සුභ දවසක් හැමෝටම!

හරි අපි අද මේ පටන් ගන්න යන්නේ HTML පාඩම් මාලාවේ පලමු කොටස. කියන්නේ හැමෝටම HTML ගොඩක් වැදගත් වන පාඩම් මාලාවක්. A/L ICT හා O/L GIT වගේ විශයන් වලට හා GEEK කෙනෙකු වශයෙන් ඔබ දැන සිටිය යුතු දෙයකි, හරි අපි අද පාඩමේ පෙල ගැස්ම තමා:

1. HTML හි වැදගත්කම

2. HTML යනු කුමක්ද?

3 HTML වල ඉතිහාසය

 

 

HTML හි වැදගත්කම.

වෙබ් අඩවි නිර්මාණය වර්ථමානයේ  HTML ඉතා වැදගත් තැනක් උසුලනවා. ඔයාලා දන්නවා අන්තර්ජාලයේ නොයෙකුත් වෙබ් අඩවි තියෙනවා. එ වගේම ඔබ ඒවාට පිවිසෙනවා. අන්තර්ජාලය ඔබ භාවිතා කරනවනම් අනිවාර්යෙන් ඔබ භාවිතා කරන්නේ වෙබ් පිටු. එම වෙබ් පිටු වල නොයෙතුත් දත්තයන්,තොරතුරු අඩංගු වෙලා තියෙනවා. Pictures,videos,sound, වැනි. ඉතින් වර්ථමානය වන විට මෙම වෙබ් අඩවි සීග්‍රයෙන් වැඩිවනවා දකින්න පුළුවන්. මෙම වෙබ් අඩවි නිර්මාණය අද වන විට ඉතා ඉහල වැටුපක්  ගැනීමට හැකි රැකියා අවස්ථාවක් ලෙස සැලකිය හැක. එමෙන්ම වෙබ් පිටු නිර්මාණය කිරීම සදහා විවිධ විවිධ ක්‍රම ඇති අතර CSS,PHP,JAVA SCRIPTS, භාෂාද, DREAM VIEWER වැනි Softwares ද උදාහරණ ලෙස දැක්විය හැක. නමුත් මේ මොන ක්‍රමය භාවිතා කලත් HTML දැන සිටිය යුතුය. එම සියළු ක්‍රම වලට පාදක වන්නේ මේ භාෂාවයි.එම නිසා මෙම HTML ඉතා වැදගත් තැනක් උසුලනවා.

 

HTML යනු කුමක්ද?

HTML යනු Hyper Text Markup Language වේ. මෙය ක්‍රමලේක භාෂාවක් (Software Language) නොවන අතර  සලකුණු කිරීමේ භාෂාවක් ( Markup Language)  ලෙස අර්ථ දැක්විය හැක. SGML – Standard General Markup Language හි එක්තරා කොටසක් ලෙස මෙම HTML දැක්විය හැක. මෙම භාෂාව සැකසී ඇත්තේ විවිධ tags  එකතු වීමෙනි. අපි ඒ tags පිළිබද  ඉදිරි පාඩම් වලදී කතා කරමු.

මම පුංචි දෙයක් කියන්නම් ඔ‍යාලට Try කරලා බලන්න. ඔයා මේ දකින වෙබ් පිටුවේ තියන images හා Text ඇතුළු මෙහි අන්තර්ගතය නිර්මාණය වී ඇති ආකාරය බලන්න කැමතිද? හරි ඔයා මේ වෙබ් පිටුව උඩ Right Click කරලා View Page Source කියන එක Click කරලා බලන්න මොකද වෙන්නේ කියලා. ඔයාලට මේ භාෂාව තේරුම් ගන්න පුළුවන් වේවිද? පොඩ්ඩක් උත්සහා කරලා බලන්න.

 

HTML වල ඉතිහාසය

අපි මේ භාවිතා කරන HTML වල පියා තමා ටීම් බර්නස් ලී මහතා. මොහු 1991 වසරේදී නිපදවන HTML අදවන විට HTML5 දක්වා වර්ධනය වී තිබෙනවා. එම නිසා මොහු අප කාටත් අමතක නොහැකි අමරණීය චරිතයකි. HTML හි ගමන්මග පහත පරිදි දැක්විය හැක.

  • November 24, 1995 HTML 2.0
  • January 14, 1997 HTML 3.2
  • December 18, 1997 HTML 4.0
  • December 24, 1999 HTML 4.01
  • October 28, 2012 HTML5
  • November 1, 2016 HTML 5.1

 

හරි අපි මේ HTML කියන්නේ මොකක්ද, මේවායේ භාවිතය මොන වගේද හා ඉතිහාසය අපි දැනගත්තා, මම මුලින් සදහන් කලා මෙම භාෂාව නිර්මාණයට අති විශාල Tags ප්‍රමාණයක් තියෙනවා කියලා. එම tags අතර තමා css,js වැනි තවත් භාෂා අන්තර්ගත කරලා ඉතා අලංකාරවත් වෙබ් පිටු නිර්මාණය කරන්නේ.

HTML Basic Tags example:-

උදාහරණයක් ලෙස පහත සටහන බලන්න. My Heading / Example paragraph යනුවෙන් සදහන් කර ඇති ටික පමණක් අපට Web Browser තුළින් පෙන්නුම් කරනවා. ඇයි අපට අනිත් Text පෙන්නුම් කරන්නේ නැත්තේ.? මේක භාෂාවක් කියලා මම ඉහත සදහන් කලා, දී ඇති HTML භාෂාවන් ඔබ භාවිතා කරන  Web Browser මගින් හදුනගෙන අපට පෙන්නුම් කිරීමට අවශ්‍යය දේ පමනක් හදුනගෙන පෙන්නුම් කරනවා. එසේ හදුනගනු ලබන්නේ HTML TAGS මගිනි.

 

වර්ථමානය වන විට HTML5 දක්වා වර්ධනය වී ඇති අතර එහි භාවිතය මෙසේ විය,

අපි ඒ සෑම දෙයක්ම slgeek තුළින් ඉදිරියේදී සාකච්චා කරමු. ඔබේ වටිනා අදහස් සදහන් කරලා යන්න අමතක කරන්න එපා.

සුභ දවසක්!

අදහස් දක්වන්න

අදහස්

‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,

ඔබත් දැන්ම ගීක් කෙනෙක් වෙන්න!

You have successfully subscribed to the Geek

There was an error while trying to send your request. Please try again.

SL Geek LK will use the information you provide on this form to be in touch with you and to provide updates and marketing.

ස්මාර්ට් ගීක් කෙනෙක් වෙන්න! ගීක් මොබයිල් ඇප් එක දාගන්න.

Download Geek App now

Please Vote US! logo