සුභ දවසක් හැමෝටම.

ඔයාලා දැනටමත් අන්තර්ජාලය හොදින් භාවිතා කරන කෙනෙක් නම් Adfly ගැන නොදැන සිටින්නට විදිහක් නෑ. Adfly කියන්නේ Ad Network එකක්. Link shrink කර මුදල් ඉපයිය හැකි ක්‍රමයක්. Original Link එක Shrink කර මෙම Adfly link එක ලබාගනී. පරිශීලකයාට Original link එක ලබා ගැනීමටනම් මේ Adfly Link එක පසු කල යුතුය. එසේ Adfly link එක පසු කරන වාරයක් පාසා එහි අයිතිකරුට රු. සත ගණනක් ලැබෙයි. Adfly ආයතනය කියන විදිහට එසේ පසු කරන සෑම වාර 10,000 ක් සදහා $5ක මුදලක් ඔවුන් විසින් ගෙවනු ලබයි.

ඔබට දැකගන්න ලැබිලා ඇති නොයෙකුත් මෙවන් Adfly links. ඉතින් මේවට ගියාම තත්පර 5ක් ඉන්න කියලා කියනවා. ඒ රැදී සිටින තත්පර 5 ඇතුලත ඔබට වෙළද දැනිවීම් නැරඹීමට සලස්වයි. මෙය අපට ඉතාමත් කරදරයකි. එක Ad එකක් Skip කල විට තවත් Tab ගණනාවක් open වී වෙළද දැන්වීම් ලෝඩ් වෙයි,එසේත් නැත්නම් අනවශ්‍යය ම්ෘදුකාංග කිසිදු දැනුම්දීමකින් තොරව පරිගණකට බාගත වෙයි. මෙවැනි වයිරස් ආසාදනද ඇතිවීමට ඉඩකඩ වැඩිය. එසේම Adfly link එකක් Skip කිරීමට තත්පර5ක් ඉන්න වෙනවා, සමහර අවස්ථාවල Adfly link එක Skip කල විට තවත් Adfly link එකක් ලෝඩ් වෙයි. මෙය ඉතාමත් අහිතකර හා කරදරකාරී දෙයකි. ඉතින් අද අරන් ආවේ මේකට හොදම පිළියමක්.

මේක Extension එකක්. Chrome එකට හෝ Firefox එකට දාගන්න පුළුවන් ලෙහෙසියෙන්ම. මේ Extension එක වෙබ් බ්‍රවුසරයට install කල පසු ඔබට ඕනෑම Adfly link එකකට පිවිසිය හැක, කිසිදු දැන්වීමක් වෙබ් බ්‍රවුසරය තුළ ලෝඩ් නොවී Original link එක ඔබට සොයා දී එය Auto වෙබ් බ්‍රවුසරයට ලෝඩ් කරයි. මෙතනදී වෙන්නේ Adfly link bypass කිරීමක්, එහෙමත් නැත්නම් Adfly link මගහැර යාමක්.  හරිම පහසුවෙන් ඔබට වැඩ කිරීමට අවස්ථාව උදාවෙයි.

අපි බලමු මේක වෙබ් බ්‍රවුසර් එකට බාගත කරගන්නේ කොහොමද කියලා.

INSTALL NOW = FIREFOX

INSTALL NOW = CHROME

මම Chrome එකට install කරන විදිහ කියන්නම්.

1 මේ LINK එකට යන්න.

2 ADD TO CHROME ක්ලික් කරන්න.

3 දැන් ඔබගේ Chrome Web Browser එකට install වේවි. එය දකුණු පස ඉහල කෙලවරෙහි දක්නට ලැබෙයි.

 

දැන් සුපුරුදු පරිදි ඔයාට වෙබ් Surf කරන්න පුළුවන්. Adfly Links වලට යන්න පුළුවන්, කිසිදු ගැටළුවකින් තොරව.  වටිනවා කියලා හිතනවනම් අදහස් කමේන්ට් කරලා යන්න අමතක කරන්න එපා. යාළුවොන්ටත් බලන්න ශෙ‍යාර් කරන්න.

අදහස් දක්වන්න

අදහස්

  • පට්ට ලිපියක්
  • සතුටු දායකයි
  • අපරාදේ
  • වැඩක් නෑ
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,