Apple විසින් මෑතකදී iOS 16 හි iMessage Edit කිරීමේ හැකියාව හඳුන්වා දුන් අතර, දැනටමත් යවා ඇති පණිවිඩවල ව්‍යාකරණ වැරදි හෝ වැරදි තොරතුරු නිවැරදි කිරීමට ඔබට අවස්තාව තිබේ . එය වසර ගණනාවක් තිස්සේ අවශ්‍ය වූ බොහෝ දෙනෙක් බලාපොරොත්තු වූ විශේෂාංගයකි.
Twitter මෑතකදී tweet සඳහා සංස්කරණ විකල්පයක් එක් කළේය. එය බොහෝ දෙනෙක්ගේ ඇගයීමට ලක්වූ අතර එය තුලින් සකස් වූ hype එකට අනුගත වීමට ඇපල් ආයතනයත් මෙලෙස සිදු කල බවට බොහෝ දෙනෙක් විශ්වාස කරයි.
කෙසේ නමුත්, මෙය වටිනා feature එකක් ලෙස නම් කල හැකි වුවද, මෙහි තවත් පසක් ඇත.
මෙහි ගැටලුව මුලින් විස්තර කර පසුව විකල්පයන් ගැන අප කතා කරමු.
ප්‍රධාන ගැටලුවනම් මෙලෙස edit කිරීමෙන් පසු edit history එක පෙන්වීමයි. සාමන්යෙන් මෙලෙස message එකක් යැවීමෙන් පසුව edit කරන්නේ එය ලබන්නා නොදැකිය යුතු යමක් එහි සඳහන් වීම නිසාත්, එය නොපෙන්විමටත් ය. කෙසේ නමුත් edit history එක හරහා සියලුම edits පිලිවෙලින් පෙන්වීම නිසා සියල්ල බලාගැනීමට දෙපර්ශවටම හැකිවේ.

තව දුරටත් පැහැදිලි කලොත් , apple ආයතන iOS 16 beta නිකුත් කිසිමත් සමග මෙහිද මෙම පහසුකම තිබුණි. මේ ගැන අපි මින් පෙර කතා කල අතර මෙහිදී edit කල බවට අනෙත් පුද්ගලයා දැනුවත් කිරීම සිදු වුවද, පෙර එවූ පණිවුඩය එනම් edit history එක බැලීමට ඔහුට හැකියාවක් නොතිබිණි.
නමුත් iOS 16 නිකුත් කිරීමෙන් පසුව දැන් දෙපාර්ශවයටම messages history එක බැලීමට අවස්තාව ලබාදේ.
මෙයට ඇති විසඳුම ???
message edit කිරීම වෙනුවට ඔබට “undo send” කිරීමට, එනම් යැවූ පණිවුඩයක් unsend කිරීමට හැකියාව ඇත. එනම් message එක යැවීමෙන් පසුද එය අනෙක් පුද්ගලයාගෙන් ඉවත් කිරීමට හැක. සාමාන්යෙන් message එකක් එඩිට් කිරීම ඔබට message එක යවා මිනිත්තු 15 ක් දක්වා කිරීමට හැකියාව තිබුනද මෙලෙස unsend කරන්නේ නම් එය මිනිත්තු 2 ක් තුල සිදු කල යුතුය.

මෙලෙස undo send කිරීමෙන් අනෙත් පුද්ගලයා ඒ පිලිබඳ දැනුවත් වීම සිදු වුවද කිසිදු history එකක් නොපෙන්වීම නිසා එම පණිවුඩය බලාගැනීමට ඔහුට/ඇයට හැකියාවක් නැත.
Leave a Reply