් එකට ඕනේ කරන කෝඩ් බෝර්ඩ් එකට ලබා දෙන්නේ, ඒවගේම පරිගණකයේ usb එක හරහා මේකට බලය ලබා දෙන්නත් පුළුවන්

 

හරි එහෙනම් ආසාවටත් එක්ක පුංචි කෝඩ් එකක් බෝර්ඩ් එකට දීල බලමු.

  • බෝර්ඩ් එක පරිගණකයට සම්බන්ද කරන්න.( බෝර්ඩ් එක ගද්දීම usb කේබල් එකක් දෙනවා එක පරිගණකයට සම්බන්ද කරලා බෝර්ඩ් එකට සම්බ්බන්ද කරන්න )
  • අර්ඩුයිනෝ සොෆ්ට්වෙයා එක ඕපන් කරගන්න.
  • දැන් tools ->board වලට ගිහින් arduino / genuino uno කියන එක ඔබන්න
  • දැන් file->example->basic->blink ඔබන්න
  • දැන් ඕපන් වෙයි සාම්පල් කෝඩ් එකක්
  • දැන් ඒ දකුණු පැත්තට තියෙන ඊතල ලකුණක් තියෙන බටන් එක ඔබන්න
  • එතකොට පහලින් පෙනෙයි කම්පයිලින් කියල පෙන්නලා දකුණු පැත්තේ කොලපාට ප්රෝග්රෙස් බාර් එකක්
  • එතන done කියල පෙන්නනකන් ඉන්න
  • done කියලා වැටුනා කියන්නේ අපි හරි විදියට කෝඩ් එකක් බෝර්ඩ් එකට දීලා බෝර්ඩ් එක දුන්න උපදෙස් ක්‍රියාත්මක කරන්න සුදානම් උනාම.
  • හරි දැන් ඔයාලට පෙනෙයි බෝර්ඩ් එකේ කපාට led එකක් නිමේනවා පත්තු වෙනවා 🙂

ඔන්න දැන් අපි සාර්ථකව කෝඩ් එකක් බෝර්ඩ් එකට අප්ලෝඩ් කළා.

 

දෙයක් කියන්න ඕනේ මේ හැමදේම හොදට මොලේට වදින්නනම් එක එක ඒවා කරලා බලන්න ඕනේ.

ඉතින් ඔය කෝඩ් එකේ delay (1000) කියලා තියෙන තැන වල 1000 වෙනුවට වෙනත් අගයන් දීලා කෝඩ් එක අප්ලෝඩ් කරලා බලන්න

එහෙනම් අදට මේ ඇති මේ අප්ලෝඩ් කරපු කෝඩ් එකේ විස්ටරේ ඊලග පොස්ට් එකෙන් අරන් එන්නම්. ඒවගේම දිගටම අපි එක්ක රැදිලා ඉන්න තව තව දේවල් ඉදිරි පොස්ට් වලින් ඔයාලට කියලා දෙන්නම්.

ඔයාල දන්නා දේවල් සහ තව මේ පොස්ට් එකට ඇතුලත් වෙන්න ඕනේ ඒවා පහලින් කමෙන්ට් කරන්න. ඒවගේම ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා ඒවත් පහලින් කමෙන්ට් කරන්න.

සුබ දවසක්.!

 

අදහස් දක්වන්න

අදහස්

  • පට්ට ලිපියක්
  • සතුටු දායකයි
  • අපරාදේ
  • වැඩක් නෑ
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,