සුභ දවසක් හැමෝටම. මේක තමා WordPress පාඩම් මාලාවේ පලමු ලිපිය. මුල ඉදන් Beginner කෙනෙක් විදිහටම පටන් ගනිමු. මේ ලිපියෙන් WordPress ගැන මූලික අවබෝධයක් ලබාගනිමු.

WordPress කියන්නේ අපි කොයි කවුරුත් දන්න ජනප්‍රිය cms(Content Management System) එකක්. මේ cms එක නිල වශයෙන් නිකුත් කරලා තියෙන්නේ 2003 වර්ශයේ මැයි 27 වෙනිදා. ඒ කියන්නේ මේ WordPress වලට අවුරුදු 17ක් විතර ඉතිහාසයක් තියෙනවා. Matt Mullenweg හා Mike Little යන ම්ෘදුකාංග නිර්මාණකරුවන් විසින් තමා මේ WordPress Open Source Platform එකක් විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. එදා ඒ දෙපල නිර්මාණය කරපු WordPress දැනට ලෝකයෙන් මිලියන 60කට වැඩි පිරිසක් භාවිතා කරනවා. ඒ කියන්නේ 30% වැඩි වෙබ්  අඩවි ප්‍රමාණයක් නිර්මාණය කරලා තියෙන්නේ මේ WordPress වලිනුයි. php හා SQL මෙහි මූලික පාදම කිවහොත් නිවැරදියි,

 

WordPress භාවිතය හරිම පහසුයි සරලයි.

 

CUSTOMIZABLE DESIGNS – හරිම පහසුවෙන් ඉතා නිර්මාණශීලී විදිහට WORDPRESS SITE එකක්  CUSTOMIZE කරන්න පුළුවන්. ඒ සදහා අති විශාල WORDPRESS THEMES ප්‍රමාණයක් අපිට WORDPRESS DEVELOPERSලා විසින් නිර්මාණය කරලා දීලා තියෙනවා.

SEO Friendly – (SEO- Search Engine Optimization) හරිම පහසුවෙන් සෙව්ම් යන්ත්‍ර සමග වැඩකරන්න පුළුවන්. හොද SEO Speed එකක් තියෙනවා.ඒ වගේම අපිට අවශ්‍ය විදිහට Search Results Customize කරන්නත් පහසුකම් සලසලා දීලා තියෙනවා.

Responsive Mobile Site – ඔයා Mobile view එක ගැනත් සැලකිලි වන කෙනෙක්නම් ඒකට හොදම cms එක තමා මේ WordPress. අපිට  Smoothly වෙබ් අඩවියක් හදාගන්න පුලුවන් මේ WordPress වලින්. ඒ කියන්නේ Responsive look එක Customize ක‍රගන්න පුලුවන්. ලස්සන Responsive Mobile view එකකුත් අපිට බලාගන්න පුලුවන් මේ  WordPress තුලින්.

High Performers – WordPress platform එකෙන් හරි අපූරුවට සෑම feature,Process එකක්ම Powerfull  විදිහට Control  කරනවා.හොද වේගයක් ඔයාගේ WordPress වෙබ් අඩවියට ලබාගන්න පුළුවන්.

High Security – ආරක්ශාව අතින්ද ඉහල තත්වයකින් තියෙන හොද cms එකක්.

Powerful Media Management –  ඉතා පහසුවෙන් හා ඉක්මනින් Media Files වැනි දේ සමග වැඩ කිරීමට අවස්ථාව මේ WordPress සලසලා දීලා තියෙනවා.

 

ඒ වගේම WordPress  සදහා මේ වන විට 45,000 කට අධික Plugins ප්‍රමාණයක් නිර්මාණය කරලා තියෙනවා. මේ නිසාම ඉතා උසස් තත්වයේ වෙබ් අඩවි නිර්මාණය කරන්න පුළුවන් මේ  WordPress වලින්.  ඔයා ආසද ebay වගේ shopping site එකක් හදන්න? ඔන්න එහෙනම් මේ WordPress භාවිතා කරලා Online Shopping Site එකකුත් සෑදීමේ හැකියාව තියෙනවා.

WordPress භාවිතයෙන්  ඔබට Blog or Personal Website,Business Website,eCommerce Website,Job Board website,Business Directory website,Question & Answer Website,NonProfits and Religious Websites,Portfolio Websites,Online Communities,Coupon Website,Auction Websites,Multilingual Websites,Knowledgebase / Wiki Websites,Podcasting Websites,Niche Affiliate Websites, Photography Websites,School or College Websites,Private Blogs,Family Blogs වැනි අති විශාල වෙබ් අඩවි නිර්මාණය කරගැනීමට පහසුකම් සලසා දී තිබෙනවා.

මේ තියෙන්නේ WordPress වලින් නිර්මාණය උනු වෙබ් අඩවි කිහිපයක්.

 

 

 

 

 

WordPress.com

ඔයාලට WordPress.com භාවිතා කරලා නොම්ලයේ වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් සාදාගන්න පුළුවන් හරියට Blogspot වගේ. ඔයාලගේ වෙබ් අඩවියේ Domain නාමය සැකසෙන්නේ  Sub domain එකක් ලෙස අගට WordPress.com එකතු වීමෙනි. උදා: yourdomain.wordpress.com අපිට Default domain name එක වෙනුවට අපේම Domain එකක් (yourdomain.com) Configure කරගැනීමටද පහසුකම් සලසා දී ඇත.

WordPress.org

 

WordPress.org වෙතින් ඔබට WordPress cms එක zip ගොණුවක් ලෙසයි  Download කරගත හැක්කේ. ඔබගේ Hosting Cpanel >> File Manager තුළ මෙම ගොනුව Extract කර  Wordpress install කරගත හැක. එමෙන්ම ඔබගේ Cpanel තුල ඇති Auto Script Installer මගින්ද පහසුවෙන් WordPress ස්ථාපනය කරගත හැක. මෙයට  domain,hosting සදහා අමතර වියදමක් දැරීමට සිදුවේ.

 

මම හිතනවා WordPress Beginner කෙනෙක් විදිහට WordPress කියන්නේ මොකක්ද, WordPress වලින් නිර්මාණය කරන්න පුළුවන් වෙබ් අඩවි මොනවද, WordPress භාවිතා කිරීමෙන් ඇති වාසි මොනවද කියලා දැනගන්න ඇති. WordPress වලින් කරන්න පුළුවන් තවත් බොහෝ දේ මේ WordPress පාඩම් මාලාව තුළින් අපි අරන් එනවා.ඒ නිසා අපිත් එක්ක දිගටම රැදෙන්න,අපිත් එක්ක එකතු වෙලා ඉන්න. මීලග පාඩම තමා Hosting එකකට WordPress install කරගන්නේ කොහොමද කියලා. අදහස් දක්වන්න අමතක කරන්න එපා. හැමෝටම සුභ දවසක්!

අදහස් දක්වන්න

අදහස්

‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,

ඔබත් දැන්ම ගීක් කෙනෙක් වෙන්න!

You have successfully subscribed to the Geek

There was an error while trying to send your request. Please try again.

SL Geek LK will use the information you provide on this form to be in touch with you and to provide updates and marketing.

ස්මාර්ට් ගීක් කෙනෙක් වෙන්න! ගීක් මොබයිල් ඇප් එක දාගන්න.

Download Geek App now