අද අපි කතා කරන්න සුදානම් වන්නේ English Language එක කොහොමද පහසුවෙන්ම phone එකෙන්ම ඉගෙනගන්නේ කියල.
(1) Speaking 24 – http://www.speaking24.com/
Speaking 24 කියන්නේ අපට විවිධ රටවල් වල විවිධ accent සහිත පුද්ගලයින් හමු වන platform එකක් කිව්වොත් නිවැරදි. එහිදී නම වයස ඔවුන්ගේ ඉංග්‍රීසි හැකියාව පිලිබඳ විස්තර ඇති අතර ගැලපෙන අයකු සමග ඔවුන් ලබාදී ඇති skype id එක භාවිතයෙන් කතා කල හැක.
මෙයට සමානම වෙතත් apps ද ඇත. උදාහරණයක් ලෙස Hello Talk හැඳින්විය හැක.

(2) Grammarly – https://www.grammarly.com/
Grammarly යනු නොමිලේ මෙන්ම මිලට ලබාදෙන සේවාවක් වන අතර එදිනෙදා ජීවිතයේදී අප විසින් ලියන දෑ නිවැරදි කිරීම සිදු කරයි. එලෙසම අපගේ වැරදි නිරන්තරයෙන් පෙන්වන බැවින් එය ඉංග්‍රීසි ඉගෙනුමටද හොඳ tool එකක් වනු ඇත.

(3) Forvo – https://forvo.com/
Pronounciations වලට වැදගත් වන අතර භාෂා කිහිපයකින් අපට වචන පරික්ෂා කල හැක.

(4) Vocabulary – https://www.vocabulary.com/
ඕනෑම වචනයක් පිලිබඳ සවිස්තරාත්මක විස්තර ලබාගත හැකි අපුර්ව යෙදුමකි. අපට අවශ්‍ය ඕනෑම වචනයක් පිලිබඳ සවිස්තරාත්මක විස්තරයක් ලබාදෙන්නකි.

(5) Anglo-Link – https://www.youtube.com/channel/UCaRMivfyupj3ucUyJbZbCNg
UK / British english මත පදනම් වූ YouTube නාලිකාවකි. English ඉගෙනීමට ඉතාමත් වටිනා YouTube නාලිකාවක් ලෙස recommend කල හැක.

(6) British Council Apps
British Council හරහා ඉදිරිපත් කර ඇති ප්‍රධාන Apps දෙකක් ගැන සඳහන් කිරීමට කැමැත්තෙමි. එකක් LearnEnglish Grammar වන අතර එහි නමෙහි සඳහන් පරිදි ඉංග්‍රීසි ඉගෙනීමට මෙන්ම grammar සඳහාද රුකුලක් වේ.
අනෙක් යෙදුම නම් , British Council EnglishScore වේ. මිනිත්තු 30 ක් වැනි කාලයක් තුල ඔබේ ඉංග්‍රීසි දැනුම පරික්ෂා කිරීමට උදව් වේ.

Leave a Reply