සුභ දවසක් හැමෝටම,

අද අරන් ආවෙ වටින ios ඇප් එකක්. වටිනවා කිව්වේ මේක Paid එකක් නෙවේ. Free එකක් උනත් මේකෙන් හොද වැඩක් ගන්න පුළුවන් නිසයි.

16Gb වගේ අයට තියෙන ලොකුම බලපෑමක් තමයි මේ Storage ඉක්මනින් Full වෙන එක, එහෙම Storage Full උනාම ෆෝන් එකත් Slow වෙනවා Photo එකක් ගහගන්නවත් Space මදි. 32Gb අයටත් මේ ගැටළුව ඇති වෙන්න පුළුවන්. මේ කොයි කාගේ ෆෝන් වල උනත් Run වෙන්නේ එකම ios එක. Games සෙල්ලම් කරනකොට, Apps භාවිතා කරනකොට, Apps install කරනකොට,මේ වගේ වැඩ කරද්දි Cache files හැදෙනවා. එවා අපට ප්‍රයෝජනවත් වෙන්නේ නෑ. ඒ නිසා මේ App එකෙන් පුළුවන් ඒ Cache Files Scan කරලා ඒවා Remove කරලා දාන්න. ඒ වගේම Ram එක Clean කරන්න පුළුවන්. ඒ දේවල් අනුගමනය කලාම ෆෝන් එක නිකන්ම Speed වෙනවා.

Magic Cleaner තමා ඇප් එකේ නම. ඔයාලට App Store එකට ගිහින් බාගත කරගන්න පුලුවන් Magic Cleaner  කියලා Search කලොත්,

Install Now

Magic Cleaner බාගත කරගෙන ඇප් එක Open කරගන්න.  ඉන්පසු Clear Cache Click කල විගස ඔයාගේ Storage එක Scan කරන්න ගන්නවා මේ Cache files හොයන්න.

ඉන්පසු මේ Caches Scan වෙලා Auto Clear වෙනවා. කොපමණ Clear කලාදැයි ඔබට ඉන්පසුව දැකගන්න ලැබේවි.

ඔයාගේ Storage එකේ කොපමණ ප්‍රමාණයක් Caches තිබුනත් මෙමගින් Clean කරගන්න පුළුවන්. එපමණක් නෙවෙයි Schedule Cleaning ක්ලික් කර ඔයාට මේක කොපමණ කාලයකට වරක් ක්ලීන් කල යුතුදැ‍යි තීරණය කරන්න පුළුවන්.

එපමණක් නොවේ ෆෝන් එකේ Ram එක Boost කිරීමේ හැකියාව මෙම Magic Cleaner ඇප් එකට තියෙනවා. ඕනම මෙහෙයුම් පද්ධතියකට Ram එක යන්නේ Background Run වන, Process වන Application වලටයි. ඉතින් මේ Magic Cleaner එකෙන් Run වෙන Apps හොයාගෙන ඒවා Clear කරලා දාලා ඔයාගේ ෆෝන් එක Speed කරලා දෙනවා,

ඉතින් මේ ඇප් එක මගින් දවස් දෙකකට වරක් හෝ Clean කරනවනම් හොද ප්‍රථිඵල ලබන්න පුළුවන්.

එහෙනම් තවත් ios ලිපියකින් හමුවෙමු, සුභ දවසක්!

 

අදහස් දක්වන්න

අදහස්

  • පට්ට ලිපියක්
  • සතුටු දායකයි
  • අපරාදේ
  • වැඩක් නෑ
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,