Facebook Geek
Follow me

Facebook Geek

Facebook Geek යනු ෆේස්බුක් තුළ පළවන වටිනා Geek ලිපි ගීක් ඔබ වෙතට ගෙන එන නව විශේෂාංගයකි. ඔබටත් මෙවන් ලිපි හමුවුවහොත් අප ෆේස්බුක් පිටුව වෙත දන්වන්න.
Facebook Geek
Follow me

 

සැ.යු. මෙම ලිපියේ අයිතිකරු හරිත් දිල්ශාන් වන අතර, ඔහුගේ ලිපිය අප මෙසේ උපුටා Facebook Geek වෙත අමුණා ඇත.

 

ප්‍රෝගැමින් ඉගෙන ගන්න ආස අයට…

ප්‍රෝගැමින් කියන්නේ හරි ලස්සන ආට් එකක්.. හරියට ඉගෙන ගත්තොත් ඕනෙම කාලෙක සල්ලි නැතිම වෙලාවක උනත් බැංකුවක සිස්ටම් එක අස්සට රිංගලා උනත් කාලා බීලා ඉන්න පුලුවන් (ඒක සැර වැඩී නේ)
මේක දාන්න හිතුනේ ගොඩක් අය ආසයි ප්‍රෝගැමින් ඉගෙන ගන්න. ඒත් ඒ අයට හරියට ට්‍රැක් එකට වැටෙන්කන් ඔහේ යනවා තේරුමක් නැතිව. (මෙතනින් එහාට ඔයා මෙයා කතා නෑ. වදින විදියට කියලා දෙන්නම් අවුල් වගේනම් අතෑරලා දාහන් )

කෙටියෙන් සරලව කියන්නම් ප්‍රෝගැමින් ඉගෙන ගන්න කලින් ඒක උබට අල්ලලා යනවද කියන එක බලන ඕන. ප්‍රෝගැමින් ඉගෙන ගන්න ඕන කියලා එක පාරටම ජාවා / .net ඉගෙන ගන්න යන්න බෑ.. මුලින්ම python ඉගෙන ගන්න. ඉගෙන ගන්නවා කියලා මම කිවුවේ මේකේ හැම අස්සක් මුල්ලක්ම ඉගෙන ගන්න කියන එක නෙවෙයි. ඉස්සෙල්ලාම පයිතන් වලින් Hello World ප්‍රින්ට් කරන්න.පස්සෙ කීබෝඩ් ඉන්පුට් ගන්න අරන් ඒවා ප්‍රින්‍ට් කරන්න.පයිතන් වල වේරියබල් හදන්න අමාරු නැහැ. පස්සෙ බෙසික් ලොජික් ටික ඉගෙන ගන්න ඕන. ඒ කිවුවෙ loop, statement, condition ect..
මම ඉස්සෙල්ලාම පයිතන් ඉගෙන ගන්න කිවුවේ පයිතන් වලින් ප්‍රෝගැම් ලියන්න අමාරු නැහැ.මෙතනදි අපි බැලුවේ මොකක්ඩ මේ ප්‍රෝගැමින් කියන්නේ,මේක මට අල්ලලා යනවද කියන එක.හරි ඔක අල්ලලා ගියානම් අපි යනවා දැන් අඩියක් ඉස්සරහට. පයිතන් වලින් ඔය ලූප් ටිකයි if,else ටිකයි පුරුදු උනාම ඇති.දැන් ජාවා වලිනුත් ඔය ටික ගහලා බලන්න.එතකොඩ දැනෙයි මේක අවුලක් නෑනේ කියලා.දැන් අපි gui වලට යන්න කාලේ හරි.පොඩි කැල් එකක් එහෙම හදලා බලන්න ජාවා වලින්. කැල් එකක් හැදුවම හිතෙයි මේවා සොෆ්ට්වෙයරද කියලා.ඒකට තමයි මොලේ කියලා එකක් ඩෙයියෝ දීලා තියෙන්නේ.කැල් එකක් හැදුවම ඉලගට කොච්චර ඒවා හදන්න පුලුවන්ද, උදාහරනයක් ඕනම හැඩතලේක වර්ගඵලය හොයන්න සොෆ්ට්වෙයර් එකක් වගේ. හරි දැන් තමයි තියරි ටික ඉගෙන ගන්න යන්නේ. මෙතනට එනකන් අවුලක් නැතිව අල්ලන් ආවානම් ඊලග ටික ගේමක් නෑ.ජාවා වල oop කියලා දෙයක් තියෙනවා.මම ඒක මෙතන පැහැදිලි කරන්න යන්නේ නැහැ.පොඩ්ඩක් යූටියුබ් එකේ හොයලා බලහං ඇති තරම් සිංහල ටියුට් පවා තියෙනවා.
ඕක ඉගෙන ගද්දි ටිකක් ඔබ්ජෙට් එක්ක වැඩ කරන්න හුරුවෙනවා.මෙතනදි ජාවා තමයි තියෙන හොදම එක කියලා හිතෙනවා. ජාවා ව්ලින් oop, thread, error handle ටික ඉගෙන ගත්තම හොදටම ඇති..

