සුභ දවසක් හැමෝටම,

හරි අපි කලින් දවසක කතා කලා LK Domain එකක් ගන්නේ කොහොමද,ඒක Configure කරගන්නේ කොහොමද කියලා. ඒ ලිපිය බලන්න මෙතනින් යන්න – LK Domain නාමයක් මිලදී ගැනීම හා Configure කිරීම.

හරි අද අපි බලමු නොමිලේ අවුරුද්දකට හරියන්න tk domain එකක් ගන්නෙ කොහොමද කියලා. Godaddy tk domain එකක් වගේ බැළුවොත් $19.99 වගේ වෙනවා for 1 year. paid නැතිව නිකන් ගන්න තියෙනවනම් ගොඩක් වටිනවා. අපි මේ Domain එක ගන්න යන්නේ www.dot.tk කියන සයිට් එකෙන්. ගොඩක් අය දන්න හදුනන සයිට් එකක්.අවුරුදු ගණනාවක් එක දිගට මෙම සේවාව ලබාදෙනවා. වැඩි විස්තර මෙතනින් බලාගන්න පුළුවන්. මේකෙදි මාස 1 සිට මාස 12 දක්වා කැමති පරාසයකට මෙම නොමිලේ ලබාදෙන දීමනාව අත් විදින්න පුළුවන්. මාස 12 ඉවර උනාම ඔයාට ඒ ඩොමේන් එක සදහා වාර්ෂිකම $9ක මුදලක් ගෙවීමට සිදුවෙනවා. අපි බලමු කොහොමද අවුරුද්දකට හරියන්න මෙම සේවාව ලබාගන්නේ කියලා.

මෙන්න මේ සයිට් එකට යන්න.  http://www.dot.tk/

Search bar එකක් තියෙනවා නේද පහල. ඔයාට ලබාගන්න අවශ්‍යය ඩොමේන් නාමය සදහන් කර Search කරන්න. එම නාමය භාවිතයේ නැත්නම් පහත පරිදි දිස්වේවි.

දැන් ලබාගැනීමට අවශ්‍යය ඩොමේන් නාමය ඉදිරියෙන් Get It Button එක ක්ලික් කරන්න.ඉන් පසු Checkot ක්ලික් කරන්න.ඉන් පසු පහත පරිදි දිස්වේවි,

ඔයාලට මෙතනදී මෙම වෙබ් අඩවිය තුළ ලියාපදිංචි වීමට සිදුවනවා. ඔයාගේ ඊමේල් එකෙන් හෝ දකුණු පස ඇති Google/Facebook/Live යන ඕනම Account එකක් භාවිත කරලා ලියාපදිංචි වෙන්න පුළුවන්. ගොඩක් දෙනා ෆේස්බුක් , ගූගල් අකවුන්ට් එකක් භාවිතා කරනවනේ. ඒ නිසා ඒ දෙකෙන් එකක් දෙන්න,

හරි දැන් ඔයා join වෙලයි ඉන්නේ. පහත පරිදි පේජ් එකක් ඒවි Domain එක Configure කිරීමට.

A.මෙතනින් ඔබට මෙම ලබා ගත් ඩොමේන් නාමය වෙනත් Domain එකකට Forward කරගන්න පුළුවන්.

B.මෙතනින් ඔබට ඔබේ වෙබ් අඩවියේ DNS Servers යොදාගන්න පුළුවන්.

C.මෙතනින් ඔබට ඔබේ Domain එක වලංගු කාල සීමාව තෝරගන්න පුළුවන්. මාස තුනක් ලෙසයි Default එන්නේ. එතන ක්ලික් කර ඔබට අවශ්‍යය මාස ගාන තෝරාගන්න.

මම මෙතනින් Use DNS >> Use your own DNS කියන එක Click කරනවා, මගෙ cpanel එකට Domain එක කරගන්න ඕන නිසා. එවිට මෙලෙස දිස්වේවි.

මෙතන සදහන් කරන්න තියෙන්නේ Hosting Nameservers . ඒකට ඔයාගේ Hosting Provider දෙන Nameservers දෙක මෙතන සදහන් කරලා Continue කරන්න. එච්චරයි. දැන් ඔයාගේ Domain එකේ වැඩ ඉවරයි. ඔයාට දැන් පුළුවන් Cpanel >> Addon domain එකට ගිහින් ඔයාලා ගත්තු Domain එක add කරගන්න. ඒ ගැන මේ පෝස්ට් එකේ සදහන් කරලා තියෙනවා,

එහෙනම් හැමෝටම සුභ දවසක්, ගැටළු සහගත දෙයක් තිබුනොත් අහන්න.

 

අදහස් දක්වන්න

අදහස්

Share your vote!


  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,

ඔබත් දැන්ම ගීක් කෙනෙක් වෙන්න!

You have successfully subscribed to the Geek

There was an error while trying to send your request. Please try again.

SL Geek LK will use the information you provide on this form to be in touch with you and to provide updates and marketing.

ස්මාර්ට් ගීක් කෙනෙක් වෙන්න! ගීක් මොබයිල් ඇප් එක දාගන්න.

Download Geek App now - 4Mb Only