Windows 11 – අලුත් වුන දේවල්

Windows 11 ගැන දැනට දැනගන්න ලැබෙන විස්තර අනුව සුපිරිම මෙහෙයුම් පද්දතියක් වෙනවා නොඅනුමානයි. UI එකේ සිට animations දක්වා ලොකු වෙනස් කම් විශාල ප්‍රමාණයක් බලාගන්න පුළුවන්. මේවා ගැන අපි මේ ලිපියෙන් කතා කරමු.

කලින් ලිපියේදී කළා කොහොමද windows 11 download සහ install කියලා. ඒ ලිපිය මෙතනින් ගිහින් බලන්න.

(1) අලුත් icons

ගොඩක් updates වලදී වගේ icons අලුත් වෙලා තියනවා. හැබැයි windows users ලට මේක ටිකක් අලුත්. මොකද windows icons වල විච්චි ලොකුම වෙනස් කමක් තමයි මේ. windows xp වල ඉඳන් 7 වලට යද්දිත් මෙහෙම දෙයක් අපි දැක්කත් එකට වඩා විශාල වෙනස් කමක් මේ පාර icons වල තියනවා.

(2) Taskbar

Display දෙකක් හෝ වැඩි ගණනක් භාවිතා කරන විට main display එකේ විතරක් taskbar එක පෙන්නනවා. අනිත් display වල apps හරියට full screen වගේ තේරෙන්නේ.

(3) Taskbar Menu and Icons

කලින් කතා කරපු විදියට මේ icons middle align වෙලා තියෙන්නේ. මේක අලුත් දෙයක්. windows icon එක ඉස්සර ඉඳන්ම තිබ්බේ වම්පස අයිනේ. නමුත් මේ පාර windows icon එකට අමතරව තවත් ඇති සියල්ල මැද අපිට බලාගන්න පුළුවන්.

(4) Start Menu

දැකපු ගමන් තේරෙනවා. අලුත් විදියට re-design වෙලා තියනවා. ඇත්තටම සැහෙන්න unique. 2021 ට ගලපෙන්නම තියනවා කිව්වොත් නිවැරදි.

(5) Multi Desktop

මේකනම් අපිට අලුත් දෙයක් නෙමේ. හැබැයි මේ පාර වෙනස් විදියට multi desktop feature එකක් තියනවා. හැමෝටම ගොඩක්ම user friendly වෙන විදියට වෙනම icon එකක් සහ bar එකකින් බලාගන්න පුළුවන්. ගොඩක් වැඩ කරන අයට වගේම තනි monitor එකකින් වැඩගන්න අයට මේක සැහෙන්න වටිනවා.

(6) Widgets

Windows users ලා මෙච්චර කල් භාවිත කලේ දකුණු පැත්තේ තියන notification bar එක විතරයි. හැබැයි දැන් widget bar එකක් වම් පැත්තෙත් තියනවා. Weather , stocks වගේම news ඇතුළු ගොඩක් දේවල් මෙතන තියනවා.

(7) Windows Logo

වෙනදා 3D look එකක් තිබ්බ windows logo එක දැන් පැතලි සහ අමුතු ලස්සන design එකක් එකතු වෙලා තියනවා.

(8) අලුත් windows option menu එක

Windows icon එක right click කලාම මේ වගේ ගොඩක් useful menu එකක් දැන් එනවා.

(9) Alert Tones

Windows වල Pen connect කරද්දී වගේ එක එක අවස්ථා වලදී එන alert tones වෙනස් කරලා තියනවා. කලින්ට වඩා කනට මිහිරි tones භාවිත කරලා තියනවා.

මේ තියෙන්නේ windows 11 වල මේ වෙද්දී දැකපු හොඳම features ටික . සමහර විට මේවා හරිම build එකේ වෙනස් වෙන්නත් පුළුවන්. නමුත් microsoft ආයතනය කියන විදියට මේක ලොකුම update එකක් වෙනවා නොඅනුමානයි.