දැන් ජාවා වල දැනගන්න ඕන ටික දන්නවා. දැන් යමු ඩොට්නෙට් පැත්තට මේක තමයි මගේ පරාදීසේ. තවදෙයක් මේ හැම ලැන්වේජ් එකක්ම මතක තියාගන්න ඕනේ නැහැ…ඒ වගේම කෝඩ් කටපාඩම්කරන්න යන්නත් එපා.දැන් අපිට ඕන තියරි ටිකනේ. ඒ නිසා ඉස්සෙල්ලාම c++ ටිකක් ඉගෙන ගන්න.එතනදි අපිට තේරෙනවා හෙඩර් ෆයිල් ගැන,ෆන්ශන් ගැන. ඔය ටිකෙන් ඕක ඉගෙන ගත්තම අපි ඊලගට යනවා string එක්ක සෙල්ලම්දාන්න. String වල තියෙනවා කෑලි බෑලි ගොඩක්. අන්න ඒ ටික හරියට මතක තියාගන්න මොකද ඒකනම් ඕන වෙනවමයි ඉස්සරහට.උදා indexof(), toUppercase() , toString() ඔය වගේ ගොඩක් තියෙනවා. C++ වලින් අපි gui ලියන යන්නේ නැහැ. ඒක පස්සෙ ඉගෙන ගන්න තියමු.

දැන් යමු c# වලට මේක ගොඩක්ම පාවිච්චි කරන්නේ හොද ඉන්ටර්ෆේස් එක්ක ඇප්ලිකේශන් ලියන්න.මොකද මටනම් මේක තරම් අල්ලන එක ලැන්වේජ් එකක් වත් තාම සෙට් උනේ නැහැ. සමහර අයට ජාවා හොදයි සමහර අයට c# හොදයි 😍😍

දැන් යන්න c වලට,මේකෙ තමයි තියෙන එපාම වෙන ලැන්වේජ් එක.ඒත් සින්ටැස් ටිකක් පුරුදු වෙන්න එක්ක ඔන්න ඔහේ අතපත ගාලා බලන්න.

හරි දැන් ඔයා ප්‍රෝගැමර් කෙනෙක් (අර මූනේ හිනාව හ)
දැන් ඕන හොද ප්‍රෝගැමර් කෙනෙක් වෙන්න. දවසක් ඇප්ලයිඩ් පංතියෙදි ජනක සර් කියනවා අපිට “එක එක පොඩි පොඩි සොෆ්ට්වෙයර් හැදුවා කියලා කවුරුවත් හිතන්න එපා සොෆ්ට්වෙයර් ඉන්ජිනියර් කෙනෙක් කියලා” ඕක මම ඒ දවස්වල ගනන් ගත්තේ නැහැ. ඒත් දැන් තේරෙනවා. ඕන කෙනෙක්ට ප්‍රෝගැමර් කෙනෙක් වෙන්න පුලුවන් ඒත් හොද ප්‍රෝගැමර් කෙනෙක් වෙන්න හැමෝටම බැහැ.

