ඇත්තටම සමා වෙන්න වැඩ ගොඩක හිර උන නිසා තුන්වෙනි පාඩම දෙන්න බැරි උනා සමාවෙන්න ආයේ සැරයක්.

හරි එහෙනම් එදා අප බැලුවනේ මොනාද මේ කෝඩ් වර්ග කියලා වැඩ පටන් ගන්න කලින් අපි ප්රෝග්රමින් පැත්ත ටිකක් ඉගෙන ගෙන ඉමු එක ගොඩක් හොදයි. (මගේ දැනීමේ හැටියට ).

හරි එහෙනම් අපි බලමු ඉස්සෙල්ලම සිරියල් රීඩ් එක (ටිකක් විශේෂයි )

අර්ඩුයිනෝ ප්‍රජෙක්ට් එකක් ඕපන් කරගන්න දැන් පහල තියෙන කෝඩ් එක දෙන්න .

කෝඩ් එක ස්ක්‍රීන් සොට් එකකින් දුන්නේ,නැත්තන් ඔයාලා කොපි කරලා පේස්ට් කරන නිසා එහෙම කරලා වැඩක් නෑ. J

 

හරි දැන් මේ කෝඩ් එක දීල අප්ලෝඩ් කරන්න. ඊටපස්සේ tools -> serial monitor ඔබන්න.

කොහොමද පිස්සුවෙන් වගේ -1 කියලා දුවනවා නේද :p

හරි මේක වෙන්නේ මෙහෙමයි මේකෙදි සිරියල් රීඩ් කියලා තියෙන කෝඩ් එකෙන් Serial.read() අපි මේ බෝර්ඩ් එකට සිරියල් විදියට දෙන ඩේටා කියවනවා ඒවගේම ඒ කියවන ඩේටා සිරියල් ප්‍රින්ට් කියන එකෙන් සිඉයල් මොනිටර් එකේ පෙන්නනවා. Serial.println() ඉතින් මෙකෙධි අපි කිසිම දෙයක් දෙන්නේ නැති නිසා තමා -1 කියලා පෙන්නනේ

මන් හිතනවා කිව්ව දේ තේරුණා කියලා

හරි අපි බලමු දැන් සිරියල් ඩේටා අපි එව්වොත් විතරක් පෙන්නන හදන්න.

ඊට කලින් අපි බලමු මේ ඉෆ් if කියන එකෙන් මොකක්ද වෙන්නේ කියලා

if

මේ කිවර්ඩ් එක පාවිච්චි වෙන්නේ අපි දෙන අගයක් අපි දීල තියෙන දෙයක් පුර්ණ කරනවද කියලා බලන්න (කිව්වා දේ තෙරුන් නැත්තන් හිතන්න එපා පස්සේ තේරේවි.)

මේකේ සින්ටැක්ස් එක බලමු

If (කොන්දේසිය ) {

කොන්දේසිය සත්‍යනම් විය යුතු දේ

}else{

කොන්දේසිය අසත්යනම් විය යුතු දේ

}

හරි එක තේරුම් ගන්නැත අපි කෝඩ් එකක්ම ලියමු පහල ස්ක්‍රීන් සොට් එකේ තියෙන එක ටයිප් කරලා අප්ලෝඩ් කරන්න

දැන් බලන්න සිරියල් මොනිටර් එකට ගිහින්. එකේ y අකුරු පේලියට පහලට නවතින්නේ නැතුව පෙන්නාවි.

මේකෙදි වෙන්නේ අපි if එකට පස්සේ තියෙන වරහන් ඇතුලේ තියෙන දේ සත්‍යද කියලා පරික්ෂ කරන එක 5 පහට සමාන නිසා දිගටම y ප්‍රින්ට් වෙනවා මෙතන 5==5 නැතුව 4==5 කියන එක දීල බලන්න දිගටම n ප්‍රින්ට් වෙයි.

දැන් පහල කෝඩ් එක දීල අප්ලෝඩ් කරලා බලන්න

හරි දැන් සිරියල් මොනිටර් එක ඕපන් කරන්න. පේනවා නේද දැන් කිසිම දෙයක් පෙන්නේ නෑ නේද. මේක උනේ අපි if එක ඇතුලේ සිරියල් ඩේටා එනවද කියලා පරික්ෂා කරනවා. ඒ Serial.available() කියන කෝඩ් එකෙන්

දැන් සිරියල් මොනිටර් එක ඕපන් කරලා  අකුරක් ඉලක්කමක් දීලා සෙන්ඩ් කියන බටන් එක ඔබලා  බලන්න එතකොට ඉලක්කම් පමණක් පෙන්න්නවී. මේ  පෙන්වන්නේ අපි දෙන අකුරේ හෝ ඉලක්කමේ හෝ සංකේතයට අදාළ ඇස්කි අගය. අපි බලමු දැන් මේක අකුරක් බවට පත් කර ගන්න විදිය, පහලකොඩ් එක දීල බලන්න

හරි දැන් සිරියල් මොනිටර් එක ඕපන් කරලා බලන්න මොකක්හරි අකුරක් දීලා බලන්න ඒ විදියටම පෙන්නනවා නේද. මේක සිද්ද උනේ අපි රීඩ් කරන ඩේටා එක char එකක් විදියට පරිවර්තනේ කරලා පෙන්වන එක එක වෙන්නේ මේන්න මේ කෝඩ් එකෙන්. char data = Serial.read();

හරි එහෙනම් අදට පාඩම ඉවරයි මේ සතියේ ඉරිදා අනිත් පාඩම දෙන්න මන් පොරොන්දු වෙනවා (එදාට විතරයි නිවාඩුවක් තියෙන්නේ L )

 

හැමදාම වගේ අදත් දෙනවා චැලෙන්ජ එකක්

දැන් අපි දන්නවා සිරියල් රීඩ් කරන්න රයිට් කරන්න බෝර්ඩ් එකට එන බල්බ් එක දල්වන්න නිවන්න ඉතින් දැන් ඔයාලා හිතලා කෝඩ් එකක් ලියන්න 1 එව්වම බල්බ් එක පත්තු වෙන්නත් 0 එව්වම බල්බ් එක නිමෙන්නත්, වැරදුනාට කමක් නෑ ආයේ ආයේ කරන්න ඔයාලා ලියන කෝඩ් එක පහලින් කමෙන්ට් කරන්න. happy coding

අදහස් දක්වන්න

අදහස්

  • පට්ට ලිපියක්
  • සතුටු දායකයි
  • අපරාදේ
  • වැඩක් නෑ
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,