ළමුන්ට තහනම් වන Tiktok Live

TikTok ලබන මාසයේ සිට Live Streaming සඳහා එහි අවම වයස අවුරුදු 16 සිට 18 දක්වා වැඩි කරයි.

සිරියානු සරණාගත කඳවුරුවලින් මෙලෙස Live හරහා සිඟමන් යදිමින් කුඩා ළමුන් යොදා ගනිමින් tiktok dontations එකතු කිරීම් සිය ගණනක් වාර්තා වී ඇත.

සමහරුන්ට පැයකට ඩොලර් 1,000 (රු.370,000) දක්වා මුදලක් ඉපැයීම විශේෂත්වයකි.

අනාගතයේදී, වැඩිහිටියන්ට පමණක් virtual gifts යැවීමට , මුදල් ඉපැයීමේ වැනි features භාවිත කිරීමට අවස්තාව සලසා දෙන බව tiktok ආයතනය සඳහන් කරයි.

තවද, “ඉදිරි සතිවලදී”, adult only live streaming හෙවත් වැඩිහිටියන් සඳහා පමණක් වෙන්වූ live streaming සිදු කිරීමටද ඔවුන් බලාපොරොත්තුවෙන් පවතී.

කෙසේ වෙතත්, TikTok මෙම වයස් සීමාවන් බලාත්මක කරන්නේ කෙසේද යන්න පැහැදිලි නැත.

Facebook සහ Instagram හිමි Meta, සහ YouTube හිමි Google වෙතින් දැනටමත් live stream සඳහා වයස අවම 13ක් ලෙස සිමා පනවා ඇති අතර content age restrict කිරීමටද අවස්තාව ලබාදී ඇත.