මේවා මෙහෙම ලේසියෙන් කියාගෙන ගියාට කරගෙන යද්දි ටිකක් හිර වෙයි.අනික එක දවසින් මාසෙකින්නම් බැහැ . එක එක්කෙනාගේ උනන්දුව අනුව ඒකට යන්න ඕන කාලේ යාවි. මම මෙතන උබලට දෙන්නේ මූලික අඩිතාලම. නැතිව මෙතන ඇවිත් සම්පූර්න තියරි දිගෑරියොත් පටන්ගන්න යද්දිම එපා වෙනවා.මේ ලැන්වේජ් වල ඉතුරු තියරි කාලයක් එක්ක හුරුවෙයි.මොකද ආසාවෙන් ඉගෙන ගද්දි අලුත් අලුත් දේවල් හොයන නිසා..

මේ අතරේ ලිනක්ස් බේසික් ටික,වෙබ් ඩිසයිනින් (html5,css,javascript,boostrap), වෙබ් ඩිවොලොප් pho වගේ ඉගෙන ගන්න.මේ ටික හරියට ඉගෙන ගත්තම යන්න අනිත් ෆර්ම්වර්ක් ටිකට angular,node,lavarl වගේ ඉගෙන ගන්න.ඒ එක්කම නෙට්වර්ක් බේසික් ටිකක් ඉගෙන ගන්න

දැන් බලමු කොහොමද හොද ප්‍රෝගැමර් කෙනෙක් වෙන්නේ කියලා. කතාකරන්න දේවල් ගොඩක් තියෙනවා. දැනට ලෝකේ යන විදියත් එක්ක හැඩගැහෙන්න බලමු 😂😂

මුලින්ම ගමුකෝ ui එක. ඔයා ජාවා වලින් කැල් එකක් හැදුවානේ ඒකේ තිබ්බ බටන් ඒවයි වින්ඩොස් 10 වල තියෙන බටන් වලයි ලොකු වෙනසක් තියෙනවා නේද. ඒකට තමයි මම ඉස්සෙල්ලා කිවුවේ ඒ ලෝකේ එක්ක හැඩගැහෙන්න කියලා.දැනට යන්නේ හැම එකක්ම flat ui, ඒත් මම විස්වාස කරනවා ඊලග වින්ඩොස් අප්ඩේට් එක්ක මේ ෆ්ලැට් ගතිය අයින් කරලා ආයේ පොඩ්ඩක් 3D එන්න ගනීවී කියලා.හරි හොදට ui ඩිසයින් කරන්න ඉගෙන ගන්න තියෙන්නේ දැන්. එක දෙයක් කියනම් ඉන්ටෆේස් එක පුලුවන් තරම් සරල කරන්න උදාහරනයක් දෙන්නම් ගූගල් හෝම් පෙජ් එක..

හරි දැන් බලන්න පොඩ්ඩ්ඩක් අර ජාවා වලයි ඩොට්නෙට් වලයි සගල වරහං දාපු විදිය. වෙනසක් තියනවා නේද. මේකට තමයි කෝඩින් ස්ටෑඩඩ් කියන්නේ.මේක මෙහෙම ලියන ඕන කියලා නීතියක් නෑ ඒත් එහෙම ලියනවනම් ඒකෙන් කියවෙන්නේ මිනිහා දෙයක් දන්නවා කියලා.මේවා හොදට ඉගෙන ගන්න.කෝඩ් ලියද්දි පිලිවෙලට ලියන්න ඉගෙන ගන්න.සමහර කෝඩ් තියෙනවා පේලි දෙකක් ලියන්න ඕන එක එක පේලියෙන් ලියන්න පුලුවන් ඒවා අදුනගෙන ලියන්න පුරුදුවෙන.

