Follow me

Facebook Geek

Facebook Geek යනු ෆේස්බුක් තුළ පළවන වටිනා Geek ලිපි ගීක් ඔබ වෙතට ගෙන එන නව විශේෂාංගයකි. ඔබටත් මෙවන් ලිපි හමුවුවහොත් අප ෆේස්බුක් පිටුව වෙත දන්වන්න.
Facebook Geek
Follow me

Google crowdsource කියන්නේ Google සමාගමේ තවත් එක් ව්‍යාපෘතියක් මේ හරහා Google සමාගම සිදු කරනුයේ කලාපීය වශයෙන් කලාපීය ප්‍රගුණයින් හරහා Contribution ලබාගෙන එම දත්ත Process කර Google Maps, Google Lens, Google Assistant යන App වල වැඩිදියුණුව සිදු කිරීමයි.මේ හරහා එදිනෙදා එම App භාවිතයට ගන්නා පරිශීලකයන්ගේ සුවපහසුව වැඩිදියුණු කිරීමයි.

ශ්‍රී ලංකා Google Crowdsource සමූහයේ අතිසාර්ථක Event කිහිපයෙන් පසු එනම් SLIIT ,SLIATE, IIT, NSBM හි පැවැවූ Event වලින් පසු ලංකාවේ අනන්‍යතාව ලොවට ගෙන යාමේ අරමුණ පෙරදැරිව පසුගිය ජුනි මස 26 දින Google Crowdsource රජරට හමුව 150 ක සිසුන් සහභාගිත්වයෙන් අති සාර්ථකව සිදු විය.

මෙහිදී ප්‍රථමව Google Crowdsource Sri Lanka සමූහයේ නිල නියෝජිත තිශාන් රසංගික විසින් Google Crowdsource පිලිබද හැදින්වීමක් කල අතර එහිදී ඔහු Google හි Machine Learning සිදුවන ආකාරය හා ඉදිරිය පිලිබද ඉගියක් දක්වමින් කියා සිටියේ නොදුරේම Google Assistant සිංහලෙන් කථා කරවි ලෙසයි.

ඉන් පසු තරිදු රන්දීප , Google Crowdsource Sri Lanka සමූහයේ  Assistant Digital Marketing Lead විසින් How To Buildup Successful Community යන තේමාව ඔස්සේ දේශනය ගෙන ගිය අතර එහිදී ඔහු පැහැදිලි කර සිටියේ සාර්ථක Community එකක් Buildup කලයුතු ආකාරයයි.

පසුව චමෝද් සදරු ,Digital Marketing Lead විසින් Machine Learning with Crowdsource යන තේමාව යටතේ ඉතා හරවත් දේශනයකින් පැමිණ සිටින පිරිස දැනුවත් කරන ලදි.

දේශන සියල්ල අවසානයේ රජරට විශ්වවිද්‍යාලයේ සිටින Top Contributers ලා හට ත්‍යාග ප්‍රදානය සිදු කරන අතරම මෙම ඉසව්ව රජරට Information and  Communication Technology සිසු කන්ඩායම විසින් සංවිධානය කරන ලදි.

ඔබත් මෙවැනි ආකාරයේ Event ඔබගේ පරිශ්‍රයේ පැවැත්වවීමට කැමති නම් ඔබටත් පුලුවන් Sri Lanka Google Crowdsource සමූහය සම්බන්ද කරගන්න.

අදම ඔබත් Google Crowdsource App භාගත කරගෙන Contribute කිරීම අදම අරඹන්න. භාවිතා කරන විදිය පහත වීඩියෝවෙන් බලාගන්න පුළුවන්.. මේ ගැන වැඩි විස්තර දැනගැනීමට ggs.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

අදහස් දක්වන්න

අදහස්

‌රැදී සිටින්න...

ඔබත් ගීක් කෙනෙක්ද?

අලුත්ම Geek ලිපි එසැනින් ලබාගන්න අපිව Subscribe කරන්න. දැනුම සොයා යන තරුණ ඔබත් එන්න,ගීක් කෙනෙකු වන්න,

ඔබත් දැන්ම ගීක් කෙනෙක් වෙන්න!

You have successfully subscribed to the Geek

There was an error while trying to send your request. Please try again.

SL Geek LK will use the information you provide on this form to be in touch with you and to provide updates and marketing.

ස්මාර්ට් ගීක් කෙනෙක් වෙන්න! ගීක් මොබයිල් ඇප් එක දාගන්න.

Download Geek App now