සුභ දවසක් හැමෝටම,

අද අපි කතා කරන්න යන්නේ Hotlink Protection එක ගැන.මේක අපෙ වෙබ් අඩවියේ වේගය හා සම්බන්ධ වෙන්නේ කොහොමද කියලත් මම කියන්නම්.

මොකක්ද මේ Hotlink කියන්නේ?

හිතන්න ඔයා සයිට් එකේ Content එකට image එකක් දානවා. ඒ image එක ඔයාගේ Server එකේ තියෙනවනම් මේ විදිහට දාන්න පුළුවන් කියලා අපි ඉහත පාඩම් වලදී කියලා දුන්නා.

බලන්න මේ image.jpg කියන එක තියෙන්නේ ඔයාගේ Server එකේ, ඒ නිසා ඒක ගැටළුවකින් තොරව ඔයාගේ Content එකේ Load වෙනවා.

බලන්න මේ image එක තියෙන්නෙ වෙනත් Server එකක. ඒ image එක එයාලා අයින් කලොත් ඔයාගේ සයිට් එකෙනුත් එක නැතිවෙලා යනවා.එයාලගේ bandwidth issues වැනි ගැටළු ඇති උවහොත් ඔයාගේ ඒ image එක ලෝඩ් වෙන එක ප්‍රමාද වෙනවා,එහෙම නැත්නම් ලෝඩ් නොවේවි. වෙනත් සර්වර් එකක images හෝ කිසියම් file එකක් තවත් වෙන Server එකක් තුළ භාවිතා කරන්න ලින්ක් කලොත් ඒක හදුන්වන්න පුළුවන් Hotlink එකක් කියලා.

අපි මේ Protection එක කරන්න ඕන ඔයාගේ වෙබ් අඩවියට. ඒ මොකද ඔයාගේ Web Content එකේ images වෙනත් Web එකකට ලින්ක් කරන එක වලක්වන්න,

ඇයි එහෙම වලක්වන්න හදන්නේ?

හිතන්න,ඔයාගේ වෙබ් Content එකේ වටින,වැදගත් images තියෙනවා කියලා ,ඒ images වල සම්පූරණ අයිතිය තියෙන්නේ ඔයාට. ඔයා කැමති නැත්නම් වෙන අය මේ images එයාලගෙ web content එකට ඇතුළු කරනවට, මේ Hotlink Protection ඒ සදහා භාවිතා කරන්න පුළුවන්. එමෙන්ම ඔයාගේ web content එකේ තියෙන images වෙන වෙබ් article ලියන,බ්ලොග් ලියන අය ඔයාගේ ඒ image එකේ link එක කරන් එයාලගේ post වලට අන්තර්ගත කරයි. අපි හිතමු වෙබ් අඩවි 1000ක් ඔයාගේ image links එයාලගේ පොස්ට් වලට embered කලා කියලා.ඒ images load වෙන්න ඔයාගේ Server එකට Request 1000ක් යනවා. මොකද ඔයාගේ Server resource එකක් නිසා. ඔයාගේ වෙබ් හොස්ට් එකේ Bandwidth මදිනම් ඔයාට Bandwidth issues වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. Site එක Slow වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් වලින් වැලකී සිටින්න තමයි මේ Hotlink Protection ඔයාගේ වෙබ් එකට Configure කරගන්න ඕනේ. කෙටියෙන්ම කිව්වොත් ඔයාගේ images කාටවත් එයාලගේ පෝස්ට් වලට දාගන්න බෑ.

Hotlink Protection Enable කරගන්නේ කොහොමද?

ඔයාගේ Web Host එකට මෙම සේවාව දැනටමත් නොමිලයේ ලබාදීලා ඇති. පහතින් සදහන් කරන්නම් පියවරෙන් පියවර.

  1.  Cpanel එකේ Security වල ඇති Hotlink Protection එකට යන්න.


2. දැ න් Hotlink Protection Configure කරගන්නයි තියෙන්නේ.

  • A – මෙතන තියෙන්නේ Protection Enable කරන්න පුළුවන් Site List එක.
  • B – මෙතන Protect කරන්න අවශ්‍යය Image format ටික.
  • C – මෙතන දාන්න Home page එකෙ ලින්ක් එක. මේ Redirect The request to the following URL කියන්නේ කවුරුහරි ඔයාගේ image url එකක් එයාලගේ web content එකක link කරන්න ගියොත් image එකේ link එක Redirect වෙලා යන්න ඕන තැන.
  • D  – Submit ක්ලික් කරන්න


3. දැන් සාර්ථකව Hotlink Protection Enable වී අවසානයි.

 

මේ Hotlink protection enable කරගෙන, තමන්ගේ Web content එකට තමන්ගේ server එකේ තියෙන images භාවිතා කරන්න හුරුවෙන්න. ඔයාට වෙනත් Web එකක තියෙන image එකක් ඕනෙනම් ඒක පරිගණකට බාගෙන ඔයාගේ Server එකට Upload කරලා ගන්න. ඒ දේවල් වලිනුත් ඔයාගේ website එක වේගවත් කරගන්න ලොකු උදව්වක් වේවි. එමෙන්ම වෙබ් අඩවියේ Bandwidth Save කරගන්න වගේ දේවල් වලට ලොකු උපකාරයක් වේවි. මේ වගේ වෙබ් අඩවි‍ය වේගවත් කරගන්නා ලිපි පෙලක් ලියලා තියෙනවා,ඔයාලට ඒවා බලන්න පුළුවන් මෙතනින්. වෙබ් අඩවිය වේගවත් කරගන්න, #පාඩම4

එහෙනම් හැමෝටම සුභ දවසක්,

 

අදහස් දක්වන්න

comments

  • පට්ට ලිපියක්
  • සතුටු දායකයි
  • අපරාදේ
  • වැඩක් නෑ
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,