දැන් යන්වා මෙමරි එක හැඩල් කරන්න.මම කලින් කිවුවේ ඕන කෙනෙක්ට සොෆ්ට්වෙයර් ලියන්න පුලුවන්. දැන් වෙද්දි අපි ප්‍රෝගැම් ලියද්දි පුලුවන් තරම් රැම් එක අඩුවෙන් පාවිච්චි වෙන්න ඕන ලියන්න. මේවා ටික ඉගෙන ගන්නනම් ආයේ c ලැන්වේජ් එක අස්සට රිංගලා ඇරේ එක්ක සෙල්ලම් කරලා බලන්න.එතකොට තේරෙනවා රැම් එක ගැන.

දැන් යනවා අපි securty පැත්තට. මුලින්ම කියන්නම් හොද ඇප්ලිකේශන් එකක් ලියද්දි ඒකේ වැලිඩේශන් සහ එක්සෙප්සන් හැඩලින් එහෙම හොදට ඕන. ගොඩක් අය ඩේටාබේස් එක්ක වැඩ කරද්දි කුවරි ලියනවා හිතනේ නැතිව. එක කෝඩ් එකයි ටෙස්ට්බොක්ස් එකේ ගහන ඕන ඩේටාබේස් එකම ඩිලිට් වෙලා යන්න. උදාහරනයක් ‘ or 1=1; DROP DATABASE වගේ එකක් ගහලා දැම්ම ඉවරයි ඉතින්.

දැන් මෙහෙම ලොකු සොෆ්ට්වෙයර් එකක් හදලා ඉවර උනාම මේක කාටහරි දෙන්න යන්නේ.ඉතින් අපි අමාරුවෙන් ලියපු කෝඩ් එකට වටිනාකමක් ඕනනේ.ඒක නිසා කවුරු කාට සොෆ්ට්වෙයර් එක දුන්නත් සෝස්කෝඩ් එක එන්ක්‍රිප්ට් කරලා දෙන්න බලාගන්න. ගොඩක් ප්‍රෝගැමස්ලා කරන එක දෙයක් අහුවෙන අහුවෙන හැම සොෆ්ට්වෙයර් එකම රිවස් ගහනවා.ගහලා කෝඩ් ලිහලා බලනවා..එහෙම කරත් කවදාවත් හොද ප්‍රෝගැමර් කෙනෙක් ඒ කෝඩ් පිටට දෙන්න යන්නෙත් නැහැ.දෙයක් ඉගෙනගන්න තියෙනම් ඒක ඉගෙනගෙන පාඩුවේ ඉන්න්වා මිසක්.

මෙහෙම කෙටියෙන් කිවුවට මේ ටික හරියට සිද්ද වෙන්න අවුරුදු වලින් අංකයක් යාවි ගොඩක් දුරට.
ඉතින් සේරම එක සැරේ බදාගෙන අනාගන්න යන්න එපා.ආසාවෙන් කරන් ගියොත් තමන්ට අවශ්‍ය දේ කම්පූටරේ එක්ක කතා බහ කරලා හරියට විසදගන්න පුලුවන් ඒක මාර ආතල් ආ.
මෙතන මම දන්න දේවල් ටික කිවුවේ.අදහස් තියෙන්ම් පහලින් කමෙන්ට් කරගෙන යන්න.මැරෙනකම්ම ඉගෙන ගන්නනම් දේවල් තියනවනේ ඉතින්..

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ප්‍රෝගැමස්ලා කියන්නේ අතට අහුනොවෙන ලෝකයක් එක්ක හරි ලස්සනට ගනුදෙනු කරන, පිටසක්වල ජීවීන් කොට්ටාසයක් කියලා තමයි. කවදහරි දවසක එකම කම්පැනියක එකට සෙට් වෙමු එහෙන්ම්.හොද ප්‍රෝගැමස්ලා එක්ක වැඩකරන්න ලොකු උනක් තියෙනවා 😊😊

👉👉 පෝස්ට් එක කොපි කරලා පේස්ට් කරාට තරහා නැහැ.. අඩුතරමේ නමවත් ඉතිරි කරලා යන්න..👈👈

මම හරිත් දිල්ශාන්
#Shap_Manasick
#96Developer

අදහස් දක්වන්න

comments

  • පට්ට ලිපියක්
  • සතුටු දායකයි
  • අපරාදේ
  • වැඩක් නෑ
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,