a
a
HomeApps & SoftwareGoogle සේවා අවශ්‍යද ?

Google සේවා අවශ්‍යද ?

Google සේවා එහෙම නැත්නම් අපි හැමෝම දන්න Google services කියන්නේ එදා ඉදන් Android devices හැම එකක් එක්කම ආපු දෙයක්. මේ එක්ක Google apps කිහිපයක්ම built in ලැබුනා. කොහොම නමුත් කාලය ගත වෙත්ම මේවා අපිට නැතුවම බැරි apps වුනා. කොහොම නමුත් මේ වෙද්දීත් ලෝකේ නම දිනාගෙන තියන brands කිහිපයකට මේ වෙද්දීත් google අහිමි වෙලා තියනවා වගේම ඉදිරියේදී තවත් brands වලට මේ තත්වෙට මුහුණ දෙන්න වෙන්න පුළුවන්.

Google services එක්ක මේ තියන apps හැම එකක් ම අපි හිතෙනවට වඩා වැදගත්. මොකද location services වල ඉදගෙන බොහෝ දේවල් මේ එක්ක වැඩ කරන්නේ නැතුව යනවා. ඉතින් මෙතන ප්‍රශ්නයක් තියනවා.

ඒ වගේම අද වෙද්දී අපිට නැතුවම බැරි YouTube, Google Maps ඇතුළු apps කිහිපයක් අපිට APK පාවිච්චි කරලවත් install කරගන්න බැරි බව අපි දන්නවා google services නැත්නම්. එත් එක්කම Uber, pickme වගේ location base වෙලා හැදිච්චි apps පවා තව දුරටත් පාවිච්චි කරගන්න බැරි වෙනවා.

Alternatives to Google Services: Don't allow Google to control your life –  MojoMedia.Pro

මේකට විසඳුමක් විදියට alternative app stores සහ alternative apps හඳුන්වා දුන්නත් මේවා කොච්චර දුරට ප්‍රයොගිකද කියන ප්‍රශ්නය තියනවා. මොකද අපි බලාපොරොත්තු වන සෑම සියලුම app එකක්ම මේවා එක්ක ලබාදෙන්න හැකියාවක් නැති නිසා.

කොහොම වුනත් අපි පිළිගන්න ඕනේ Google services ඇතුළු google apps මේ වෙද්දීත් අපි අතරට ඇවිත් දැන් නැතුවම බැරි දෙයක් වෙලා තියනවා. playstore එක කියන්නේ ඕනෑම කෙනෙක්ට ලේසියෙන්ම app එකක් දාගන්න පුරුදු තැන. ඉතින් ඉදිරියේදී අපි දන්නා ප්‍රසිද්ද brands ගණනාවකට google සේවා නැති වෙන්න පුළුවන්. එහෙම වුනොත්……. විසඳුම් දෙකයි. එකක්, එම brands විසින් ගොඩක් powerful appstore alternative සේවාවන් ලබාදීම හෝ වෙන brand එකකට මාරු වීම.

Comments

comments

Latest comment
  • Avatar

    අයියේ ප්‍රශ්නයක් ඇහුවා facebook page එකේ පුලුවන්නම් reply එකක් දාන්න

leave a comment

Skip to toolbar