දැනට ලෝකයේ ජනප්‍රියතම Instant Messaging application එකක් වන Whatsapp සඳහා, බොහෝ දෙනෙක් බලාපොරොත්තු වූ Privacy update එකක් වන Online Status hide කිරීමේ පහසුකම ලබාදී තිබෙනවා.
Whatsapp හරහා Last Seen hide කිරීමට මෙතෙක් කල් අවස්තාවක් තිබුනද, තමන් Online සිටින්නේ නම් ඕනෑම අයකුට දැක ගැනීමට අවස්තාව තිබුණි. මෙය තමන්ගේ පෞද්ගලිකත්වයට ගැටළුවක් බවට බොහොමයක් දෙනා චෝදනා කල අතර, ඒ අනුව මෙම privacy update එකත් සමග එම ප්‍රශ්නය විසඳීමට ඔවුන් කටයුතු කර ඇත.

Whatsapp හි menu එක හරහා Privacy කොටසට ගිය පසු, last seen සමගම තවත් option එකක් ලෙස Online status එක පෙනිය යුතුද, නැත්නම් තෝරාගත් පිරිසකට පමණක් පෙන්විය යුතුද, නැතහොත් කිසිවකුටවත් නොපෙන්වන සේ ද සකස් කල හැක.



Privacy settings සාමන්යෙන් ක්‍රියාත්මක වන ආකාරයටම මෙයත් ක්‍රියා කරන අතර ඔබගේ online status එක තවත් අයකුට නොදැකිය හැකි සේම මෙය enable කිරීමෙන් පසුව ඔබටද අනෙක් කිසිවකුගේ online status බැලීමට අවස්තාවක් නොලැබේ.

මෙයට අමතරව තවත් විවිධ වෙනස් කම් අපට whatsapp තුල දැකිය හැකි වේ. එකක් status. දැන් facebook, instagram වල මෙන්ම whatsapp DP (profile picture) එක වටා ඇති නිල් පහ රවුමකින් status දැකිය හැකි වන අතර එය click කිරීමෙන් ඔවුන් විසින් දමා ඇති whatsapp status දර්ශනය වීම සිදුවේ.
Leave a Reply